දේශීය පුවත්

කැබිනට්‌ ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වී එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම් ධුරය භාර ගන්නා ලෙස වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතාගෙන් එජාප පසු පෙළ මන්ත්‍රීවරුන් ඉල්ලා ඇත.

මෙම ඉල්ලීමට හේතු වී ඇත්තේ පසුගියදා අරලියගහ මන්දිරයේ පැවති එජාප ප්‍රතිසංවිධාන කටයුතුවලදී දේශපාලන මණ්‌ඩලය පත් කිරීමේ ඡන්දයෙන් නවීන් දිසානායක මහතාට වැඩිම ඡන්ද ප්‍රමාණයක්‌ ලැබීමයි.

පක්‍ෂයේ මහලේකම් ධුරයට ඇමැතිවරයකු නොවත පුද්ගලයකු පත් කළ යුතු බවට මේ වන විට එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රතිපත්ති තීන්දුවක්‌ ගෙන ඇති බැවින් හෙතෙම මහලේකම් ධුරයට පත්වන්නේ නම් දැනට දරන ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වීමට සිදුවෙයි.

මේ සම්බන්ධයෙන් ඇමැති නවීන් දිසානායක මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම සඳහන් කළේ පූර්ණ බලතල සහිතව පක්‍ෂයේ මහලේකම් ධුරය ලබා දෙන්නේ නම් ඒ පිළිබඳ සිතා බැලීමට තමන් සූදානම් බවයි.

එහෙත් එවැනි ආරාධනාවක්‌ තවම තමාට ලැබී නැතැයි ද හෙතෙම වැඩිදුරටත් කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More