යුරෝපය තුල යලිත් වරක් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තවීම සම්බන්ධයෙන් තම සංවිධානය දැඩි අවධානයෙන් පසුවන බවත් එය ඉතා භයංකර තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ඉකුත් මාර්තු මාසයේදී වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව සමග සැසදීමේදී වර්ථමානයේ සතිපතා වාර්තා වන රෝගීන් සංඛ්‍යාව යුරෝපයේ ඇතැම් රටවල් වල ඉහළ ගොස් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
අගෝස්තු මාසයට සාපේක්ෂව එංගලන්තයේ මේ වන විට දෛනිකව වාර්තා වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සීයයට 167කින් ඉහළ ගොස් ඇති බවයි එරට සෞඛ්‍ය අංශ වාර්තා කරයි.
මේ අතර බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමති මැට් හැන්කොක් ප්‍රකාශ කර සිටියේ නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැඩි වශයෙන් දක්නට ලැබෙන උතුරු සහ නැගෙනහිර බ්‍රිතාන්‍යයේ වෙසෙන මිලියන 9.2ක ජනතාවට අද මධ්‍යම රාත්‍රියේ සිට දැඩි නිරෝධායන රෙගුලාසි වලට යටත් වීමට සිදුවන බවයි.
ඒ අනුව සියළුම හෝටල්, ආපනශාලා, මත්පැන් අලෙවි ස්ථාන රාත්‍රී 10 වන විට වසා දැමිය යුතුය. නිවෙස් තුලට හෝ පරිශ්‍රයන් තුලට කිසිදු අමුත්තෙකුට හෝ පිටස්තර පුද්ගලයෙකුට ඇතුල්වීම තහනම් කොට ඇත.
මේ අතර බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාල පද්ධතිය යලි විවෘත කිරිමට සුදානම්ව තිබීම නිසා ඉදිරියේදී ඒ හරහා ද වෛරස් ව්‍යාප්තිය වීමේ අවධානමක් පවතින බවයි එරට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා සිටියි.
මේ අතර පෘතුගාලයෙන් අප්‍රේල් 10 වෙනිදාට පසුව මුල් වරට අද දිනයේදී නව කොරෝනා රෝගීන් 770ක් වාර්තා වී ඇත.
පසුගිය සෙනසුරාදා ප්‍රංශයෙන් ආසාදිතයින් 10,000ක් සහ ඉරිදා දිනයේදී ඉතාලියෙන් රෝගීන් 1.210ක් වාර්තා වී ඇත.
පවතින තත්ත්වය මත ඉදිරි දින සති කිහිපය තුල යුරෝපයේ තුල කොරෝනා වෛරසයේ ව්‍යාප්තියේ ඉහළ යාමක් සිදුවනු ඇති බව සෞඛ්‍ය බලධාරින් අනතුරු අඟවා සිටියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...