පුරවැසි කොලම

නිළ ඇඳුම උනා දමමු

September 2, 2020 6:32 am | Lanka Lead News

කුඩු යුද්ධය සහ පාතාලය ගැන කතා තවම නිමවී නැත. මේ බොහෝ කතා හිරිකිතය දනවන අතර ලොමු දැහැගන්වනද සුළුය. ඒ මේ බොහෝ කතා පිටුපස බන්ධනාගාරය, නාකොටික් පොලිසිය, එස්. ටී. එෆ්. ලොක්කන්, හිටපු  සී. අයි. ඞී. ය, රස පරීක්ෂක කාර්යාලය, පොලිස් ඕ. අයි. සී.වරු, සුරාබදු නිලධාරීන් යනාදී රටක්  යහමගට ගන්නට සිටින මෙකී නොකී රොත්තක්ම මේ ජරා ගනුදෙනු හා පාතාල ක‍්‍රියාකාරකම් පිටිපස සිටිනා නිසාය. මේ බොහොමයක් දෙනා නිළ ඇඳුම් දරන පුද්ගලයින් වීමද අපේ රට අද පත්ව තිබෙන තත්ත්වය ගැන කඳුළු කතාවක් අපට කියයි. සැබවින්ම, මෙවන් නිලධාරීන් ගැන අපි ජාතියක් හැටියට ලජ්ජා විය යුතුව තිබේ. ඉන්ද නොනැවතී මෙවන් තුප්පහි නිලධාරීන්ට අපට කියන්නට ඉතිරිව ඇත්තේ රටටත්, ජාතියටත්, තම පවුලටත්, දූ දරුවන්ටත්, නෑදෑ පරපුරටත්, පරම්පරාවටත් සිදු කරන ලද මේ අවනම්බුව වෙනුවෙන් බඩ කපාගෙන මැරෙන එක තවත් ජීවත්වනවාට වඩා හොඳයි කියන එකය.

ඒ කෙසේ වෙතත්, මෙවන් වැරදිවලට වරදකරුවන් වන අයට නීති අලූතින් සකසා හෝ එල්ලූම් ගස සූදානම් කර දෙන ලෙසද රජයෙන් ඉල්ලා සිටින්නට අප කැමතිය.

දේශපාලන හේතුන් මත විරුද්ධවාදීන් දඩයම් කළ සී. අයි. ඞී. යක් ගැන එක් පැත්තකින් අසන්නට ලැබේ. දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලෙන කොමිසමේදී අනාවරණය වන සාක්ෂි අනුව, ඇතැම් සිද්ධීන් තනිකරම දේශපාලන විරුද්ධ මතධාරීන් දඩයම් කිරීමට සිදු කළ ව්‍යාජ පැමිණිලිය. එහි ශානි අබේසේකර, ඒ. එස්. පී. තිසේරා, පොලිස් පරීක්ෂක නිශාන්ත කන්දප්පා වැන්නවුන් නීතිය අවභාවිත කර ඇත්තේ කෙලෙසක දැයි දැන් ඉතා හොඳින් පැහැදිලිවී ඇත.

එසේම, ඔවුන් නීතිය අවනීතිය කර අතයට ගනුදෙනු, කාන්තා සැප විඳි අයුරු, මුදල් හදල්, වරදාන වරප‍්‍රසාද ලබාගත් අයුරු මොනවට පැහැදිලි වේ.

එසේම, මීගමුවේ සම්පායෝ, ගල්කිස්සේ හා මීගමුවේ ඕ.අයි.සී. ලා රඟපා ඇති අයුරුත් පෙර කී නාකොටික් ලා, බන්ධනාගාර හා එස්. ටී. එෆ්. ලොක්කන් වැනි පුද්ගලයිනුත් රටට සිදුකර ඇති විනාශය සුළුපටු නොවේ. පාතාලය නමැති රස්තියාදුකරුවන් හා කුලියට මිනීමරන්නන්, කුඩු ජාවාරම්කරුවන් සිට ඇත්තේ ඉහත ජාවාරම්කාර නිලධාරීන්ගේ ආනුභාවයෙන්ම මිස වෙනත් ශක්තියකින් නොවන බව දැන් ඉතින් පැහැදිලිය.

එසේ හෙයින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණයෙන් සිදු කරන මේ මත්ද්‍රව්‍ය හා පාතාල මර්දනය පිළිබඳව ජනතාවගේ ඇත්තේ දැඩි ප‍්‍රසාදයකි. එසේම පාතාල අපරාධකරුවන් අවි ආයුධ පෙන්වන්නට ගොස් මහමගදී පොලිසියෙන් වෙඩි කා මියයන අයුරින් මීට සම්බන්ධ සියලූ නිලධාරීන් දඟගෙට හෝ එල්ලූම් ගහට නියම වනු දැකීමද ජනතාවගේ බලාපොරොත්තුවයි.

දැනටමත් අත්අඩංගුවට පත්වූවන්ගෙන් බන්ධනාගාර පිරී ඉතිරී ගොස් ඇතැයි මේ අතර බන්ධනාගාර කොමසාරිස්වරයා පවසයි. ඉකුත් කාලයේදී ජාවාරම්කරුවන් 6000 ක් දෙනා අත්අඩංගුවට පත්වීමෙන් පසු 11000 ක් දෙනාට ඉඩකඩ තිබූ බන්ධනාගාර ජාලය දැන් 29500 ක් දෙනා දක්වා ඉහළ ගොස් ඇති බව කොමසාරිස් ජනරාල්වරයා පවසයි. රටේ හැදියාව මේකෙන්ම පෙනේ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් නිදහස් වී පස්සා දොරෙන් යළි සමාජයට පැමිණීම කිසිලෙසකින්වත් තමන් අපේක්ෂා නොකරන බවට අගරදගුරුතුමා පවසන පරිද්දෙන් කුඩු හා පාතාලයන්ද යළි නිදහස් වී සමාජයට පැමිණීම ජනතාව අපේක්ෂා නොකරන කාරණයකි. එසේම, අගරදගුරුතුමා පැවසූ පරිදි සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ගේ නිල ඇඳුම් ගලවා දැමිය යුතුය කියන අයුරින්ම කුඩු හා පාතාලය මෙහෙයවූ  නිලධාරීන්ගේද ඇඳුම් උනා දැමීමද රටේම බලාපොරොත්තුවයි.

එම කටයුත්ත මෙසේ බන්ධනාගාර පිරෙන වේගයෙන්ම ඉටුවේය යන්න අප විශ්වාසය පළ කරන අතර, රට හැර ගොස් සිටින, පොලිසියේ නම කෑ ජාවාරම්කරුවන්ද වහා රටට ගෙන්වා ගතයුතු යයිද සිහිපත් කර දෙන්නට අප මෙය අවස්ථාවක් කරගන්නෙමු.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More