අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට කටයුතු කළ කිසිවෙකුටත් හෙට දිනයේ ආණ්ඩුව නියෝජනය කළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.
උදය ගම්මන්පිල මහතා හෙට ඉර පායනවා සේ විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරන බව පැවසුවත් මේ වන විටත් පරාජය බාර ගෙන අවසන් බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
විශ්වාසභංග යෝජනා විවාදයට එක්වෙමින් මීට සුළු වේලාවකට පෙර මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 108 දෙනෙකු එක්සත් ජාතික පක්ෂය සතුව ඇති බවත් තම පක්ෂයට උදව් කිරීමට ඕනෑ තරම් මන්ත්‍රීවරු සිටින බව ද පැවසු නලීන් බණ්ඩාර මහතා, කිසි විටෙකත් පාර්ලිමේන්තු බලතල අනිසි ලෙස පරිහරණය නොකළ බව ද කියා සිටියේය.
රනිල් වික්‍රමසිංහ මහතා කවුරුන්ද යන්න මුළු මහත් රටේම ජනතාව දන්නා බවත් කිසිවිටෙකත් මුදල් භාවිතා කර මන්ත්‍රීවරු ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බව ද පැවසීය.
ඒකාබද්ධය දුටු සිහිනය මේ වන විට බොඳව ගොස් ඇති බවත්, ඔවුන්ගේ උපක්‍රමය අසාර්ථක වී ඇති බවත් පැවසු මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්‍ත්‍රීවරු නොමැති තනි එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් බිහි කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව ද කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...