දේශීය පුවත්

අමාත්‍යමණ්ඩල සංශෝධනය සිංහල දෙමළ අවුරුද්දට පසුව අප්‍රේල් 18 වැනිදා නැත්නම් අප්‍රේල් 20 වැනිදා බොහෝදුරට සිදුකිරීමට ඉඩ තිබෙනබව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලන් වාර්තාවේ.

මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් අමාත්‍යධුරය අහිමිවූ දෛනෙකුට කැබිනට් අමාත්‍යධුර ලබාදෙන ලෙසට ඉල්ලීමක් මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත්වී ඇත.

මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු වෙත නියෝජ්‍ය අමාත්‍යධුර ලබාදියයුතු බවටද ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් වී තිබේ.

මෙම ඉල්ලීම් ගැන තවම අවසන් තීරණයක් ගෙන නොමැති අතර මේ ගැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන පෙළේ කිහිපදෙනෙකු සමග සාක්ච්ඡා කිරීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් 6 දෙනා සහ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 9 දෙනා එම තනතුරුවලින් ඉල්ලා අස්වුවහොත් එම අමාත්‍යධුර සදහා පත්කරන්නේ කවුද? කියා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් තීරණය කළ යුතුව ඇත.

එම අමාත්‍යවරුන් ඉල්ලා අස්වුවහොත් එම අමාත්‍යධුරවලින් කොටසක් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් පිරිසකගේ අදහස වී තිබේ. ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත්විය යුතුයි යනුවෙන්ද මතයක් පවතී.

නමුත් ආණ්ඩුවට 3/2ක බහුතරය අහිමිවන නිසා ඔවුන් තවදුරටත් ජාතික ආණ්ඩුව තුල උපක්‍රමශිලිව රදවාගතයුතු බවටද මතයක් ද පවතී.
මෙම කරුණු ගැන අවසන් තීන්දුවක් ගැනීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(09) දින රාත්‍රි රැස්වීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් අමාත්‍ය මණ්ඩල සංශෝධනයට පෙර ඒ ගැන ඉදිරිපත්වී ඇති යෝජනා සහ අමාත්‍ය මණ්ඩලය සංශෝධනය විය යුතු ආකාරය ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අවුරුද්දට පෙර පැවැත්වීමට නියමිත බවද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More