තමන් ආණ්ඩුවේ නියෝජිතයෙකු බවට පසුගිය සති අන්ත පුවත්පත් වල පලවූ වාර්තා නිවැරදිකර දෙන්නැයි ජවිපෙ නායකයා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හමුවේ වැද වැටී ඇතැයි වාර්තාවේ. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පසුගිය සතියේ ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදැක නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සහාය දක්වන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටි බව සති අන්ත පුවත්පතක් වාර්තාකොට තිබුණි.
බොහෝ පුවත්පත් එම පුවත වාර්තා කොට තිබුනේ අනුර කුමාර දිසානායක පැමිණියේ ආණ්ඩුවේ නියෝජිතයෙකු වශයෙන් බවය. එම කොටස නිවැරදිකර දෙන්නැයි අනුර කුමාර දිසානායක ඇල්ලේ ගුණවංශ හිමියන්ට කිහිප වතාවක්ම දුරකථනයෙන් ආයාචනා කර ඇත. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සහාය ඉල්ලන්නේ ආණ්ඩුවේ නියෝජිතයන් නොවේදැයි ඇල්ලේ ගුණවංශ හිමියන් පෙරලා අනුර කුමාර දිසානායකගෙන් විමසා තිබේ. කෙසේ වෙතත් අවසානයේදී බලවත් පෙරැත්තය හේතුවෙන් ඇල්ලේ හිමියන් නිවරදි කිරීමක් පුවත්පත් වලට යැවීමට පියවර ගෙන තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...