දේශීය පුවත්

නායකත්වයේ වෙනසක් සිදු නොවන බවට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ බහුතර මතය අනුව තීරණයකට ආ බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වූවා.

ඒ අරලියගහ මන්දිරයේදී.

විජයපාල හෙට්ටිආරච්චි මහතා පවසන්නේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු වෙනුවෙන් කමිටුවක් පත් කළ බවයි.

ඒ සඳහා රහස් ඡන්දයක් පවත්වා තිබෙනවා. ඉන් 12 දෙනෙකු තෝරාගෙන ඇති අතර සජිත් ප්‍රේමදාස සහ රවී කරුණානායක මහත්වරුන් නිල බලයෙන් තෝරාගෙන තිබෙනවා.

එම උපදේශන කමිටුවට ඇතුළත් පිරිස මෙසේයි.

01.සජිත් ප්‍රේමදාස
02.රවී කරුණානායක
03.රංජිත් මද්දුමබණ්ඩාර
04.අකිල විරාජ් කාරියවසම්
05.ගයන්ත කරුණාතිලක
06.මංගල සමරවීර
07.නවීන් දිසානායක
08.හරීන් ප්‍රනාන්දු
09.අජිත් පී පෙරේරා
10.ඉරාන් වික්‍රමරත්න
11.රුවන් විජේවර්ධන
12.නලින් බණ්ඩාර
13.අශෝක ප්‍රියන්ත
14.ජේ.සී. අලවතුවල

ඒ අනුව පක්ෂ නායකත්වය හැර සෙසු සියළු තනතුරුවල වෙනසක් ඇතිවිය හැකි බවයි පැවසෙන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More