දේශීය පුවත්

ශ්‍රීලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලබාගැනීම සදහා මෙහෙයුමක් දියත් කිරීමට විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු තීරණය කර තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ සදහා මධ්‍යම කාරකසභාවේ නියෝජිතයින් මුණගැසී මෙම තීරණය කර තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත.
මෙම තීරණය ගෙන තිබෙන්නේ එස්. බී. දිසානායක අමාත්‍යවරයාගේ නිවසේදී අද(10) දින රාත්‍රි රැස්වූ විශ්වාසභංග යෝජනාවට සහාය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ සාකච්ඡාවකදීය.

මේ අතර සිංහල, දෙමල අළුත් අවුරුද්දෙන් පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විදේශගත වන නිසා ජනාධිපතිවරයා පෙරළා පැමිණි පසු අප්‍රේල් මස 25 වැනිදායින් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරකසභාව රැස්වීමට නියමිත බවද වාර්තා වේ.

එම කාලය තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම සදහා පක්ෂයේ මධ්‍යමකාරක සභාවේ අනුමැතිය ලබාගැනීමේ මෙහෙයුම සාර්ථක කරගැනීමට මෙම සාකච්ඡාවේදී තීරණය කර ඇති බව දැනගන්නට ඇත.

කෙසේ නමුත් හෙට(11) දින රාත්‍රි 7.00ට ජනාධීපති මෛත්‍රිපාලසිරිසේන මහතා හමුවී ඇතිවී තිබෙන වර්තමාන තත්ත්වය ගැන සාකච්ඡා කිරීමට වීශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් තීරණය කර ඇති බවද වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More