විදේශ පුවත්

ඇත්දළ අලෙවිය හා ඇත්දළවලින් තැනූ සියලූම භාණ්ඩ නිෂ්පාදනය හා අලෙවිය බි‍්‍රතාන්‍යය තුළ මුළුමනින්ම තහනම් කර තිබේ.

මෙය බි‍්‍රතාන්‍ය රජ පවුලේ විලියම් කුමරුගේ සහයෙන් කි‍්‍රයාත්මක අලි ඇතුන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලහි විශිෂ්ටතම ජයග‍්‍රහණයක් බව ද එරට වාර්තා සඳහන් කරයි. අලි ඇතුන් ආරක්ෂා කිරීමේ දැඩි පියවරක් ලෙස මෙම තීරනයට එළැඹි බව බි‍්‍රතාන්‍ය රජය සඳහන් කර ඇත.

මෙම පියවර යුරෝපයේ මෙන්ම මුළුමහත් ලෝකයේම දැඩි හා ඍජුම තහනම බව එරට වාර්තාවල දැක්වේ. මෙම නීතිය උල්ලංගනය කරන ඕනෑම අයකුට සීමා රහිත දඩ මුදලක් හා අවුරුදු 5කට වැඩි සිර දඬුවම් හිමිවන බව ද එරට වාර්තා සඳහන් කරයි.

සෑම වසරකම වන අලි ඇතුන් 20,000ක් පමණ ඝාතනයට ලක්වන බව සමීක්ෂණවලින් හෙළිවී තිබේ. එමෙන්ම ජාත්‍යන්තර වෙළෙඳාම තුළ නීතිවිරෝධී ඇත්දළ සඳහා ඇති වටිනාකම වාර්ෂිකව පවුමි බිලියන 17කට අධික බව කියැවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More