විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කිරීමෙන් අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමිසංහ මහතා සුවිශේෂි ජයග්‍රහන ලබාගෙන මේ වන විට සක්විති බවට පත්වී තිබෙන බව පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාතය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාහ කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබාගත් මෙම සුවිශේෂි ජයග්‍රහණය සමග එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වඩාත් තහවුරු වී ශක්තිමත් වී තිබෙන බවත් ඒ වාගේම රට තුල මෙන්ම පාර්ලිමේන්තුව තුළද රනිල් වික්‍රමසිං හ මහතාගේ නායකත්වය තහවුරු වී තිබෙන බවත් එය වර්තමාන ආණුඩුවේ ඉදිරිගමනට විශාල ශක්තියක් වන බවත් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පෙන්වා දෙයි.
එම නිසා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මේ සෑම අංශයකින්ම ශක්තිමත්වීමට ඒකාබද්ධ විපක්ෂය මගින් ගෙනා විශ්වාසභංග යෝජනාව වෙස්වලාගත් ආශිර්වාදයක් වුණු බවද ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...