පුරවැසි කොලම

පළාත් සභා කරුමය ජනතාව හමුවේ යළිත් මතුවී ඇත. ඉන්දියාව විසින් 13 A  සංශෝධනය ඔස්සේ මෙරටට යොමු කළ පළාත් සභා සඳහා මහජන මුදල් ලක්‍ෂ ගණනක් වැය වේ. එහෙත් ඉන් යහපතක් සිදුවී නැත. පළාත් සභා අහෝසි කළ යුතු බව රියාර් අද්මිරාල් සරත් වීරසේකර රජයට යෝජනා කර තිබිණි. ඊට එරෙහි වී ඇත්තේ රජයේම පළාත් සභා කි‍්‍රයාකාරීන්ය. බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ යනවිට විශාල බලකොටුවක හැඩයගත් පළාත් සභාව දක්නට ලැබේ. ජනතාව බදුබරින් මිරිකී සිටියදී රජය මෙම පළාත් සභා සංකීර්ණය ඉදිකළේය. එහෙත් පළාත් සභාවලින් ජනතාවට සේවයක් සිදුවූයේද? කෘෂිකර්ම, ධීවර, ප‍්‍රවාහන ඇතුළු විවිධ ක්‍ෂේත‍්‍ර සඳහා ඇමැතිවරු දහදෙනා බැගින් සිටියා. එහෙත් ඒ ක්‍ෂේත‍්‍ර දියුණු වූයේ නැතැයි රියාර් අද්මිරාල් වීරසේකර ප‍්‍රශ්න කළේය.

ඉන්දු ලංකා ගිවිසුම යටතේ ස්ථාපිත වූ පළාත් සභා ශී‍්‍ර ලංකාව වැනි කුඩා රටකට දැරිය නොහැකි බරකි. එසේම මේ පළාත් සභා ස්ථාපිත කිරීමට ජනතාවගේ අනුමැතිය ද හිමිවී නැත. එසේ වුවත් පළාත් සභා දිගටම පවත්වාගෙන යන ලෙස ද්‍රවිඩ සන්ධානය රජයෙන් ඉල්ලා ඇත.

මන්තී‍්‍රවරු 10 කගෙන් සමන්විත ද්‍රවිඩ සන්ධානයේ මෙම ඉල්ලීම කි‍්‍රයාත්මක කිරීම සඳහා ඉන්දීය රජය විශේෂ තානාපතිවරයකු පත් කිරීමට ද යෝජනා වී ඇතැයි වාර්තා වේ.

ඉන්දියාව විසින් අටවනු ලැබූ පළාත් සභා ක‍්‍රමයට යළිත් වරක් ඉන්දියාව මැදිහත්වීම බරපතළ ප‍්‍රශ්නයකි. රටේ ජනතාවට පළාත් සභා අවශ්‍ය නොවේ නම් ඒවා අහෝසි කළ යුතුයි.

මේ පළාත් සභා ස්ථාපිත කිිරීමට මුල් වූ හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි කොටිනායක ප‍්‍රභාකරන් විසින් ඝාතනය කරනු ලැබීය. මේ පසුබිම මැද රජය පළාත් සභා අහෝසි කිරීමට කි‍්‍රයා කරන්නේ ද යන්න ගැන ඉන්දීය රෝ සංවිධානය බලා සිටී. එසේම නව ආණ්ඩුක‍්‍රම සංශෝධන කෙරේද රෝ සංවිධානය නිරීක්‍ෂණයේ යෙදී සිටී.

මේ තත්ත්වය මත පළාත් සභා යනු බෙල්ලට දමා ගත් තොණ්ඩුවකි. රජය තුළ සිටින දේශපේ‍්‍රමී කොටස්වලට පළාත් සභා අහෝසි කර ගැනීමේ අවශ්‍යතාවය ඇතත් ඊට හරස් වී ඇත්තේ ඉන්දීය රජයයි. මේ අනුව 13A සංශෝධනය ගැන නැවතත් ඉන්දීය මහකොමසාරිස් ප‍්‍රකාශයක් කිරීම ඉන්දු – ලංකා ගිවිසුමේ 2 වැනි කොටස රඟ දැක්වීම බව තහවුරු වේ. ට්විටර් අඩවිය මගින් ප‍්‍රකාශයක් කරන ඉන්දීය මහ කොමසාරිස් 13A සංශෝධනය පිළිබඳ ඉන්දියාවේ ස්ථාවරය වෙනස් වී නැති බව කියා සිටියි.

එම ප‍්‍රකාශයෙන් ශී‍්‍ර ලංකාවේ ස්වෛරීභාවයට ද තර්ජන එල්ලවී ඇත. එසේ වුවත් රජය ඉන්දියාවට එරෙහි වන්නේ නැත. මෑතකදී විදේශ ලේකම් ජයනාත් කොළඹගේ පැවසුවේ ශී‍්‍ර ලංකාවේ මුල්ම විදේශ පිළිිවෙත ඉන්දියාව බවයි. එසේ වුවත් ඉන්දියාව තම අසල්වාසී රට වූ ශී‍්‍ර ලංකාව කෙරේ යොමු කර ඇති දෘෂ්ටිය වෙනස් ය.

පළාත් සභා යටතේ ඉඩම් හා පොලිස් බලතල ද ලැබිය යුතු බව ද්‍රවිඩ සන්ධානය මෑතකදී පවසා තිබිණි. මේ පොලිස් බලතල දුන්නොත් පොලිස් දෙපාර්තමේන්තුව කැබැලි රැසකට කැඬේ. ප‍්‍රාදේශීය පොලිස් කොමසාරිස්වරුන් ද ස්ථාපිත වනු ඇත. මේ හැර උතුරු මහ ඇමැතිගේ අවසරය රහිතව පලාලි ගුවන්තොටුපළේ සිට යාපනයට යෑමට නොහැකි වේ. එය ත‍්‍රස්ත මර්දන කටයුතුවලදී බෙහෙවින් බලපායි. මුම්බායි නගරයට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ නවදිල්ලියේ සිට කමාන්ඩෝ භටයන් එවීම සඳහා මහාරාෂ්ට‍්‍ර මහඇමැතිගේ අවසර ලබාගැනීමට මධ්‍යම රජයට සිදු විය. මෙයට අමතරව කොංග‍්‍රස් නායිකාව සිටි සෝනියා ගාන්ධිට ඉන්දු කාශ්මීරයේ ශී‍්‍ර නගර් ගුවන්තොටුපළින් එළියට ඒමට එම ප‍්‍රාන්තයේ මහඇමැතිගෙන් අවසර ගැනීමට සිදු විය. මෙවන් පසුබිමක් මැද පළාත් සභා ස්ථාපිත කිරීමට මුල් වූ ඉන්දු ලංකා ගිවිසුම කෙරේ අවධානය යොමු විය යුතුය. එම ගිවිසුමට අනුව උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමට ජනමත විචරණයක් අවශ්‍ය ය. 1988 දෙසැම්බර් 31 වැනිදා මේ ජනමත විචාරණය පැවැත්විය යුතුව තිබුණත් ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන එය කල් දැමීය. ඒ වෙනුවට ජනපති ජයවර්ධන කළේ ජනතාවගේ මතය විසිකර 1988 සැප්තැම්බර් 02 දා උතුරු

නැගෙනහිර ඒකාබද්ධ කිරීමයි. 1988 නොවැම්බර්  19 වැනිදා ඒකාබද්ධ උතුරු නැගෙනහිර පළාත් සභා මැතිවරණය පැවැත්වුණි.

මෙම මැතිවරණයෙන් වර්ධරාජා පෙරුමාල් මහ ඇමැති විය. එම උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමට ශී‍්‍ර ලංකාවේ භූමි ප‍්‍රදේශයෙන් 1/3 ක් අයත් විය. එසේම මහ ඇමැති ලෙස පත්වූ වර්ධරාජා පෙරුමාල් යෝජනාවක් මගින් උතුරු නැගෙනහිර ඊළාම් රාජ්‍යයක් ප‍්‍රකාශයට

පත් කරනු ලැබීය. මේ අතර 2006 ඔක්තෝබර් 16 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම නිතිවිරෝධී බවට තීන්දු කෙරුණි.

ඒ අනුව 2008 මැයි 10 වැනිදා නැගෙනහිර පළාත් සභාව සඳහා ඡුන්ද විමසීම පැවැත්විණි. එහෙත් 2013 සැප්තැම්බර් 21 වැනිදා වනතුරු පළාත පාලනය කරන ලද්දේ රජයයි.

මේ නිසා පළාත් සභා ක‍්‍රමය ආරම්භයේ සිටම අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබිණි.

මෙවන් වාතාවරණයක් මැද පළාත් පාලන රාජ්‍ය ඇමැති සරත් වීරසේකර මහතාගෙන් අප පළාත් පාලන අහෝසි කළ යුතු ද යන්න ගැන විමසුවෙමු. පළාත් සභා අහෝසි කළ යුතු ද යන්න ගැන මගේ නිර්දේශ මම රජයට ලබා දෙනවා. එහෙත් රජය පළාත් සභා අහෝසි කිරීම ගැන තවම තීරණයක් ගෙන නැහැ. මම නිර්දේශ ලබාදුන්නට පසු අගමැති, ජනපති සහ කැබිනට්ටුව ඒ ගැන සාකච්ඡුා කරයි’’ යැයි රියර් අද්මිරාල්වරයා කියා සිටියේය. මේ අතර රටේ ජනතාව 2/3 ක බලයක් රජයට ලබා දුන්නත් ඉන්දියාව තම ස්ථාවරය වෙනස් කර නැත.

පළාත් සභා අහෝසි වන බවට පැතිර ගිය තොරතුරු මත ද්‍රවිඩ සන්ධානය ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බැග්ලේ හමුවීමෙන් පසු ඔහු ට්විටර් පණිවුඩයක් ප‍්‍රකාශයට පත් කළේය. එහි සඳහන් වූයේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම කි‍්‍රයාත්මක කළයුතු බවයි. මෙය තර්ජනයක් නොවේද?

එම සංශෝධනය මුළුමනින්ම කි‍්‍රයාත්මක කළ යුතු යැයි කියන්නේ ඉඩම් සහ පොලිස් බලත දියයුතුයි කියාද?

මෙවන් පසුබිමක් මැද පොදු ජන පෙරමුණේ පළාත් සභා කි‍්‍රයාකාරීන් පළාත් සභා අහෝසියට එරෙහිවී ඇත. ඔවුන් ඊට එරෙහිවී ඇත්තේ ඔවුන්ගේ පැවැත්ම අහිමි වන නිසාය. තීරුබදු රහිත වාහන ඇතුළු වෙනත් පහසුකම් සඳහා වැය වන්නේ ජනතාවගේ මුදල් බව මොවුන්ට අමතක වී තිබේ.

මෙවන් පසුබිමක් මැද නැගෙනහිර පළාතේ මන්තී‍්‍ර සිවනේෂන් ද 13 වැනි සංශෝධනය පූර්ණව කි‍්‍රයාත්මක කළ යුතු බව ඉල්ලා ඇත.

13A සංශෝධනය ෆෙඩරල් යෝජනාවක් වීම මෙරට දේශපාලකයන්ට ද අමතක වී ඇත. මේ තත්ත්වය මත පළාත් සභා බර තවදුරටත් ජනතාව හමුවේ දැරිය හැකිද යන ප‍්‍රශ්නය මතුවී තිබේ. මේ වනවිට පළාත් සභා ක‍්‍රමයට එරෙහිව අවංකවම සිය විරෝධය පළ කර ඇත්තේ රියර් අද්මිරාල් සරත් වීරසේකර ඇතුළු දේශපේ‍්‍රමීන් පමණි.

පළාත් සභා ආරම්භවූ අවස්ථාවේ සිට මේ දක්වා පළාත් සභාවලට වැය වූ මුදල් ජනතාවට හෙළි වී නැත.

එසේම පළාත් සභාවලින් ජනතා අපේක්‍ෂා ඉටුවී තිබේද යන්න ගැන ද නිරීක්‍ෂණය කළ යුතු වේ.

මැතිවරණයට පෙර ද්‍රවිඩ සන්ධාන මන්තිී‍්‍ර එස්. ශී‍්‍රධරන් ප‍්‍රකාශයක් කරමින් ඉන්දීය රජයේ උපදෙස් හෙළි කළේය. ද්‍රවිඩ සන්ධානය මෙවර මැතිවරණයේදී ආසන 20 ක් ගත යුතු බව ඉන්දීය රජය පවසා තිබිණි. එහෙත් ද්‍රවිඩ සන්ධානයේ ආසන සංඛ්‍යාව 16 සිට 10 දක්වා අඩු විය. තමිල් අරසුකච්චි නායක මාවයි සේනාධිරාජා පවා පරාජය විය.

එසේ වුවත් සී. විග්නේශ්වරන් උතුරේ මහ ඇමැති ලෙස කි‍්‍රයා කරද්දී කටයුතු කළ ආකාරය විමසා බැලිය යුතුයි. කැනඩාවේ ඩයස්පෝරාව ඔහුට අරමුදල් දුන්නේය.

ඔහු විදේශ තානාපතිවරු හමුවී ශ‍්‍රී ලංකාවට එරෙහිව පැමිණිලි කරනු ලැබීය. විදේශ රටවලින් සෘජුව අරමුදල් ලබා ගැනීමට ඉඩ දිය යුතු බවද ඔහු පළ කළේය.

අද ඔහු ප‍්‍රසිද්ධියේ පවසන්නේ කොටි සංවිධානය ත‍්‍රස්ත සංවිධානයක් නොවන බවයි. මෙය අදහස් ප‍්‍රකාශ කිරීමක් ද එසේත් නැත්නම් කොටින්ට සුදුහුණු ගෑමක්ද?

මෙවන් තත්ත්වයක් මැද ඉන්දීය රජය යාපනයේ සහ හම්බන්තොට කොන්සල් කාර්යාල දෙකක් ස්ථාපිත කර තිබේ.

මේ අතර ජාතික සංවිධාන එකතුවේ සම සභාපතිවරුන් වූ කර්නල් අනිල් අමරසේකර සහ විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කොටකදෙණිය ද පළාත් සභා අහෝසි කළ යුතු යැයි පවසා ඇත.

මෙලෙස පළාත් සභාවල අතීතය හෙළිවෙද්දී හිටපු පළාත් සභා මන්තී‍්‍රවරු දෙදෙනෙක් පළාත් සභා අහෝසි කිරීමේ ප‍්‍රකාශවලට එරෙහිවී ඇත. එහෙත් පළාත් සභාවලට මග පෑ¥ ඉන්දු ලංකා ගිවිසුම හිටපු ජනපති ජේ. ආර්. ජයවර්ධන අත්සන් කරද්දී සහ හිටපු උතුර නැගෙනහිර මහ ඇමැති වර්ධරාජා පෙරුමාල් නම් බෙදුම්වාදියා පළාත් සභාවට මුවාවී ඊළාම් රාජ්‍යය ප‍්‍රකාශයට පත් කරද්දී මේ මන්තී‍්‍රවරු දෙදෙනා සිටියේ කොහේද? රටේ ජනතාව පළාත් සභා අවශ්‍ය බව පැවසුවේ නැත. එසේම පළාත් සභා සුදු අලියෙක් යැයි පැවසීම ද වැරැුද්දක් ලෙස එම මන්තී‍්‍රවරු පවසා තිබේ. පළාත් සභාවලට මහජන මුදල් රුපියල් කෝටි ගණන්ක වැය කිරීම සුදු අලියකු නඩත්තු කිරීමක් නොවන්නේද?

මේ හැර විග්නේශ්වරන් උතුරු පළාත් සභාවේ මහ ඇමැති ලෙස කටයුතු කරද්දී මුළු ශී‍්‍ර ලංකාවට ම සර්ව ලෝක නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස ඉල්ලා තිබිණි. එම ඉල්ලීමට අනුව හිටපු මානව හිමිකම් කොමසාරිස් හෙයිද් රාද් හුසේන් යුද අපරාධ චෝදනා එල්ලවූ හමුදා නිලධාරීන් 59 කට එම නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස යුරෝපා රටවල්වලින් ඉල්ලා තිබේ.

මෙයට අමතරව විග්නේශ්වරන් උතුරෙන් බුද්ධ ප‍්‍රතිමා ඉවත් කළ යුතු බව කියා සිටියේය.

එවන් තත්ත්වයක් මත මෙවැනි නරුම ඉල්ලීම් සඳහා පළාත් සභා පිහිටුවිය යුතුද?

මේ අතර පොදුජන පෙරමුණේ පළාත් සභා මන්තී‍්‍ර සංසදය පළාත් සභා මැතිවරණ කඩිනමින් පවත්වන ලෙස ඉල්ලමින් යෝජනාවක් සම්මත කර ඇත. මෙය හාස්‍යජනක තත්ත්වයකි. ජනතාව පළාත් සභා මැතිවරණ අවශ්‍ය යැයි ඉල්ලා නැති විටෙක හිටපු දේශපාලකයන්ට අවශ්‍ය ලෙස පළාත් සභා මැතිවරණ පැවැත්විය යුතුද ? ජනපතිවරණ සහ මහ මැතිවරණයට විශාල මුදලක් වැය විය. ඒ සඳහා බදු ගෙවන ජනතාවගේ මුදල් වැය විය. මේ තත්ත්වය මත ජනතාවට අවශ්‍ය දේ මිසක් හිටපු දේශපාලකයන්ට අවශ්‍ය දේ ඉටු කළ යුතුද?

රියාර් අද්මිරාල් සරත් වීරසේකර

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More