පුරවැසි කොලම

විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් දැන් අර්බුදයක් මතුවී ඇත. ද්විත්ව පුරවැසි බව තහනම එලෙසම තිබිය යුතු යැයි අදහසක් පවතින අතර එම තහනම අහෝසි කළ යුතු බවට මතයක් ඉදිරිපත් වී තිබේ. මෙම ද්විත්ව පුරවැසි බව නිසා මන්ති‍්‍රනී ගීතා කුමාරසිංහට සිය මන්තී‍්‍ර ධුරය අහිමි විය. ඇගේ මන්තී‍්‍ර ධුරය අහිමි කිරීම පසුබිමේ සිටි ශී‍්‍ර ලනිප දේශපාලකයාව ජනතාව පරාජය කරනු ලැබීය. මේ පසුබිම මැද ද්විත්ව පුරවැසිභාවය මෙරටට අවශ්‍ය ද? ඉන්දියාවේ කොංග‍්‍රස් නායිකාව සිටි සෝනියා ගාන්ධිට සිය ඉතාලි පුරවැසි බව අහෝසි කරගන්නාතුරු ඡුන්දයට ඉදිරිපත්වීමට හෝ පක්‍ෂයේ නායකත්වයට පැමිණීමට නොහැකි විය. ඇය කොංග‍්‍රස් නායිකාව වූයේ ඉතාලි පුරවැසි බව අහෝසි කර ගැනීමෙන් පසුවය. ඔස්ටේ‍්‍රලියාවේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු තිදෙනෙකු ද්විත්ව පුරවැසියන් බව හෙළිවීම නිසා ඔවුන් මන්තී‍්‍ර ධුරවලින් ඉල්ලා අස්වූහ. එසේ වුවත් යහපාලන රජය ද්විත්ව පුරවැසි බවට එරෙහිව තහනමක් පැනවූයේ සිය විරුද්ධවාදී දේශපාලකයන්ගෙන් පළිගැනීම සඳහායි. එහෙත් ඒ තහනම ඉහළ ධුරවලට පත් කළ පිරිසට බලපෑවේ නැත. මහ බැංකුවේ ප‍්‍රධානියා වූයේ සිංගප්පූර් ජාතික අර්ජුන් මහේන්ද්‍රන් ය. ඔස්ටේ‍්‍රලියාවේ තානාපති ධුරයට පත් කරන ලද්දේ ඔස්ටේ‍්‍රලියානු පුරවැසියෙකි. නෝර්වේ රාජ්‍යයේ ශී‍්‍ර ලංකා තානාපතිනි ලෙසද ද්විත්ව පුරවැසි කාන්තාවක් පත්කෙරුණි. මේ පත්වීම්වලට එරෙහිව විරෝධතා එල්ල වූයේ නැත. අර්ජුන් මහේන්ද්‍රන් මෙයට පෙර ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ ප‍්‍රධානියා විය. එම සමයේද ඔහු  සිංගප්පූර් පුරවැසියෙකි.

මහේන්ද්‍රන් ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස පත් කළ එජාප රජය පරාජයට පත්වීමෙන් පසු ඔහු සිංගප්පූරුවට පැන ගියේය. ඔහුගේ පාලන සමයේදී කොටි සංවිධානයට බදුවලින් තොරව කන්ටේනර්වලින් භාණ්ඩ විශාල තොගයක් ලබාදීමට කි‍්‍රයා කළ බවට හමුදාවට තොරතුරු හෙළි වුවත් පසුව බලයට පත් රජය ඒ ගැන විමර්ශනය කළේ නැත. කොටින්ට කන්ටේනර් යැවීමේ සිද්ධිය පිළිබඳ රහස් පොලිසිය වෙත තොරතුරු යොමුවූවත් එදා කි‍්‍රයාත්මක වූයේ යහපාලන රජය සමයේ කි‍්‍රයාත්මක වූ රහස් පොලිසියට සමාන රහස් පොලිසියක් නිසා පරීක්‍ෂණ යටපත් විය. මින් සනාථ වූයේ ද්විත්ව පුරවැසියකුට ඕනෑම තක්කඩි හා වංචනික කි‍්‍රයාවක් සිදු කර රටින් පැන යෑමේ හැකියාවයි. මෙම ද්විත්ව පුරවැසි බව ගැන රුසියානු ජනපති ව්ලැඞ්මිර් පුටින් පැවසුවේ එය රටක ජාතික ආරක්‍ෂාවට බරපතළ ලෙස බලපාන බවයි. අපි ද්විත්ව පුරවැසියන්ට රට තුළ කි‍්‍රයාත්මක වීමට ඉඩ නොදෙන්නෙමු යැයි පුටින් වරක් පවසා තිබිණි.

මේ පසුබිම මැද ද්‍රවිඩ සන්ධානයේ දේශපාලකයන් රැසක් ද ද්විත්ව පුරවැසියන් වේ. එහෙත් ඔවුන්ට ද්විත්ව පුරවැසි බව දුන් රටවල් ඒ බව හෙළි කර නැත. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු ද්විත්ව පුරවැසියන් නම් අනිවාර්යයෙන්ම රටට හෙළි කළ යුතු වේ. ආගමන විගමන ආරංචි මාර්ග පැවසුවේ ද්‍රවිඩ දේශපාලකයන් ද්විත්ව පුරවැසියන් බවට හඳුනා ගැනීමේ තොරතුරු කිසිදු රටක් ලබාදී නැති බවයි. එහෙත් කැනඩාව – බි‍්‍රතාන්‍යය සහ නෝර්වේ යන රටවල් ද්‍රවිඩ සන්ධාන දේශපාලකයන්ට ද්විත්ව පුරවැසි බව ලබාදී තිබේ. මෑතකදී පත් කළ මන්තී‍්‍ර ධුරයකට පත්වු සුරේන් රාගවන්් කැනඩාවේ පුරවැසියෙකි. ඔහු සිය ද්විත්ව පුරවැසි බව අහෝසි කරගනු ලැබුවේ පසුගිය ජුනි මස යැයි වාර්තා විය. එසේ වුවත් රාගවන් උතුරේ ආණ්ඩුකාරයා ලෙස කි‍්‍රයා කළේය. මේ අනුව ද්විත්ව පුරවැසි තහනම මන්තී‍්‍රවරුන්ට පමණක් නොව, තානාපතිධුර සහ ආණ්ඩුකාර ධුරවලට පත් කරන සියලූ පාර්ශ්ව වෙත කි‍්‍රයාත්මක විය යුතුයි. එසේ වුවත් මෙරට ආණ්ඩු ඒ ගැන කි‍්‍රයා කර නැත.

මෑතකදී වත්මන් රජය ද කදිරගාමර් ආයතනයේ අධ්‍යක්‍ෂවරයකු ලෙස සිංගප්පූර් පුරවැසියකු පත් කරනු ලැබීය. මෙවැනි කි‍්‍රයාදාමයන් ජනතාව අනුමත කරනු ඇතැයි රජය සිතන්නේද? මේ ද්විත්ව පුරවැසියන් රටට ආදරය දක්වන්නන් නොවේ.

මෙවන් පසුබිම මැද ද්විත්ව පුරවැසි බව තහනම එලෙසම කි‍්‍රයාත්මක විය යුතු අතර එය රජයේ සියලූම නිලධාරීන්ට කි‍්‍රයාත්මක විය යුතුයි. එහෙත් යහපාලන රජය පාර්ලිමේන්තුවෙන් දොට්ට දැමුවේ ගීතා කුමාරසිංහ පමණකි. මේ අතර 19 වැනි සංශෝධනය යටතේ පත් කළ ස්වාධීන යැයි හඳුන්වාගත් කොමිෂන් සභා තවදුරටත් කි‍්‍රයාත්මක විය යුතුද? යන ප‍්‍රශ්නය ජනතාව හමුවේ පවතී. යහපාලන රජය ව්‍යවස්ථාදායක සභාව, මැතිවරණ කොමිසම සහ කොමිෂන්වලට රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් පත් කර තිබිණි. රත්නජීවන් හුල් සහ ජාවඞ් යුසුප් ඊට නිදසුන් ය. එසේම අතුරුදන් වූවන්ගේ කොමිසමට නිමල්කා ප‍්‍රනාන්දු, මරික් රහිම් වැනි රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් පත් කර තිබිණි. මොවුන්ගේ වැටුප රුපියල් 75000 කි. ඊට අමතරව දුරකථන බිල් සහ ප‍්‍රවාහන දීමනා ද ගෙවනු ලබමින් රහිම් නමැත්තා පාක්‍යසෝති සවරිමුත්තු මෙහෙයවන විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ කි‍්‍රයාකාරයෙකි.

මේ අතුරුදන් වූවන්ගේ කොමිසම පසුගියදා එක්සත් ජාතීන් වෙත වාර්තාවක් යවමින් අතුරුදන් වී ඇති අය ගැන සංඛ්‍යාලේඛන හෙළි කළේය. මෙය නීතිවීරෝධී කි‍්‍රයාවකි. මෙම ඕ. එම්. සී හෙවත් අතුරුදන් වූවන්ගේ කාර්යාලය පැහැර හැරීම නොහැකි වගකීමක් බවට පැවසුවේ හිටපු ජනපති මෛති‍්‍රපාල සිරිසේනගේ කාර්යාලයේ සේවය කළ රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරියෙකි.

එහෙත් අතුරුදන් වූවන් විශාල පිිරිසක් රටවල් රැුසක සිටින අතර ඔවුන්ගේ අනන්‍යතාවය එම රටවල් හෙළි කර නැත.

ඉරාකයේ පමණක් ලක්‍ෂයකට අධික සංඛ්‍යාවක් අතුරුදන්වී ඇති අතර ඇමරිකාව සහ බි‍්‍රතාන්‍ය එකතුවී ඉරාකයේ අතුරුදන්වූවන්ගේ කාර්යාලයක් ස්ථාපිත කර නැත. එසේ වුවත් මෙරට අතුරුදන් වූවන්ගේ කාර්යාලය ඇමරිකානු මෙහෙයුමකි. එම තත්ත්වය මත අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ නඩත්තු කිරීමට වැය වන්නේ ජනතාවගේ බදු මුදල්ය. එබැවින් රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන්ගේ යහපත උදෙසා පවත්වාගෙන යන අතුරුදන් වූවන්ගේ කාර්යාලය වහාම අහෝසි කළ යුතු වේ. මෙම කාර්යාලය පිහිටු වූ දින සිට අතුරුදන් වූවන් කිසිවෙක් සොයාගෙන නැත. එහෙත් අතුරුදන් වූවන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ සිටින අයුරු අපි සියැසින් දුටුවෙමු.

මේ අතර රජය නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට තීරණය කර ඇත. යහපාලන රජය යටතේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම පසුබිමේ සිටියේ ඇමරිකාවයි. ෆෙඩරල් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සඳහා එම්. කේ. සුමන්තිරන් නමැත්තා ද ඊට මුල් විය. මේ ෆෙඩරල් ව්‍යුහයට මුල් වූ පත් කළ මන්ති‍්‍රවරයකු වූ ජයම්පති වික‍්‍රමරත්න අද ස්විට්සර්ලන්තයේ වාසය කරයි.

ස්විස් රජය ද පි‍්‍රබුග් පෙඩරල් ආයතනයේ සිට විශේෂඥයන් තිදෙනකු යාපනයට එවා උතුරේ ෆෙඩරල් පාලනයක් ආරම්භ කිරීම ගැන උපදෙස් ලබා දුන්නේය.

එහෙත් හැට නව ලක්‍ෂයක් ඡුන්දය හමුවේ සුමන්තිරන් ඇතුළු ෆෙඩරල් කල්ලියේ සැලසුම ව්‍යර්ථ විය.

මේ අතර පසුගිය මහා මැතිවරණයේදී රටේ ජනතාව සිවිල් සංවිධාන යැයි හඳුන්වාගත් රාජ්‍ය නොවන සංවිධාන ජාලය මුළුමනින්ම පරාජය කරනු ලැබීය.

මේ සංවිධාන අද ලැජ්ජා නැතිව 20 වැනි සංශෝධනයට එරෙහි වී තිබේ.

මෙරට විධායක ජනපතිවරයෙක් නොසිටියේ නම් කොටි සංවිධානය පරාජය කළ නොහැකි විය. එකල සිවිල් සංවිධානකරුවන් සහාය දැක්වූයේ කොටි කි‍්‍රයාකාරීන්ටය. මෙවන් තත්ත්වයක් මැද රජයේ අවශ්‍යතාවය වී ඇත්තේ 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමයි. මේ සඳහා එරෙහි වී ඇත්තේ පසුගිය රජයට සම්බන්ධ එන්. ජී. ඕ. කි‍්‍රයාකාරීන් සහ හිටපු දේශපාලකයන්ය. යහපාලන රජය සමයේ 19 වැනි සංශෝධනය ජනතාවගෙන් විමසන්නේ නැතිව සම්මත කරගනු ලැබීය. ඊට එරෙහිවූ එකම මන්තී‍්‍රවරයා රියර් අද්මිරාල් සරත් වීරසේකර පමණි.

මේ අතර අධිකරණය පොලිසිය මැතිවරණ දෙපාර්තමේන්තුව යන ආයතන ස්වාධීන විය යුතු බවට ජනමතයක් ඇති වූ බවත් උඩරට විරුද්ධ පක්‍ෂ මන්තී‍්‍ර ධුරයක් මෑතකදී පවසා තිබිණි. තොප්පිගල කැලෑවක් යැයි පැවසුවේද මොහුය.ි එහෙත් ස්වාධීන කොමිෂන් ස්ථාපති කළ යුතුබව පැවසුවේ ජනතාව නොව එන්.ජී ඕ කාරයන්ය. පොලිස් කොමිසම කි‍්‍රයාත්මක වන අවස්ථාවේ හිටපු රහස් පොලිස් ප‍්‍රධානියා මන්තී‍්‍රවරයෙක් සමග දුරකථන සංවාදයක යෙදුණි. ඒ ගැන පොලිස් කොමිසම අද වනතුරු පියවරක් ගත්තේ නැත. රහස් පොලිසියේ හිටපු පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා ස්විට්සර්ලන්තයට

පැනගියේය. ඔහු පැනගියේ කෙසේ දැයි පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිගෙන් විමසීමට ‘පියවර ගත්තේ නැත එසේම රහස් පොලිසියේ ලේඛන මකා දමා ඇති අතර රහස් ලියවිලි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ද ලැබී තිබිණි. මේ සියලූ සිදුවීම් ගැන වාර්තා වන අවස්ථාවේ පොලිස් කොමිසම නිහඬ විය. එම තත්ත්වය මත පොලිස් කොමිසම ස්වාධීන වූයේ කෙසේද? මේ හැර විධායක ජනපති තමාට හිතවත් අය රජයේ උසස් තනතුරුවලට පත් කරන බවට මතයක් පැවැති බවද උඩරට ප‍්‍රදේශයේ සමගි ජන බලවේගයේ මන්තී‍්‍රවරයෙක් තවදුරටත් පවසා තිබේ. එසේ නම් අර්ජුන් මහේන්ද්‍රන් පාස්කරලිංගම් සහ ඔස්ටේ‍්‍රලියාවේ ශී‍්‍ර ලංකා තානාපති ලෙස රාජකීය විදුහලේ අධ්‍යාපනය ලත් ස්කන්ධරාජා පත්වූයේ කෙසේද?

ඊට පෙර අර්ජුන් මහේන්ද්‍රන්ගේ පියා වූ චාලි මහේන්ද්‍රන් ද තානාපති ධුරයකට පත්විය. එසේම බිතාන්‍ය මහ කොමසාරිස්වරිය ලෙස පත්වූයේ ද මෑතකදී පරාජය වූ දේශපාලකයකුගේ ඥාතියෙකි.

මේ හැර යහපාලන රජය සමයේ පත්වූ පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හමුදාපති මහේෂ් සේනානායක ව්‍යවස්ථාදායක සභාව හරහා පත්වූ බටව එම මන්තී‍්‍රවරයා පැවසුවත් ඔවුන් ස්වාධීන අය ද?

නාවික හමුදාපති ට‍්‍රැව්ස් සින්නයියා නාවික හමුදාවෙන් ඉල්ලා අස්වී ඇමරිකානු තානාපති කාර්යාලයේ් ආරක්‍ෂක ප‍්‍රධානියා විය. ඉන්පසු තමා දේශපාලන පළිගැනිීමට ලක්වූ බව පවසා ඔහු නාවික හමුදාපති විය.

මේ අතර 20 වැනි සංශෝධනයට එරෙහිව යහපාලන රජයට සම්බන්ධව සිටි රාජ්‍ය නොවන සංවිධාන ජාලය සිය විරෝධතා දියත් කර ඇත. ඊට සමගාමීව ඉතාලිය, නෙදර්ලන්තය, ප‍්‍රංශය , රුමේනියාව සහ ජර්මනිය යන රටවල් විදේශ ඇමැති හමුවී රජය ගෙන එන සංශෝධන පිළිබඳව විමසා ඇත.

ස්විට්සර්ලන්තයේ සිටින හිටපු මන්තී‍්‍ර ජයම්පති වික‍්‍රමරත්න ද ප‍්‍රජාතන්ත‍්‍රවාදය යැයි පවසමින් හඬක් නඟා තිබේ. යහපාලන රජයේ උග‍්‍ර ආධාරකරුවකු වූ පාක්‍යසෝනි සවරිමුත්තුද 20 වැනි සංශෝධනයට විරෝධය දක්වා ඇත. එහෙත් රටේ ජනතාවගෙන් 2/3 ක් බලය දුන්නේ කුමකටද?

රටට හිතැති යම් සංශෝධනයක් ගෙන ඒමට මේ විරෝධතාකරුවන්ගේ අදහස්වලට කන්දිය යුතු නැත. එම යහපාලන රජය සමයේ සංහිිඳියා කාර්ය සාධක බළකායේ ප‍්‍රධානියකු වූයේ පාක්‍යසෝති සවරිමුත්තුයි. ඔහු ශී‍්‍ර ලංකාවේ හමුදාවට එරෙහිව හයිබි‍්‍රඞ් අධිකරණයක් ස්ථාපිත කළ යුතු යැයි නිර්දේශ කළේය. මේ පසුබිම මැද රාජ්‍ය නොවන සංවිධාන යුරෝපා සංගමය වෙත පෙත්සම් තොග පිටින් යවා ඇතැයි හෙළි විය. එම පෙත්සම්වලින් දන්වා ඇත්තේ 20 වැනි සංශෝධනය කෙසේ හෝ අත්හිටුවන ලෙසයි. මින් තහවුරු වන්නේ විදේශ රටවල් මෙරටට එල්ල කරන බලපෑම් දිගටම සිදුවන බවයි.

යුරෝපා සංගමයට අයත් රටවල්වලට ශී‍්‍ර ලංකා රජයේ අභ්‍යන්්තර කටයුතුවලට කිසිසේත් මැදිහත් විය නොහැක. එතේ වියානා සම්මුතිය උල්ලංඝනය කරමින් කොළඹ බටහිර තානාපතිවරු මෙරට කටයුතුවලට මැදිහත්වී ඇත.

එය තවදුරටත් සනාථ වන්නේ ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා පෙට්ලිස් සිරගෙවල්වල තදබදය ගැන කරුණු විමසීමයි. මේ අතර ට‍්‍රාන්ස්පේරන්ස්හි ඉන්ටර්නැෂනල් ආයතනයේ ද විසිවැනි සංශෝධනයට එරෙහි විය. මෙහිදී මේ ආයතනයට ලැබෙන විදේශ අරමුදල් කොපමණදැයි අනිවාර්යයෙන් ම විමර්ශනයට ලක් කළ යුතුව තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

දිවයින

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More