දැඩි අමාත්‍ය මණ්ඩල අර්බුදයක් මේ වන විට ඇති වී තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්වුණු විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් හයදෙනා අමාත්‍යමණ්ඩලයෙන් ඉවත්කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මනත්‍රිවරුන් පිරිසක් ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත.
නමුත් මෙම ඉල්ලීමට මේ දක්වා ජනාධීපතිවරයා යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරයෙකු ප්‍රකාශ කළේ අමාත්‍යධුරවලින් ඉවත්වන ලෙස ජනාධිපතිතුමා කිසිදු දැනුම්දීමක් තමන්ට සිදුකර නොමැති බවයි.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෙම අමාත්‍යවරුන් ඉදිරි අමාත්‍යමණ්ඩල රැස්වීම්වලට සහභාගීවිමට බලාපොරොත්තුවක් නොමැති බවත් එම අමාත්‍යවරුන් සම්බන්ධයෙන් තීන්දුවක් ගතයුත්තේ ජනාධීපතිතුමා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම අමාත්‍යවරයා සදහන් කළේය.
මේ අතර විශ්වාසභංග යෝජනාවෙන් පසුව ඉදිරි දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අතර හමුවක් බ්‍රහස්පතින්දා රාත්‍රි පැවැත්විණි.
අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් 16 දෙනාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ගැනද විහ්වාසබංග යෝජනාව ගැනද මෙහිදී සාකච්ඡා වී තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.
මෙම ආණ්ඩුවේ නායකයා තමන් බවත් එම අමාත්‍යවරුන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නවානම් එය ගන්නේ තමන් විසින් බවත් ජනාධීපතිතුමා පෙන්වා දී තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ප්‍රබල අමාත්‍යවරුන් විසින් තමාව දැඩිව විවේචනය කර තිබෙන බවත් ඒ අනුව ඔවුන්ට ද අමාත්‍යධුර ලබාදීමේදී දෙසැරයක් සිතීමට හැකියාව තිබෙන බවද ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතා මෙහිදී ප්‍රකාශ කර තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...