උප සංස්කෘතියක් යනු කලාපීය, වෘත්තීයමය, ජනවාර්ගික වශයෙන් හෝ වෙනත් කණ්ඩායමක් වශයෙන් සිටින පිරිසක් සමාජයේ සෙසු සාමාජිකයන්ගෙන් වෙන් කර හඳුනා ගැනෙන අවබෝධතා සහ චර්යා සමූහයක්’’ ලෙස අර්ථකථනය කරගත හැකි ය. ඒ අනුව විමසන කල්හි බාහිර සමාජයෙන් වෙන්ව පැවැතීම, එකම භූමියක වාසය කිරීම, සමාන වයස් පරාසයකින් සහ සමාන අධ්‍යාපන සුදුසුකම්වලින් සැදුණු සමාජික පිරිසක් සිටීම, එක් බඳු කාර්යයක නියැලීම, සමාන ගැටලූවලට මුහුණ දීම ආදී සාධක පදනම් කොටගෙන විශ්වවිද්‍යාලය තුළ උපසංස්කෘතියක් ගොඩනැ`ගී පැවැතීමෙහි අරුමයක් නැත. මෙය විශ්වවිද්‍යාලය පද්ධතිය ආරම්භයේ් පටන් දැකිය හැක්කක් වන අතර එංගලන්ත විශ්වවිද්‍යාලයීය ආභාසය ද මීට ලැබී ඇත.
එහෙත් තත්කාලීන විශ්වවිද්‍යාලයීය උපසංස්කෘතිය සහ එහි අධ්‍යතන ස්වරූපය සන්සන්දනාත්මකව අධ්‍යයනය කරන කල්හි හඳුනාගත හැකි මූලිකම ලක්ෂණය නම් අද්‍යතන උපසංස්කෘතිය ඍජුවම දේශපාලනික හස්තයකින් මෙහෙයවෙන්නක් වීමයි. එසේ ම මෙහි ක‍්‍රම විකාශනය විමසීමේ දී 60 දශකයෙන් අනතුරුව විශ්වවිද්‍යාල ප‍්‍රවේශය ලද බහුතර ශිෂ්‍ය ප‍්‍රජාව අයත් වූ දරිද්‍ර සමාජ ස්තරය මත උපසංස්කෘතියෙහි නූතන ස්වරූපය ගොඩනැ`ගී ඇති බව පැහැදිලි කරුණකි. සත්‍ය සිදුවීමක් මුල් කොටගෙන 1968 දී නිෂ්පාදිත හෙන්රි ජයසේනගේ ‘‘අපට පුතේ ම`ගක් නැතේ’’ නාට්‍යයෙන් නැ`ගුණු අෙ`දා්නාව ඔවුන්ගේ මානසිකත්වයෙහි කැඩපතක් බඳු වී යැයි කිව හැකි ය.
”ඔවුන් මෙහෙයවූ දේශපාලන දර්ශනය බවට පත් වූයේ රෝහණ විජේවීරගේ ‘පංති පහේ’ දේශපාලන දර්ශනයයි.’ විශ්වවිද්‍යාල භූමියට එහි මුළු ඉතිහාසය පුරා ඇතුළු වීමට හැකි වූ දේශපාලන දර්ශනය එය වී යැයි පෙන්වා දෙන ආචාර්ය ගුණදාස අමරසේකර ඊට පෙර විශ්වවිද්‍යාලයට අතුළු වූ සම සමාජ, කොමියුනිස්ට් දර්ශන ශිෂ්‍යයන්ගේ ජීවිතවලට කා වැදුණු දර්ශන නොව උජාරු මෝස්තර විලාසිතා බව වැඩිදුරටත් විග‍්‍රහ කරයි. ඒ අනුව, 1971 මාක්ස්වාදී තරුණ කැරැල්ල සම`ගින් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාව අතුරෙහි ආධිපත්‍යයක් ගොඩන`ගා ගැනීමට ”ජනතා විමුක්ති පෙරමුණ’’ සමත් විය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය (අවිශිබ) යනු එහි ආයතනික ව්‍යූහයයි. එය මේ වන විට පේරාදෙණිය, කැලණිය, ශ‍්‍රී ජයවර්ධනපුර සහ රුහුණු විශ්වවිද්‍යාලයන්හි මහා ශිෂ්‍ය සංගම්වලින් හා අනෙකුත් විශ්වවිද්‍යාලයන්හි ඇතැම් ශිෂ්‍ය සංගම්වලින් ද සමන්විත වූ පුළුල් පරාසයක පැතිරී ගොස් හමාර ය. මෙහි නිෂේධනීය ලක්ෂණ වඩාත් ප‍්‍රකට වනුයේ මානව ශාස්ත‍්‍ර සහ සමාජ විද්‍යාපීඨවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් කෙරෙන් බැවින් මෙහි දී කරුණු ගොනු කැරෙන්නේ් එකී විමර්ශන ඔස්සේ ය.
අද්‍යතන ”විශ්වවිද්‍යාල උප සංස්කෘතිය’’ වූකලි යට කී දේශපාලනයේ අර්ථ සංවිධානමය ව්‍යූහයයි. ඒ වටා ශිෂ්‍ය ප‍්‍රජාව ඒකරාශී කිරීමේ මූලික යන්ත‍්‍රණය ‘‘නවක වධය’’යි. විශ්වවිද්‍යාලයීය උප සංස්කෘතියේ සැම අංගයක් සකස් වී ඇත්තේ ඊනියා වාමාංශික දේශපාලනික ව්‍යාපාරයන් වෙත ප‍්‍රජාව ඒකරාශී කිරීමේ මූලික අරමුණෙනි. එනම් ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙහි දේශපාලනික අරමුණු ස`දහා ය. එසේ ස`දහන් කරනුයේ මක් නිසා ද යත්, අද්‍යතන ශිෂ්‍ය දේශපාලනය තුළ ජාතක තලයේ, ජාත්‍යන්තර තලයේ ගැටලූ කෙරෙහි විරෝකාල්පික හ`ඩ නැ`ගුණ ද විශ්වවිද්‍යාලය අභ්‍යන්තර තත්ත්වය ගැන එකී සංවේදීත්වය නොමැති බැවිනි. උප සංස්කෘතියෙහි මූලික ලක්ෂණ සහ න්‍යායන් විමසීමෙන් මෙය තහවුරු කරගත හැකි ය.
අද්‍යතන විශ්වවිද්‍යාලය පද්ධතිය තුළ ”නවක වධය’’ (RAG) නැතැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් නිරන්තරයෙන් පවසනු ලැබූව ද එහි සත්‍යතාවක් නොමැති බව රහසක් නොවේ. මෙහි දී සිදු වනුයේ දෘෂ්ටිවාද සහ මර්දනය මගින් නවක ශිෂ්‍යයන් පාලනය කිරීමකි. වඩාත් ඛේදීය වනුයේ දෘෂ්ටිවාදමය නියාමනයයි. එයින් සිදු වනුයේ නවක ශිෂ්‍යයා ස්ව කැමැත්තෙන්ම නවක වධයට එක`ග වීම සහ උපසංස්කෘතිය ආරක්ෂා කිරීම තම පරම වගකීම යැයි සිතන තැනට පත් වීම ය. ප‍්‍රකට මානසික වෛද්‍ය සහ අපරාධ විද්‍යාව සම්බන්ධ මහාචාර්යවරයකු වූ Nils Bejerot විසින් මෙය Social Stockholm Syndrome නමැති මානසික රෝගී තත්ත්වයක් වශයෙන් ද හඳුන්වා දී ඇත. එහි මූලික ම රෝග ලක්ෂණය වනුයේ පීඩකයා කෙරෙහි ඇති වන ධනාත්මක සිතුවිලි සහ පීඩකයන්ගෙන් තමන්ව ආරක්ෂා කරන පාර්ශ්වය කෙරෙහි ඇතිවන ඍණාත්මක සිතුවිලි ය.
එසේ ම මෙකී වපසරියෙහිලා ඉතාලි ජාතික කොමියුනිස්ට් චින්තකයකු වූ අන්තෝනියෝ ග‍්‍රාමිස්චිගේ ප‍්‍රවේශය මෙහි දී වැදගත් වනු ඇත. ඔහුගේ එක්තරා න්‍යායික අර්ථකථනකට අනුව විශ්වවිද්‍යාලයීය උපසංස්කෘතිය ද යනු හෙජමොනියක් (Hegemony) යැයි කිව හැකි ය. ඔහු පෙන්වා දෙන පාලන මාධ්‍යයන් ද්විත්වයක් ඇත. ඒ ”ආධිපත්‍යය’’ සහ ”මර්දක තන්ත‍්‍රය’’ වශයෙනි. හෙජමොනික සංකල්පයෙන් ග‍්‍රාමිස්චි විග‍්‍රහ කරනුයේ මර්දනය ම`ගින් පමණක් බලය තහවුරු කිරීම කළ නොහැකි බවයි. මතවාදී ආධිපත්‍යය හෙවත් හෙජමොනිය ”ස්ව කැමැත්තෙන් පාලනය වීම’’ යනුවෙන් සරල ව හඳුන්වා දිය හැකි ය. ඒ අනුව විශ්වවිද්‍යාලයීය උපස්ංකෘතියෙහි පැවැත්ම තීරණය කරනු ලබන නූතන නවක වධය උක්ත ප‍්‍රවේශද්වයෙන්ම ශිෂ්‍යයන් මත බලපැවැත්වෙන බව කිව යුතු ය. එබැවින් මෙය එක්තරා ආකාරයක මාෆියාවක් යැයි කීමෙහි වරදක් නැත. එනයින් විශ්වවිද්‍යාලයීය උපසංස්කෘතියෙහි මූලිකම දුර්ලක්ෂණ වශයෙන් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී බව, පුරුෂ කේන්ද්‍රීයත්වය, පරපීඩකත්වය, බුද්ධි විරෝධී සහ අවිචාරශීලීත්වය ආදිය කැපී පෙනෙයි. එසේම මෙම බල ව්‍යාප්තියෙහි අවසාන අරමුණ හුදෙක් ශාස්ත‍්‍රීය අභිවෘද්ධිය හෝ විශ්වවිද්‍යාලයේ අභිවෘද්ධිය නොව යට කී දේශපාලන අධිකාරයේ අවශ්‍යතා සැපීරීම ය.
මාෆියාවක් යනු සුළුතරයක් විසින් තමන්ගේ පටු පරමාර්ථයන් සහ වුවමනා එපාකම් ඉටු කරගනු වස් නිහීන බලය යොදා ගනිමින් සමාජය ග‍්‍රහණයට ගන්නා නිල නොලත් සංවිධානමය ව්‍යූහයකි. මෙය එක් අතකින් සමාජයට අධිකාරයක් පතුරුවන අතර තවත් අතකින් ස්වකීය සමාජිකයන්ව ම මර්දනය කිරීමට බලය යොදා ගනියි. මේවායෙහි ග‍්‍රහණයට ඉලක්ක වනුයේ් සමාජයේ අහිංසක පුද්ගල ප‍්‍රජාව ය. විශ්වවිද්‍යාලයේ තත්ත්වය ද එසේ ම ය. ඒ අනුව නවක වධයට එරෙහි වන්නන්ට විශ්වවිද්‍යාලයෙන් හිමි වන සහන සහ පොදු ශිෂ්‍ය අයිතිවාසිකම් අහිමි කිරීමෙන් නවක ශිෂ්‍යයා සිය ග‍්‍රහණයට ගැනීමට උපසංස්කෘතිය ක‍්‍රියා කරයි. බොහෝ විට, යට කී මානසික රෝගී තත්ත්වයෙන් තොරව, මෙහි සවිඥානික ගොදුරු බවට පත් වනුයේ සමාජීය වශයෙන් සහ ආර්ථික වශයෙන් ශක්තිමත් නොවූ අසරණ ශිෂ්‍ය පිරිසයි. නවක වධයෙහි මුල් අරමුණ වූයේ සමාජයෙහි ඇති පංති භේදය විශ්වවිද්‍යාලය තුළින් දුරලීම ය. එහෙත් අද්‍යතන නවක වධයෙන් සිදු කැරෙනුයේ් එම පංති විෂමතාව තව දුරටත් ස්ථාපිත කිරීම ය.
නවක වධයට එරෙහි ව්‍යාපාරයකට මුල පිරූ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලමනාකරණ පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලැබූ සමන්ත විතානගේ නම් ශිෂ්‍යයා 2002 වර්ෂයේ දී නවක වධයට එරෙහි රැුස්වීමක් අතරතුර දී ඝාතයට ලක් විය. එසේම ලිංගික හිසංනය සහ ප‍්‍රචණ්ඩත්වය දරාගත නොහැකි ව සිදු වූ සියදිවි හානි කරගැනීම් 15ක් ද වාර්තා වේ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට අනුව 2016/17 අධ්‍යයන වර්ෂවල දී සිසුන් 637ක් සහ 2015/16 අධ්‍යයන වර්ෂවල දී සිසුන් 1352ක් නවක වධය හේතුවෙන් විශ්වවිද්‍යාලය අතැර ගොස් තිබේ.
මෙහි ඛේදනීයම ස්ථානයක් වනුයේ විශ්වවිද්‍යාලයෙහි ශිෂ්‍ය සංගම් විසින් සිදු කරනු ලබන සියලූ සාහිත්‍ය කලා කටයුතුවල ද අවසන් පරමාර්ථය යට කී දේශපාලන අර්ථ සාධනය වීමයි. එනම්, විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුළ සාහිත්‍ය කලා කටයුතු පවා භාවිත කැරෙනුයේ ශාස්ත‍්‍රීයමය අභ්‍යුදය වෙනුවෙන් නොවේ; දේශපාලනික වශයෙන් පිරිස් බලය ශක්තිමත් කරගැනීමට ය. මෙම කරුණ අවබෝධ කරගනු වස්, එක්තරා සිදුවීමක් මහාචාර්ය ලියනගේ අමරකීර්ති 2018 දෙසැම්බර් මස 02 වන දා සිය මුහුණුපොත් පිටුවෙහි තබා තිබූ පහත සටහන මෙහිලා උද්ධරණය කිරීම උචිත ය.
”පටු අදහස් නම් පවුරින් ලෝකය කැබැලිවලට කැඞීමට එරෙහිව තාගෝර් ලියූ ගීය තේමා පාඨය කරගෙන සාහිත්‍ය උත්සවයක් කරන විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයක් තියෙනවා. එයාලා පවත් වන අන්තර්පීඨ නාට්‍ය තරගෙ සියලූම සම්මාන පාහේ එක්තරා නාට්‍යයකට යනවා. ඒ නාට්‍යයට නවක වධ විරෝධී ළමයි සම්බන්ධ නිසා සම්මානත් අවලංගුයි. ඒ නාට්‍යයට අවසන් නාට්‍ය සන්දර්ශනයේ දී වේදිකාගත වෙන්නත් අවකාශ නෑ. මෙවන් ශිෂ්‍ය සංගම්වලට නායකත්වය දෙන අයට රටක අර්ථවත් පරිවර්තනයක් කරන්න දායක වෙන්න පුළුවන් ද? මේ සංගම් පිටුපසින් ඉන්න පෙරටුගාමී සහ ජවිපෙ යන අය මේවා පිළිගන්නවා ද? පක්ෂ මූලස්ථානවලට මේවා ආරංචි නොවෙනවා යැයි මට නම් සිතන්න බෑ.’’
”ඉගෙන ගැනීමට අරගල කරන්න. අරගල කිරීමට ඉගෙන ගන්න.’’ යැයි කීවේ සමාජවාදීන්ගේ පරමාදර්ශයක් වූ වී. අයි. ලෙනින් ම ය. එහෙත් සිදු වන්නේ එය ද?
මෙය එක් නිදර්ශනයක් පමණි. සාහිත්‍යයෙහි සහ කලාවෙහි මූලික ම පරමාර්ථවත් මෙහි දී සාධනය වී නොමැත. ”සැම කලාවක ම ලක්ෂණය වන්නේ මනුෂ්‍ය වර්ගයා සුසංයෝග කිරීම ය. කලාවේ කාර්යය නම් කලාකරුවාගේ වේදිතයෙන් වින්දනයක් ලබන සැම දෙනම ආත්මයෙන් ඔහු හා සුසංයෝග කිරීම හා ඒ වින්දනය ලබන සියලූ දෙන ම ඔවුනොවුන් සම`ග ඒකාබද්ධ කිරීම ද වේ.’’ යනුවෙන් ලියෝ ටෝල්ස්ටෝයි කීවේ ය. (2008) එසේ නම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සතුව තවදුරටත් සාහිත්‍යයක් හෝ කලාවක් පවතී යැයි කිව හැකි ද? එනම් සාහිත්‍ය සහ කලාව යනු ද යට කී හෙජමොනියේ තවත් එක් අංගයක් පමණි. එසේම මෙම ඛේදය බහුල වශයෙන් දැකිය හැක්කේ සමාජවිද්‍යා සහ මානව ශාස්ත‍්‍ර පීඨවලින් බව ද කිව යුතු ය.
ඩෙන්මාර්ක් ජාතික විචාරකයකු වූ ජෝජ් බ‍්‍රෑන්ඞ්ස් (1842-1927) කීවේ සමකාලීන සමාජයේ මනුෂ්‍ය අධ්‍යාත්මය පාගාගෙන සිටි පීඩක බලවේග ”බුද්ධිමතුන්ගේ කැරලි හරහාට් පරාජයට පත් වන්නට නියමිත බව ය. එම සටන්කාමී බුද්ධිමය ව්‍යාපාරය තුළ ඔහුගේ අදහස් එක් සූත‍්‍රයකට කැටි කළ හැකි නම් එය ”සත්‍යය හා නිදහස යනු එකක්ම ය’’ යන්නට ඉතා සමීප වනු ඇත. එහෙත් බුද්ධිමතුන් යැයි සැලැකෙන විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ම ස්වකීය දේශපාලන ව්‍යාපාරය තුළ පොදු ශිෂ්‍ය අධ්‍යාත්මය පාගාගෙන සිටින පීඩක බලවේගයක් වූ කල්හි දේශයක සැබෑ විමුක්තියක් ගැන අපේක්ෂා දල්වනුයේ කෙසේ ද? ඔවුන් නියාමන කැරෙන දේශපාලන පක්ෂ ගැන විශ්වාස කරන්නේ කෙසේ ද? ජෝජ් බ‍්‍රෑන්ඞ්ස් කීවේ ”විමුක්තිය ස`දහා වූ මාර්ගය සත්‍යය, සත්‍යය ම පමණක් පදනම් කරගන්නේ ය. සත්‍යයෙන් තොරව සැබෑ විපර්යාසයක් ඇති කළ හැකි නොවේ. සැබෑ විමුක්තිය ඇති කරගත හැකි නොවේ.’’ යනුවෙනි.
”විද්‍යා දදාති විනයං…’’ ආදී වශයෙන් ශාස්ත‍්‍රය ශික්ෂණය ලබා දෙන බවත්, ඉන් පාත‍්‍රත්වයට නොහොත් ගරුකටයුතු බවට පත් වන බවත් හිතෝපදේශය ස`දහන්් කරයි. එහෙත් අද්‍යතනයෙහි විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමා කරන විද්‍යාර්ථියා විරැුකියාවෙන් පෙළෙයි. විශ්වවිද්‍යාලය තුළ සිටම සමාජයේ නිග‍්‍රහයට ලක් වෙයි. නවක වධය වැනි අශික්ෂිත ක‍්‍රියාවන්හි නිරත වෙයි. එසේ නම් යට කී හේතු ඵලවාදීව නිගමනය කළ හැක්කේ ඔහු වෙත ශාස්ත‍්‍රීය ඥානයක් සහ පරිචයක් නොමැති බව නොවේ ද?
තව ද කිව යුතු කරුණක් නම් මේ වන විට ඔවුන් පාසල් ගුරුවරුන් ද බිල්ලට ගනිමින් සිටින බවයි. විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථින් ශාස්ත්‍රෝද්ග‍්‍රහණයෙහි නොකැපවෙනවා සේම, පාසල් ගුරුවන් ද ඉගැන්වීම පසෙකලා දේශපාලනයට යොමු වී තිබීම සැබැවින්ම ඉමහත් ඛේදවාචකයකි. සියල්ලෝම ස්වකීය පරමාර්ථ පසෙකලා පටු දේශපාලනික මාෆියාවකට ගොදුරු වී සිටිති.
ශිෂ්‍ය දේශපාලනය සම්බන්ධයෙන් ශ‍්‍රීමත් අයිවර් ජෙනිංග්ස්ගේ දැක්ම වඩාත් පුළුල් විය. ”මතු පරම්පරාවේ දේශපාලන හා වෘත්තීය නායකයන් බවට පත් වීම ස`දහා විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ඒ පිළිබ`ද මනා දැනුම්වත් භාවයකින් සිටිය යුතු බැවින් ඔවුන් අතර දේශපාලන ගැටලූ පිළිබ`ද සාකච්ඡුා හැකි උපරිමයෙන් දිරිගැන්වීම සියලූ ප‍්‍රජාතාන්ත‍්‍රික රටවල විශ්වවිද්‍යාලයන්හි දැකිය හැකි පිළිවෙතක් යැයි ඔහු අවධාරණයෙන් කියා සිටියේ ය. එහෙත් අද්‍යතන ලාංකේය ශිෂ්‍ය දේශපාලනය එවන් වූ පදනම් සහගත ස්ථාවරයක් මතින් දිවෙන්නක් ද? අවසානයේ ඉතිරි වනුයේ ශ‍්‍රී ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනයෙහි මෙකී ඛේදවාචකය පිළිබ`ද ඇසූ ප‍්‍රශ්නයයි.
”විශ්වවිද්‍යාලය යනු මනුෂ්‍යත්වය, අන්‍යොන්‍ය ඉවසීම, සාධාරණත්වය, ප‍්‍රගතිය, අභීතව අදහස් දැක්වීම සහ සත්‍ය ගවේෂණය සඳහා කැප වුණු ආයතනයකි. එය ඊටත් වඩා ශ්‍රේෂ්ඨ අරමුණු කරා යන ඉදිරි ගමන වෙනුවෙන් ද පෙනී සිටී. එහෙත් ශිල්ප ශාස්ත‍්‍රයට කැප වුණු දෙවොලම පටු දෘෂ්ටිවාදයේ සහ නොවැදගත් අරමුණුවල නිවහන බවට පත් වුවහොත් ජාතියේ අභිවෘද්ධිය ළ`ගාකර ගැනීමට හෝ ජනතාව ශ්‍රේෂ්ඨත්වය කරා ගෙන යෑමට හෝ එයට හැකි වේ ද?’’
“DISCE AUT DISCEDE’ යන කොළඹ රාජකීය විශ්වවිද්‍යාලයේ ආදර්ශ පාඨය වඩාත් ගැළැපෙන්නේ මෙබඳු වූ ලාංකේය විශ්වවිද්‍යාලවලට ය. ”උගනිවු නැත පිටවෙනු’ කියා තේරෙන සිංහලයෙන් සෑම විශ්වවිද්‍යාලයකම ප‍්‍රදර්ශනය කළ යුතු ය.
දිලංජන මධුෂාන් පතිරණ
ලලිත කලා අධ්‍යයනාංශය,
ශාස්ත‍්‍ර පීඨය (තෙවන වසර),
පේරාදෙණි විශ්වවිද්‍යාලය.
dilanjana.mp@gmail.com
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...