දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරමින් එක්සත් ජාතික පක්ෂයට නව පණක් ලබා දීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සිය ස්තූතිය පළ කළේය.

විශ්වාසංභංග යෝජනාව සම්බන්ධයෙන් මේ වන විටත් පාර්ලිමේන්තුවේ පවතින විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පැවසීය.

එක්සත් ජාතික පක්ෂය වත්මන් ආණ්ඩුව යටතේ මැතිවරණ 3කට පෙනී සිටි බවත් ඉන් එකක් ලෙස විශ්වාසභංග යෝජනාව පෙන්විය හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔක්සිජන් නොමැතිව සිටි එක්සත් ජාතික පක්ෂයට නිසි පණක් ලබා දීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කළ බැවින් එයට තමා ස්තූති වන බව පැවසු අමාත්‍යවරයා ආණ්ඩුව පෙරළීමට විශ්වාසභංගය ගෙනාව ද අද එය ජයගැනීමට නොහැකිව සිටින බව ද සඳහන් කළේය.

කෙසේ වෙතත් 2020 ජාතික මැතිවරණය වෙන තුරු ඉතා ශක්තිමත් ලෙස එක්සත් ජාතික පක්ෂය පවතින බවත් එයට ඉතා සාර්ථකව මුහුණ දෙන බවත් පැවසු අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ පවතින වැරදි අඩුපාඩු හදා ගනිමින් ඉදිරියට කටයුතු කරන බව ද පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More