විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයේ එකම අරමුණ ජනතාවත්, ජනතාවගේ දේපළත් කොල්ලකමින් තනි පවුලකට රජ සැප විඳීමට බව ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
පාලකයන්ගේ දේපළ ආරක්ෂා කරගන්නත්, තවත් දේපළ එකතු කරගැනීමටත් ජනතාවගේ ශ්‍රමය, ඉඩකඩම්, දේපළ , ගංගා , ඇළ ෙදාළ සිට පරිසර පද්ධතියම සූරාකමින් පෙර සිටි රජ්ජුරුවන්ගේ භූමිකාව ඉටුකිරීමේ සූදානමක් මෙම ව්‍යවස්ථා සංශෝධනයෙන් පැහැදිලිව ඔප්පු කරන බව ලාල්කාන්ත මහතා පැවැසීය.
එහි නව පියවර ලෙස අලුත් වචනවලින් ගතහොත් රටේ ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන ආයතන තුනේ බලය තනි පුද්ගලයකු අතට පත්කර ගැනීමෙන් ඒකාධිපති පාලනයක් ස්ථාපිත කරගත හැකි බවත් ඊට එරෙහිව මහජනයා පෙළගැස්වීමේ වගකීම වාමාංශික ජනතාවාදී ව්‍යාපාරයක වගකීම බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
හෙතෙම වැඩිදුරටත් පැවසුවේ ජනතාවගේ ආශීර්වාදයෙන් පත් ආණ්ඩුවම ජනතා විරෝධී කටයුත්තක නියැළෙනවා නම් ඒ ජනතා ආශීර්වාදයෙන්ම එය පරාජය කරවීම රට වෙනුවෙන් කරන යුතුකම් ඉටුකිරීමක් බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...