පුරවැසි කොලම

අපේ රට ස්වෛරී රටක් – අපේ ස්වෛරීභාවයට මැදිහත්වීමට ඉන්දියාවට ඉඩ දිය යුතු නැත. මේ 13 වැනි සංශෝධනය ශ‍්‍රී ලංකාවේ ජනතාව ඉල්ලූ දෙයක් නොවෙයි. ඉන්දු ලංකා ගිවිසුම අනුව ගෙන ආපු වැඩක්. එම ගිවිසුම අනුව ඉන්දියාව ඉටුකළ යුතු කරුණු කීපයක් ඉටුකළේ නැහැ. ඉන්දු ලංකා ගිවිසුම අනුව කොටි සංවිධානය නිරායුධ කරන බව ඉන්දියාව පැවසුවත් එය ඉටුකළේ නැහැ.

පළාත් සභා සියල්ල නිල කාලය අවසන් කර ඇති මේ මොහොත වන විට පළාත් සභා මැතිවරණය පවත්වා නැවතත් ඒවා සකී‍්‍රය කළ යුතු බවට මෙන්ම පළාත් සභා සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බවට මත දෙකක් ඇති මොහොතක එකී සංවාදයට ‘දේශපාලනයේ අලූත් කතාව’ මෙසේ ඉඩකඩ සකසා දෙනු ලැබීය.

ප‍්‍රශ්නය – ඔබ පළාත් සභා අහෝසි කළ යුතු බව ප‍්‍රසිද්ධියේ පැවසුවායින් පසු ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බැස්ලේ ඔබව සාකච්ඡුාවකට කැඳවා තිබෙනවා. ඔබ එම සාකච්ඡුාවට යනවාද?

පිළිතුර – ඔව්. ලබන සතියේ එම සාකච්ඡුාව පැවැත්වෙනවා. නමුත් පළාත් සභා අහෝසි කළ යුතු යයි දක්වන මගේ මතය කිසිදු ලෙසකින් මම ප‍්‍රතික්‍ෂේප කරන්නේ නැහැ. ඉන්දීය මහ කොමසාරිස් තේ පැන් සංග‍්‍රහයකට කියලා තමයි මට ඇරයුම් කර ඇත්තේ.

ප‍්‍රශ්නය – ඔබගේ පළාත් පාලන අමාත්‍යාංශය පළාත් සභා ගැන ගන්නා කි‍්‍රයාමාර්ගය කුමක්ද?

පිළිතුර – පළාත් සභා ගැන නිර්දේශ දක්වන වාර්තාවක් මම රජයට ඉදිරිපත් කරනවා. වසර 2 ක් තිස්සේ පළාත් සභා පැවැත්වූයේ නැහැ. රටට ලාභයක් සිදුවූයේද පාඩුවක් සිදුවූයේද යන්න මම එම වාර්තාවේ දක්වනවා.

ප‍්‍රශ්නය – 19 වැනි සංශෝධනය අහෝසි කිරීම ගැන විරුද්ධ පක්‍ෂ සහ රාජ්‍ය නොවන සංවිධාන විරෝධය පළ කරනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

පිළිතුර – 19 වැනි සංශෝධනය රටට බරපතල ලෙස අහිතකර තත්ත්වයක් උදාකළා. එම සංශෝධනය නිසා රට අරාජික සමයකට ලක්වුණා. පොලිස්පතිවරයෙක් පත් කරගැනීමට වත්මන් ජනාධිපතිතුමාට නොහැකි වුණා.

ප‍්‍රශ්නය – 13 වැනි සංශෝධනය දිගටම පවත්වාගෙන යායුතු බව ද්‍රවිඩ සංවිධානය කියනව. ඉන්දීය මහ කොමසාරිස් පවසන්නේ එම සංශෝධනය පූර්ණය ඉටු කළ යුතුයි කියලයි.

පිළිතුර – 13 වැනි සංශෝධනය අපට අවශ්‍ය නැහැ. මම ඊට විරුද්ධයි. මේ සංශෝධනය යටතේ ඉඩම් හා පොලිස් බලතල දුන්නොත් මහා විනාශයක් වෙයි. පොලිස් දෙපාර්තමේන්තුව කැබලි රැුසකට කැඩෙයි.

එදා ජේ. ආර්. ජයවර්ධන කුමක්ද සිදුකළේ. මන්ත‍්‍රීවරුන්ගේ අස්වීමේ ලිපි සාක්කුවේ දාගෙන තමයි ඔහු පළාත් සභා සම්මත කර ගත්තේ. ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදයද?

ප‍්‍රශ්නය – පළාත් සභා ක‍්‍රමවේදය තුළින් අපේ රට පෙඩරල් පාලනයකට යොමුවූ බව ඔබ පිළිගන්නේද?

පිළිතුර – ඔව්. පළාත් සභා වලින් ශ‍්‍රී ලංකාව බොහෝදුරට පෙඩරල් ක‍්‍රමවේදයට සමීප වුණා. රටක් පළාත් නවයකට බෙදනවට මම තරයේ විරුද්ධයි.

එසේම පසුගිය කාලය තුළ පළාත් සභා වෙනුවෙන් කොපමණ මුදලක් වැයවූවාද? ගොඩනැඟිලි කොපමණ සංඛ්‍යාවක් තිබෙනවාද? කොපමණ සේවක සංඛ්‍යාවක් සිටින්නේද? මේ හැර වැටුප් සහ වෙනත් දීමනා සඳහා වැයවූ මුදල් යන කරුණු ගැනද මා සොයනවා.

ප‍්‍රශ්නය – පළාත් සභා ඉදිරියට පවත්වාගෙන යායුතු බව ඉන්දියාව සෘජුව පවසනවා. අප ඉන්දියාවට හිස නැමිය යුතුද?

පිළිතුර – පළාත් සභා ක‍්‍රමය අපට දුන්නේ ඉන්දියාව නිසා එය සදහටම පවත්වාගෙන යායුතුද? ඉන්දියාව වෙන රටක්. අපි ඔවුන් ගහන ගහන පදයට නැමිය යුතුද?

අපේ රට ස්වෛරී රටක් – අපේ ස්වෛරීභාවයට මැදිහත්වීමට ඉන්දියාවට ඉඩ දිය යුතු නැත. මේ 13 වැනි සංශෝධනය ශ‍්‍රී ලංකාවේ ජනතාව ඉල්ලූ දෙයක් නොවෙයි. ඉන්දු ලංකා ගිවිසුම අනුව ගෙන ආපු වැඩක්. එම ගිවිසුම අනුව ඉන්දියාව ඉටුකළ යුතු කරුණු කීපයක් ඉටුකළේ නැහැ. ඉන්දු ලංකා ගිවිසුම අනුව කොටි සංවිධානය නිරායුධ කරන බව ඉන්දියාව පැවසුවත් එය ඉටුකළේ නැහැ.

ප‍්‍රශ්නය – දෙමළ ජනතාවගේ අයිතිය ලබාගැනීමට හිටපු උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් උතුරට ස්වයංපාලනය ඉල්ලා තිබෙනවා. ඔහු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කරමින් රට දෙකඩ කිරීමට උත්සාහ කරනවා. මේ බෙදුම්වාදී ආකල්පය ගැන කියන්නේ කුමක්ද?

පිළිතුර – ඔහු ජාතිවාදය වපුරනවා. එසේම දෙමළ ජනතාව ගලවා ගැනීමට ආ වීරයකු ලෙසට හඳුන්වා

ගන්නවා. මොහු කවුද? ඔහු ජීවත්වූයේ කුරුඳුවත්තේ. හැදුනේ සිංහල ජනතාව අතර. ප‍්‍රභාකරන් ත‍්‍රස්තවාදියකු නොවන බව ඔහු පවසන්නේ දෙමළ ජනතාවගෙන් ඡුන්දය ගන්නයි.

ප‍්‍රශ්නය – පළාත් සභා යටතේ මේ රට කිසිදු ක්‍ෂේත‍්‍රයක් දියුණුවී නැහැ. ජනතාවගෙන් ඒ ගැන චෝදනා එල්ලවී තිබෙනවා.

පිළිතුර – ඒක ඇත්තක්. පළාත් 9 ට අධ්‍යාපන ඇමැතිවරු 9 යි. කෘෂිකර්ම ඇමැතිවරු නවයයි. ධීවර ඇමැතිවරු නවයයි. එහෙත් ටින් මාළු තවමත් පිටරටින් ගේනවා. මේ කිසිදු ක්‍ෂේත‍්‍රයක් දියුණුවී නැහැ.

ප‍්‍රශ්නය – පළාත් සභා අහෝසි කිරීම කළ යුතු යැයි ඔබ කළ ප‍්‍රකාශයට එරෙහිව හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරු පොදුජන පෙරමුණේ නායකත්වයට පැමිණිලි කර තිබෙනවා.

පිළිතුර – ඒ බව මට දැනගැනීමට ලැබුණා. මම ප‍්‍රකාශ කළේ මගේ මතයයි. මේ අතර 2017 වසරේ පළාත් සභා සඳහා වැයවී ඇති මුදල මිලියන 286031,000 කි. 2016 දී වියදම රුපියල් මිලියන 276147,000 ක් වේ.

1996 සිට 2017 දක්වා කාලය තුළ පළාත් සභාවල වියදම 103769000 ක් බව හෙළිවී ඇත.

මෙලෙස පළාත් සභාවලට අතිවිශාල මුදලක් වැයවීමෙන් රටේ ජනතාවට යහපතක් උදාවී නැතත් තීරුබදු රහිත වාහන සහ වෙනත් පහසුකම් හිමිවීමෙන් පළාත් සභාවලට පත්වූවන්ට සෙතක් සැලසී ඇත.

පසුගිය කාලයේ කි‍්‍රයාත්මක වූ උතුරු පළාත් සභාවේ කි‍්‍රයාපිළිවෙත නිරීක්‍ෂණය කළහොත් හිටපු උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් ශ‍්‍රී ලංකාවට එරෙහිව යෝජනා

100 කට අධික සංඛ්‍යාවක් සම්මත කර තිබුණි.

ප‍්‍රශ්නය – පළාත් සභා කි‍්‍රයාත්මක වූයේ නම් කොවිඞ් වසංගතය මර්දනය කිරීමේ දුෂ්කරතා මතුවන බව ජනපතිතුමා පැවසුවා. ඒ ගැන ඔබ එකඟවනවාද?

පිළිතුර – එතුමා සත්‍ය හෙළි කළා. ඒ නිසා තමයි මම පළාත් සභා ඉදිරියට පවත්වාගෙන යා යුතුද නැද්ද කියා නිර්දේශ රැුගත් වාර්තාවක් ඉදිරිපත් කරන්නේ. පසුගිය කාලය තුළ පළාත් සභා කි‍්‍රයාත්මක වූයේ නැහැ. එසේනම් පළාත් සභා නැතැයි කියා ජනතාව කිසිම දුෂ්කරතාවයකට මුහුණපෑවේ නැහැ නේද? එම කාලය තුළ මහජන මුදල් ඉතුරු වුණා.

ප‍්‍රශ්නය – පළාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල ඉල්ලනවා. එම බලතල දුන්නොත් රට කැබලි වෙයි නේද?

පිළිතුර – ඔව්. ශ‍්‍රී ලංකා පොලිසිය වෙනුවට පළාත් පොලිසි හා පළාත් පොලිස් කොමසාරිස්වරු බිහිවෙනවා. උතුරේ යම් ත‍්‍රස්ත කි‍්‍රයාවක් සිදුවුවොත් උතුරු මහ ඇමැතිගේ අවසරය ලබාගැනීමට රහස් පොලිසියට සිදුවෙනවා. එම අවසරය නොලැබුණොත් රහස් පොලිසියට ආපහු ඒමට සිදුවෙනවා.

ප‍්‍රශ්නය – 20 වැනි සංශෝධනය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පහරක් යයි ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් මානව හිමිකම් සමුළුව අමතමින් ප‍්‍රකාශ කළා.

පිළිතුර – මෙරට සියලූ අභ්‍යන්තර කටයුතු වලට ඇය මැදිහත්වෙනවා. අපේ රට ස්වෛරී රාජ්‍යයක්. එවැනි විටෙක අප ඇයි ඇගේ ඉල්ලීම්වලට එකඟවන්නේ. මෑතකදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා පැවසුවා ජාත්‍යන්තර අධිකරණයේ එරට ස්වෛරීභාවය උල්ලංඝනය කරමින් යුද අපරාධ චෝදනා එල්ල කරනවා කියලා. එසේනම් අපටත් එම ප‍්‍රකාශය පොදුයි.

පළාත් පාලන රාජ්‍ය ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර

සාකච්ඡා කළේ –  කීර්ති වර්ණකුලසූරිය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More