සමස්ත ලෝකයාම රෝග බියෙන් ඇළලී ඇති අවස්ථාවක් ලෙස මෙම වකවානුව හැඳින්විය හැකිය. එබැවින් නිරෝගීකමෙහි ඇති වටිනාකම වෙනදාටත් වඩා අද වන විට වැඩි වැඩියෙන් දැනෙන්නට පටන් ගෙන ඇත. මෙම ලිපිය ලිවීමට මා අදහස් කළේ එම කරුණ පදනම් කරගෙන ය.
බුදුදහමට අනුව සියලූ දේ අනිත්‍යත්වය මත පදනම් වී ඇත. කෙටිකාලීන ජීවිත ගත කරන පිරිසක් ලෙස අප අපගේ ජීවිතය වඩාත් අර්ථාන්විතව ගත කිරීම කළ යුතුය. ආරෝග්‍යා පරමා ලාභා යන බුදු වදන අදට වඩාත්
ගැළපෙන්නේ නිරෝගීභාවය නොමැති තැන මොනයම්ම සම්පතක් පැවතිය ද ඒවායෙහි වටිනාකමක් නොලැබෙන හෙයිනි. බුදුදහමට අනුව පුද්ගලයකුගේ ජීවිතය අවුරුදු 100 ක් යැයි නිගමනය කොට අවස්ථා දහයකට බෙදා දක්වා ඇත.
1. මන්ද දසක – අවු.1 – 10 දක්වා
2. ඛිඞ්ඩා දසක – අවු.11 – 20 දක්වා
3. වණ්ණ දසක – අවු.21 – 30 දක්වා
4. බල දසක – අවු 31 – 40 දක්වා
5. පඤ්ඤා දසක – අවු 41- 50 දක්වා
6. හායන දසක – අවු 51- 60 දක්වා
7. පබ්භාර දසක – අවු 61- 70 දක්වා
8. වංක දසක – අවු 71- 80 දක්වා
9. මෝමූහ දසක – අවු 81- 90 දක්වා
10. සයන දසක – අවු 91- 100 දක්වා
යනුවෙනි. මන්ද දසක යනු කායික සහ මානසික වර්ධනය සිදු වන කාල වකවානුවකි. මෙකී කාලය තුළ කුඩා දරුවන්ට කළ යුතු නොකළ යුතු දෑ පිළිබඳ අවබෝධය අල්පය. ඛ්ඞ්ඩා දසක යනු කෙළි සෙල්ලම් කරන අවධියයි. මෙම කාලය තුළ වැඩි වශයෙන් කෙළි සෙල්ලම්වලට අවධානය යොමු කරනු ලබයි. ශරීර වර්ණය ගැන අවධානය යොමු කරන කාලයක් ලෙස වණ්ණ දසකය හැඳින්විය හැකිය. ශරීර ශක්තිය මෙන්ම ජීවිතයේ ස්ථාවරයක්
ගොඩනගා ගැනීමට උත්සාහ කරන කාලයක් ලෙස බල දසකය හැඳින්විය හැකිය. පඤ්ඤා දසකය යනු බුද්ධිය මෙහෙයවා මධ්‍යස්ථව සිට බොහෝ ගැටලූ ප‍්‍රශ්න සහ ජීවිතය දෙස බලන අවධියකි. හායන දසක යනු කායික රෝග නොහොත් ඉන්ද්‍රිය දුබලතාවය ආරම්භ වන කාලයකි. භෞතික ශරීරයෙහි දුබලතාවයන් මෙම කාලයෙහි සිදුවේ. එය පබ්භාර දසකයෙහි දී සිදුවෙයි. වංක දසකය තුළ දී ශරීරය කුදු වීම වැනි ලක්‍ෂණ වලට මුහුණපෑමට සිදුවේ. මෝමූහ දසකය යනු මානසික දුර්වලතාවය ද බලපවත්වන කාලයකි. සයන දසකය තුළ මරණයට අත වනමින් වැඩිපුර නිදියහනතෙහි ගතකරමින් කාලය ගත කරයි. මෙම බෙදා දැක්වීම කෙනෙකු අවුරුදු 100 ක් ජීවත්වනවා යන අදහස මත ඉදිරිපත් කරන ලද්දකි. එහෙත් අප අවුරුදු 100 ක් ජීවත් වන්නේ ද යන්න ගැන කල්පනා කර තමාගේ ආයුෂ ප‍්‍රමාණයෙන් කල්පනා කර බලා සිතාගත යුතුය.
පුද්ගලයාට ඇති විය හැකි රෝග තත්ත්වයන් දෙකක් පිළිබඳ අම්බපාලි සූත‍්‍රය තුළ දක්වා ඇත.
‘‘ද්වේමේ භික්ඛවේ රෝගා, කථමේ ද්වේ කායිකාච රෝගෝ චේතසිකාච රෝගෝ’’ යන පාලි පාඨයෙන් දක්වා ඇති පරිදි කායික සහ මානසික වශයෙන් ඒවා කොටස් දෙකකට වර්ග කර ඇත. ධම්මපද පාළියේ එන පහත ගාථාවෙන් බුදු දහම මෙම කරුණ සම්බන්ධව දක්වා ඇති පැහැදිලි කිරීම ඉතා වැදගත් ය.
ආරෝග්‍යා පරමා ලාභා
සන්තුට්ඨි පරමං ධනං
විස්සාසා පරමා ඤාතී
නිබ්බාණං පරමං සුඛං
ආරෝග්‍යා පරමාලාභා යන්නෙන් කායික නිරෝගී භාවය (Physද්‍යcal well beද්‍යng) ද, සන්තුට්ඨි පරමං ධනං යන්නෙන් මානසික නිරෝගී භාවය ද, (Mental well beද්‍යng) විස්සාසා පරමා ඤාතී යන්න සමාජ යහපැවැත්ම ද, (Socද්‍යal well beද්‍යng) නිබ්බාණං පරමං සුඛං යන්නෙන් ආධ්‍යාත්මික යහපැවැත්ම ද (Spද්‍යrද්‍යtual well beද්‍යng) දක්වා ඇත. මෙයින් පෙනී යන්නේ බුදුදහමෙහි කායික නිරෝගී භාවය පිළිබඳව ද අවධානය යොමු කර ඇති බවයි. කායික නිරෝගී භාවයෙන් තොරව මානසික නිරෝගීභාවයක් ඇති කර ගත නොහැක. මානසික නිරෝගීභාවයද කායික නිරෝගීභාවයට ඉවහල් වන්නක් වේ. මෙහිදී අපගේ අවධානය යොමු වනුයේ මානසික රෝග සම්බන්ධව නොව, කායික රෝග සම්බන්ධව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම ඇසුරින් කෙටියෙන් පැහැදිලි කර ගැනීමටයි. බුදුරජාණන් වහන්සේව හැඳින්වීම සඳහා භාවිත කරන ලද වචන අතර භිසක්ක,(වෛද්‍යවරයා) සල්ලකත්තෝ (ශල්‍ය වෛද්‍යවරයා) යන පද මෙන්ම වෙජ්ජූපමෝ මහා වීරා (බුදුරජාණන් වහන්සේ වෙදෙකු වැනි ය) අගදූපමෝ මහා වීරෝ (මහා වීරයන් වහන්සේ ඖෂධයක් වැනිය) යනාදී වචන දැකිය හැකිය. මෙයින් අර්ථවත් වන්නේ බුදුරජාණන් වහන්සේ කායික රෝගයන්ට ප‍්‍රතිකාර කළ වෛද්‍යවරයෙක් යන්න නොවේ. එහෙත් බුදුරජාණන් වහන්සේ කායික රෝග සම්බන්ධව අවධානයෙන් සිටි බව හා භික්‍ෂු භික්‍ෂුණීන් සඳහා අනුමත කරන ලද ප‍්‍රතිකාර සම්බන්ධයෙන් විමසීමේදී භෞතික රෝග සම්බන්ධව ද විශාල අවබෝධයක් පැවති බව පැහැදිලි වේ.
අංගුත්තර නිකායෙහි පංචක නිපාතයේදී මේ ලෝකයෙහි කිසිදු ශ‍්‍රමණයෙක්, බ‍්‍රාහ්මණයෙක්, දෙවියෙකුට, මාරයෙකුට හෝ මේ ලෝකයේ අන් කිසිවෙකුටත් ඉක්මවා යා නොහැකි අවස්ථා පහක් පිළිබඳව දක්වා ඇත. එනම් වයසට නොයෑම, රෝගී නොවීම, මරණය සිදු නොවීම, වෙනස්වීමේ ලක්‍ෂණය සිදු නොවීම, වැනසීම නොවීම යන කාරණා පහයි. මෙයින් එකක් වනුයේ රෝගී නොවී සිටීමට කිසිවකුටත් හැකියාවක් නොමැතිය යන්නයි.
ධර්මානුකූලව බලන කල මිනිසා නිර්මාණය වී ඇත්තේ ස්කන්ධ පංචකයක සමවායයෙනි. එනම් රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ යන පහයි. මෙම පහෙන් නිර්මාණය වූ සතර මහා භූතයන්ගෙන් සෑදුනු කය කෙරෙහි පිළිකුල උපදවා ගත යුතු බව නව දොරටුවකින් දුගඳ හමන අසූචි වැගිරෙන මේ කය කෙරෙහි ඇල්මක් ඇති නොකර ගත යුතු බව කලකිරීම ඇති කර ගත යුතු බව අංගුත්තර නිකායෙහි නවක නිපාතයෙහි පෙන්වා දී ඇත.
කායික රෝග සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දක්වන ලද අදහස් පිළිබඳව තොරතුරු ගත හැකි සූත‍්‍ර මෙන්ම විනයාගත තොරතුරු රැුසක් දක්නට ලැබේ. පුරාණ කාලයෙහි පැවතියේ රෝග තුනක් බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. එනම් ඉච්ඡා, අනසන, ජරා යනුවෙනි. පසුකාලීනව සත්ත්ව ඝාතනය වැනි කරුණු පදනම් කරගෙන රෝග 98 ක් දක්වා ඒවා වර්ධනය වී ඇත. බොහෝ රෝගවලට මූලික හේතුව වී ඇති කාරණා 3 කි. එනම් වා, පිත්, සෙම් යන තුනෙහි දෝෂ බවයි. සංස්කෘත ආයුර්වේද සාහිත්‍යය තුළ ද රෝග සම්බන්ධව දීර්ඝ විස්තරයන් දක්නට ඇත. චරක සංහිතා ග‍්‍රන්ථය ඒ අතර ප‍්‍රධානත්වයක් ගනී. ඉන්ද්‍රියන් උවමනාවට වඩා වෙහෙස වීම වැනි ලක්‍ෂණ, දේශගුණික බලපෑම්, දැන දැන සෞඛ්‍යයට අහිතකර පුරුදුවල යෙදීම වැනි ලක්‍ෂණ රෝගවලට මූලික වන බව දක්වා ඇත. ගිරිමානන්ද සූත‍්‍රයේ දී රෝග නාමාවලියක් දක්වා ඇත. එහි එන රෝග අතර ඇස් රෝග, කන් රෝග, නාසයෙහි ඇති වන රෝග, දිවෙහි ඇති වන රෝග, හිසෙහි ඇති වන රෝග, මුඛයෙහි ඇතිවන රෝග, දත්වල, තොල්වල, ස්වසන රෝග, පීනස, ඌෂ්ණය නිසා ඇතිවන රෝග, උණ රෝග, උදරයෙහි ඇති වන රෝග, සිහි මද ගතිය, අතීසාරය, සෙම්ප‍්‍රතිශ්‍යාව, කුෂ්ට, දද, කොළරා, අපස්මාරය, කැසීම, සමෙහි රෝග, හොරි, දියවැඩියාව, අර්ශස්, පිළිකා යනාදී රෝග ලැයිස්තුවක් දක්නට ඇත.
අර්ශස්, භගන්දරා, සෙම් රෝග, කාසය වැනි රෝග තත්ත්වයන් පාප රෝග ලෙස හඳුන්වා ඇත. එම රෝගවලට ගොදුරු වූවන් පැවිදි කිරීම පවා තහනම් කර ඇත. මේවාට අමතරව දේශගුණික විපර්යාස මත ඇති වන රෝග ද වැරදි ඉරියව් භාවිතය මත ඇතිවන රෝග ද වෙනත් අයගේ උපක‍්‍රම මත ඇතිවන රෝග තත්ත්වයන් ද කර්ම විපාක ශක්තිය මත ඇතිවන රෝග තත්ත්වයන් පිළිබඳව ද බුදු දහමෙහි කරුණු දක්වා ඇත. අප බුදු පියාණන් වහන්සේට පවා අවස්ථා දොළහක දී කර්ම විපාකය සිදු වූ බව පුබ්බකම්ම පිලෝතික අපදානයෙහි සඳහන් වේ. ඒ අනුව බුුදුරජාණන් වහන්සේට සුව නොවන හිසරුදාවක් පැවතියේය. එයට හේතුව වූයේ පෙර භවයක කෙවුල් පවුලක ඉපදී තම ඤාති පිරිස බොහෝ මසුන් ගොඩදා තිබෙනු දැක සතුටු සිනා පහල කළ පාපය බව දැක්වේ. එපමණක් ද නොව එම ඤාති පිරිස ද මෙම භවයේ ශාක්‍ය කුලයේ ඉපිද ප‍්‍රාණඝාත අකුසලයේ විපාක ලෙස විඩූඪභ කුමරු අතින් මිය යන්නට සිදු විය. එසේම කර්ම විපාකය මත බුදුරජාණන් වහන්සේට ලේ අතීසාර රෝගය සෑදී ඇත. පෙර වෛද්‍යවරයකුව සිටියදී සිටුවරයකුට බෙහෙත් කළ නමුත් නියමිත මුදල් නොගෙවූ නිසා එම සිටුවරයාට විරේක බෙහෙත් දුන්නේ ය. ඔහුට ලේත් සමග විරේක වූ බැවින් සිටුවරයා නැවත බියපත්ව මුදල් ගෙවූ බව දැක්වේ. එහෙත් එහි කර්ම විපාකය මෙම භවයේදී බුදුරජාණන් වහන්සේට ලැබී ඇත.
වසංගත රෝග තත්ත්වයන් පවා එකල පැවති බව පැහැදිලිව පෙනී යයි. අහිවාතක යනු වසංගත රෝගයක් ලෙස සැලකිය හැකිය. වර්තමානයෙහි ලොවම බියපත්වී සිටින කොරෝනා නොහොත් කොවිඞ් 19 යනු ද වසංගත රෝගයකි. මෙබඳු රෝග ආගන්තුකා රෝගා (ආගන්තුක රෝග) යනුවෙන් බෞද්ධ ග‍්‍රන්ථවල සඳහන් වේ. මෙවැනි රෝග විවිධ රටවල විෂම චර්යාවන් නිසා ව්‍යාප්ත වන රෝගී තත්ත්වයන් වේ. ඒඞ්ස්, ඉබෝලා වැනි රෝග ද ආගන්තුක රෝග වේ. කෘෂිකර්මාන්තය වැනි කර්මාන්ත පදනම් කරගෙන නොයෙක් රෝග තත්ත්වයන් ඇති වේ. මෙබඳු රෝගවලින් වැළකී සිටීමට නම් මිනිසුන්ගේ චර්යාවන් සිතුම් පැතුම් යහපත් මෛත‍්‍රී සහගත විය යුතුය. අපගේ ම වැරදි අඩු පාඩුකම් නිසා නව රෝග වර්ග ඇති කර ගන්නා බව රහසක් නොවේ. සියලූම සත්ත්වයන් කෙරෙහි මෛත‍්‍රී සහගත සිතිවිල්ලෙන් කටයුතු කරන්නේ නම් මෙබඳු රෝගයන් ඇති කර නොගැනීමට ඉඩකඩ හැකියාව ඇත.
බුදුරජාණන් වහන්සේ පවා රෝගී වූ විට ප‍්‍රතිකාර කිරීම සඳහා ජීවක වැනි ඉතා ශ‍්‍රද්ධා සම්පන්න වෛද්‍යවරු විය. වරක් දෙව්දත් තෙරුන් වහන්සේ ගිජ්ජකූඨ පර්වතය පාමුල සක්මන් කරන බුදුරජාණන් වහන්සේ නැසීම සඳහා මහා ගලක් හිස මත පෙරළීය. එයින් උන් වහන්සේට හානියක් නොවුණ ද වෙන ගලක වැදීමෙන් නික්මුණ ගල් පතුරකින් සිරිපතුල තැළුණේය. මෙයින් බුදුරජාණන් වහන්සේ ගිලන් වූහ. ජීවක වෛද්‍යවරයා පාදයෙහි තැලූම් ලේ සැත්කමකින් බැහැර කොට සුවපත් කළ බව සඳහන් වෙයි. එක්තැන් වූ ලේ ඇතුළතම සිඳී යන බෙහෙතක් තබා සම්පූර්ණයෙන් සුවපත් කළ බව සද්ධර්ම රත්නාවලියෙහි ද සඳහන් වේ. මෙයින් පෙනී යන්නේ බුදුරජාණන් වහන්සේට පවා රෝගී අනතුරු විපත් වූ විට ප‍්‍රතිකර්ම සිදු කළ බවයි. මේ ලෝකයෙහි ඇති භය වර්ග හතරක් දක්වා ඇති අතර එයින් එකක් ලෙස ව්‍යාධි භය හඳුන්වා ඇත. මජ්ක්‍ධිම නිකායෙහි දේවදූත සූත‍්‍රයෙහිදී දක්වා ඇති දේවදූතයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු ලෙස දක්වා ඇත්තේ රෝගී බවට පත්වූ පුද්ගලයා යි. රෝගී වූ පුද්ගලයෙකු දැක තමා ද රෝගී වන බවත් දැන දැක ධර්මානුකූලව කටයුතු නොකළේ මන්දැයි යම රජු විමසා මෙහි වරද මවුපියන් හෝ අන් අයෙකුගේ නොවන බවත් වරද තමාගේම බවත් පවසා පංචවිධ දඬුවම් පවරන බව දක්වා ඇත. රෝග යන පදය සෑදී ඇත්තේ රුජ ධාතුවෙනි. එහි අර්ථය වනුයේ රිදීම යන්නයි. රෝග යන්නට සියලූම රෝග අයත් වේ. ආබාධයන් බරපතළ තත්ත්වයේ රෝග වේ. ඒ අනුව රෝගවලට ප‍්‍රතිකාර කළ හැකි නමුත් ආබාධ යනු පිළියම් කළ නොහැකි රෝග තත්ත්වයන් ලෙස ගැනීම වඩාත් සුුදුසු බව සැලකිය හැකිය.
කායික රෝග මෙන්ම ඒ සඳහා ප‍්‍රතිකාර ද බුදුරජාණන් වහන්සේ දක්වා ඇත. මහාවග්ග පාළියේ භේසජ්ජක්ඛන්ධකය වැනි ග‍්‍රන්ථ තුළින් ඒ පිළිබඳ තොරතුරු ලබා ගත හැකිය. බුදු දහම වෛද්‍ය ශාස්ත‍්‍රයක් නොවුණ ද ඇතැම් රෝග සඳහා නිර්දේශ කරන ලද ප‍්‍රතිකාර ක‍්‍රම පිළිබඳ එහි සඳහන්ව ඇත. වරක් බුදුරජාණන් වහන්සේට උදරාබාධයක් සෑදුණු විට උණු දිය ස්නානය කොට උක් හකුරු දිය කොට උණු වතුරින් පානය කිරීමට සැලැස්වීමෙන් රෝගය සන්සිඳුණු බව දැක්වේ. මුං, මෑ, කොල්ලූ වැනි ධාන්‍ය වර්ග මිශ‍්‍ර කොට කිරෙහි දමා ගිතෙල්, මී පැණි, උක් හකුරු සමග එක් කොට තේකටුල යාම නම් කැඳ වර්ගය උදරාබාධ සඳහා ඉතා ප‍්‍රසිද්ධ ඖෂධයකි. ඇස් රෝග, කන්රෝග ආදියට ජීවක වෛද්‍යවරයාගේ සහය මත ඖෂධ වර්ග, නශ්‍ය කර්ම, විරේචන, තෙල් ආදිය භාවිත කරමින් සංඝයාගේ රෝග නිවාරණයට බුදුරජාණන් වහන්සේ කටයුතු කොට ඇත.
මෙම සියලූ කරුණු කෙටියෙන් සඳහන් කරනු ලැබුවේ රෝගයන් මනුෂ්‍ය ශරීරයක් උරුම අප හැමට ඇති විය හැකි දෙයක් නිසාත් එම රෝග තත්ත්වයන්ගෙන් මිදීමට සහ රෝගයන් වළක්වා ගැනීමට උත්සාහ කළ යුතු බවත් ධර්මානුකූලව පෙන්වා දීමට යි. තමා ද රෝගී වෙමින් අන් අයව ද රෝගයන්වලට ගොදුරු කරවමින් කටයුතු කරන අය සමාජයෙහි දක්නට ලැබේ. ආත්මාර්ථකාමී බව, මුදල්, බලය, කාමය, පාරිසරික හානිය ආදී කරුණු මත රෝග තත්ත්වයන් දිනෙන් දින ඉහළ යනු ලැබේ. මිනිසත් බවක් ලද අපට මනුෂ්‍යත්වයෙන් උපරිම ඵල නෙළා ගැනීමට නම් තමා නිරෝගීව සිට අනිත් අයව ද නිරෝගී බවට පත් කර ගැනීමට උත්සාහ කළ යුතු ය. මනුෂ්‍යත්වය වනුයේ එයයි. රජකම් කළත් රෝගියෙකු නම් එම රජකමින් ඵලක් නොවන්නේ ම ය.
ප‍්‍රථමේ දේවශක‍්‍රස්තු
මධ්‍යමේ නරදෘග් භවේත්
අන්ත්‍යේ යක්‍ෂ රාක්‍ෂස්තු
වෛද්‍යචාරී තු යාචකඃ
රෝගී බවට පත් පුද්ගලයා වෛද්‍යවරයා පළමුවෙන් දැකීමෙන් ශක‍්‍ර දෙවියා මෙන් ද, මදක් රෝගය සුව වූ විට මනුෂ්‍යයෙකු මෙන් ද, ඊට වඩා සුව වූ කල්හි රාක්‍ෂයෙකු මෙන් ද අතිශයින්ම සුව වූ කල්හි යාචකයෙකු මෙන් ද දකී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...