හිටපු අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ සහකාර විනිසුරු රූත් බේඩර් මියයාමෙන් පුරප්පාඩු වූ ධූරය සඳහා විනිසුරුවරියක් නම් කිරීමට ජනපති ගත් තීරණය ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩ්න් දැඩි ලෙස විවේචනය කර තිබේ.
ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති අපේකෂක ජෝ බයිඩ්න් පෙන්වා දෙන්නේ, ජනපති ට්‍රම්ප්ගේ තීරණය බලය අයුතු ලෙස භාවිත කිරීමක් බවයි.
හිටපු අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ සහාකාර විනිසුරු රූත් බේඩර් මියයාමෙන් පුරප්පාඩු වූ ධූරය සඳහා විනිසුරුවරියක් නම් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ , මීළග සතියේදී එම නම් කිරීම සිදු කරන බවයි.
රූත් බේඩර් පිළිකාවක් වැළඳීමෙන් ජීවිතක්ෂයට පත් වනවිට 87 වන වියේ පසු වූවා ය.
අමෙරිකාව තුළ ආන්දොලනාත්මක නඩු තීන්දු රැසක් ලබා දුන් විනිසුරුවරියක ලෙස රූත් බේඩර් හඳුන්වයි.
අමෙරිකාවේ වැඩිම කාලයක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරෙකු ලෙස ඇය සේවය කළ අතර එම කාලය වසර 27 කි.
මේ අතර ජනාධිපතිධූර අපෙක්ෂක ජෝ බයිඩ්න් අවධාරණය කළේ, පුරප්පාඩු වූ ධූරය සඳහා වෙනත් අයෙකු නම් කිරීම ඡන්ද විමසීමෙන් පසුව සිදු කළ යුතු බවයි .
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...