පුරවැසි කොලම

පළාත් සභා මාපිල්ලු…

September 5, 2020 2:46 pm | Lanka Lead News

පළාත් සභා රටට හඳුන්වා දුන්නේ උතුරේ ඊනියා ජනවාර්ගික ගැටළුවට විසඳුමක් ලෙසය. එහෙත් මේ පළාත් සභා අතරින් පසුගිය කාලයේ අඩුම කාලයක් සක්‍රීය ලෙස ක්‍රියාත්මක වී ඇත්තේ උතුරු නැඟෙනහිර පළාත් සභාය.

එසේම එමගින් විසඳු ජනවාර්ගික ගැටළුවක් ද නැත. 2009 විරෝදාර හමුදාව කොටි ත්‍රස්තවාදය නන්දිකඩාල් කලපුවේ ගිල්වා දමන තුරු ප්‍රශිනයට විසඳුම් ලෙස ගෙන ආ උතුරේ පළාත් සභාවක් තිබුණේ ද නැත.

එහෙයින් සැබවින් ම මේ පළාත් සභා පිළිකාව එදා නන්දිකඩාල් ජයග්‍රහණයට පසු කපා ඉවත් කළ යුතුව තිබිණි. එහෙත් එය සිදු වූයේ නැත. මෙවර 2/3ක ජන වරමක් ජනතාව ලබා දුන්නේ ඒ ත්‍රස්තවාදය පෙන්වමින් ලබාගත් බෙදුම්වාදී කප්පම් වන 13, 16 සහ 19 ආපසු හැරවීමටය.

ආණ්ඩුව ඒ වෙනුවෙන් කටයුතු කරනු මිස රණවිරු විජයග්‍රහණයට යුක්තිය ඉටු තරනු මිස ජන වරමට යුක්තිය ඉටු කරනු මිස දකුණේ පළාත් සභා අටවා ගෙන ⁣මේ රටේ සාරය උරා බොන ලේ මාපිල් රෑනකට යුක්තිය ඉටු කිරීමට කටයුතු නොකළ යුතුය.

නූගත් අමන තක්කඩි රෑනකට රජ දහනක් වී ඇති ආණ්ඩුවේ ලොකු ලොක්කන්ගේ වරිග සභා නඩත්තු කරන පළාත් සභාවලට මේ රටේ ජනතාව එරෙහි විය යුතුය. මේ හොර ගුහාව මහජන බදු මුදල් ගිලිමින් රටට සිදුකළ සත පහක සේවයක් නැත.

එහෙත් එහි මැති ඇමතිවරුන්ට පමණක් නොව දරුවන්ට පාසල් යන්න බිරිඳට ෂොපිං යන්න රජයෙි වාහන ආරක්ෂකයන් සහ රියදුරන් ලැබෙයි. වැටුපට අමතරව දීමනා, කාර්යාල, කාර්ය මණ්ඩල ආදී සිතුපැතු සම්පත්ය.

එහෙයින් මෙි පරපුටු රෑන ජනතා බදු මුදලින් සුරසැප වළඳන්නට හැකි සෑම උත්සාහයක් ම දරනු ඇත. පාලකවන්ට මේ ඌරු රෑන නඩත්තු කළ යුතු නම් කළ යුතුව ඇත්තේ ආණ්ඩුව ගාණේ එවුන්ට පිං පඩියක් හදා දීම මිස අපේ මාතෘභූමියේ අනාගතය පරදුවට තැබීම නොවේ.

අපේ පුංචි රට රට කැබලි නවයකට කඩා රට මැදින් දේශසීමා ඉරිඇඳ ගෙන අනාගත ෆෙඩරල් රාජ්‍යයකට පාර කියන පළාත් සභා බෝම්බය වහාම නිෂ්ක්‍රීය කළ යුතුය. බෝම්බයක් මෙතෙක් පුපුරා නොගිය බව පවසමින් එය ගෙදර සාලේ මැද තබාගෙන සිටින්නට තරම් සිහිවිකල්භාවයක් රටක පාලකයන්ගෙන් ජනතාව අපේක්ෂා කරන්නේ නැත.

© නාමල් උඩලමත්ත



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More