අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන විත් තිබෙන විශ්වාස භංගය පරාජය කිරීමට කටයුතු කරන බව රාජ්‍ය ඇමති පාලිත රංගෙ බණ්ඩාර හා රාජ්‍ය ඇමති වසන්ත සේනානානයක මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියහ.
ඉදිරි සතියේදී සිදු කරන බව කියන එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධානය දෙස බලාපොරොත්තු සහගතව බලා සිටින බවත් ඔවුන් කීහ.
තමන් සමග එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 28 දෙනෙකු සිටින බවත් ඔවුන් සියළු දෙනාම ආණ්ඩුව රැක ගැනීම සදහා විශ්වාස භංගය පරාජය කිරීම සදහා කටයුතු කරන බවද ඔවුන් සදහන් කලහ.
කෙසේ හෝ ඉදිරි සතියේ සිදුවන බවට පොරොන්දු වී ඇති ප‍්‍රතිසංවිධානය සිදු නොකලහොත් ඉදිරියේදී දැවැන්ත පිපිරීමක් සිදුවනු ඇති බවද ඔවුහු කියා සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...