ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් කිහිපදෙනෙකුට දැඩි දෝෂාරෝපනයක් එල්ලකර ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.
ජනාධිපිති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මෙම එක්ස්ත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් අතර බ්‍රහස්පතින්දා රාත්‍රි ජනාධිපති නිලනිවසේදි සාකච්ඡාවක් පැවැත් විණි.
අගමැතිට එරෙහිවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංගය ගැන එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් විසින් යම් කරුණු දැක්වීමක් සිදුකර ඇත ඊට ජනාධිපතිවරයා දැඩි අප්‍රසාදය පළකර තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.
අකිල විරාජ් කාරියවසම්, මංගල සමරවීර, හරින් ප්‍රනාන්දු ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ කිහිප දෙනෙකුම තමාව දැඩිලෙස විවේචනය කර තිබෙන බවත් එසේනම් ඔවුන්ටද අමාත්‍යධුර ලබාදීම ප්‍රශ්නයක් විය හැකි බවත් ජනාධිපිතවරයා පෙන්වා දී ඇත.
මීට අමතරව ජනාධිපතිතුමා ඇතැම් කරුණු සම්බන්ධයෙන් තදබල ලෙස දැඩි විවේචන එල්ලකර තිබෙන බවද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.
මලික් සමරවික්‍රම, ලක්ෂ්මන් කිරිඇල්ල, මංගල සමරවීර ,අකිලවිරාජ් කාරියවසම්,ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්වූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...