ඔක්ස්ෆෝර්ඞ් සරසවිය හා අස්ට්රසෙන්කා සමාගම එක්ව නිෂ්පාදනය කරන කොරෝනා ප්‍රතිකාර එන්නත සම්බන්ධ කටයුතු නැවත ආරම්භ කර තිබේ.
අදාළ එන්නත පරීක්ෂාව සඳහා ලබා දුන් රෝගියෙකුට අතුරු ආබාධ ඇතිවූ බවට පසුගියදා වාර්තාවීමත් සමග අදාළ එන්නත සම්බන්ධ කටයුතු තාවකාලිකව නවතා දමන ලදී. එහෙත් විශාල පිරිසක් සම්බන්ධ කරගෙන මෙවැනි පරීක්ෂණ සිදු කරද්දී එක රෝගියකු සම්බන්ධයෙන් එවැන්නක් සාමාන්‍ය දෙයක් බව වෛද්‍ය විශේෂඥ නිගමනය වී තිබේ.
මේ අනුව අදාළ කටයුතු වහාම නැවත ආරම්භ කරන ලද අතර මෙම එන්නත මේ වන විට රටවල් කීපයකම අත්හදා බලා තිබේ. ඒ අනුව මෙය ඉක්මනින්ම වෙළඳ පොළොට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන කොරෝනා එන්නත් කීපය අතර ඉදිරියෙන් ඇති එන්නතකි.
කෙසේ වෙතත් මේ වන විට එක්සත් රාජධානියේ නැවත වරක් කොරෝනා ව්‍යාප්තියේ වර්ධනයක් ඇතිවී තිබෙන අතර දිනපතා වාර්තා වන රෝගීන්ගේ ප්‍රමාණය තුන්දහසකට අධිකය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...