අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන් ශ්‍රීලනිප ඇමැතිවරුන් 16 දෙනා ලබන පාර්ලිමේන්තු රැස්‌වීමේදී විපක්‍ෂයේ අසුන් ගන්නා බව තමාට විශ්වාස යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (10 දා) පැවසීය.
අගමැතිට එරෙහි වූ මෙම ඇමැතිවරුන් 16 දෙනා තවදුරටත් ආණ්‌ඩුවට අවශ්‍ය නැති බව පැවසුවත් රටේ ජනතාව එම 16 දෙනා මහත් ආදරයෙන් පිළිගන්නා බවද හෙතෙම පැවසීය.
මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් මෙසේ ද කීය.
අගමැතිට විරුද්ධව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට කොන්ද කෙළින් තියාගෙන පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළ මෙම ඇමැතිවරුන් 16 දෙනා අපට එක්‌වූ පසු අපි තවත් ශක්‌තිමත් වෙනවා. විපක්‍ෂය ජනතාවගේ හදවතට සමීපවෙලා. ජනතාවට දැන් විපක්‍ෂය ගැන බලාපොරොත්තුවක් තිබෙනවා.
ආණ්‌ඩුව බලයට පත් වූ දවසේ සිට ජනතාවට මොනවද කළේ කියලා අපි ප්‍රශ්න කරනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...