අත්‍යාවශ්‍ය ආහාර වල මිල පහල හෙලීම පිලිබදව ඇත්තෙන්ම අප සතුටු විය යුතුය. එක්කෝටි විසිලක්ෂයක් වූ සමස්ථ පාරිභෝගික සමාජය වෙනුවෙන් සාධාරණ වෙළද ක්‍රියාමාර්ගයන් ගැනිම රජයක වගකීමක් සේම යුතුකමක් ද වන්නේය. අපි දන්නා ඉතිහාසය තුල වැඩි වූ භාණ්ඩයක මිල අඩුවීමක් අසා නැත. සාමාන්‍යයෙන් සරල ආර්ථික විද්‍යාවේ න්‍යායට අනුව ඉල්ලුම හා සැපයුම මත මිල න්‍යාය හැඩගැසෙන බව ප්‍රායෝගික සත්‍යකි. මින් පරිබාහිරව වෙළදපොලේ මිල ඉහල පහල යෑමක් සිදුනොවිය හැක.
වෙළද පොල තුල භාණ්ඩ හිගයක් පවතින විටදී කෘතීමව මිල පාලනය කිරිමක් කලද එය තාවකාලිකව පාරිභෝගිකයා ආරක්ෂා කිරීමක් මිස නිෂ්පාදන ධාරිතාවය ඉහල නංවා ස්වාභාවික ක්‍රමවේදයන් මත සිදුවන්නක් නොවේ. රජයක් විසින් තම වෙළද ප්‍රතිපත්තිය මෙන්ම භාණ්ඩ නිෂ්පාදන ප්‍රතිපත්තියක්ද ක්‍රියාවට නැංවීය යුත්තේය. එසේ නොවන්නේ නම් මිල අඩුකිරිමේ ක්‍රියාවලිය හුදු එදාවේල පිරිමැසීමේ ජනප්‍රිය තේමා පාඨයකට පමණක් සීමා වනු ඇත. එය යළි යළිදු රජයන් මගින් සිදුකරන මාධ්‍ය නාඩගමක් වනු ඇත්තේය.
ඒ සදහා වගකිවයුතු රජයක් විධියට යුහුසුලුව අත්‍යාවශ්‍ය භාණ්ඩ රටතුල නිෂ්පාදන ක්‍රියාන්විතයක් ඇරඹිය යුත්තේය. ඒ වෙනුවෙන් කෙටිකාලීන හා මධ්‍යකාලිනවත් නිෂ්පාදනය කල හැකි ආහාර ද්‍රව්‍ය ඇතුලු කෘෂිකාර්මික නිෂ්පාදන ධාරිතාවය ඉහල නංවාලීමට පියවර ගත යුතුවා සේම දේශීය ගොවියාත් නිෂ්පාදකයාත් ආරක්ෂා කරගැනීම උදෙසා විධිමත් ආරක්ෂණ ක්‍රමවේදයක් ( ආනයනික සීමා හා බදු ප්‍රතිපත්තියක් මත,)
සැකසිය යුත්තේය.
විශේෂයෙන්ම ගොවියා ආරක්ෂා කරගැනීම මූලික කොටගත් ඔවුන්ට වගාකිරිමේ තදබල ආශාවක් හා ප්‍රවර්ධනක් උදෙසා කටයුතු කිරිම අදාල අමාත්‍යාංශයේ වගකීමක් ද,වන්නේය. තෝරාගත් අත්‍යාවශ්‍ය ආහාර බවභෝග කෙරෙහි වැඩි අවධානයක් යොමු කල යුතු අතර ඒ සදහා කෘෂි ආර්ථික හා පරිභෝජන සංගණනයක් සැලකිල්ලට ගැනිමෙන් නිෂ්පාදන ක්‍රියාවලිය සාර්ථක කරගැනිම වඩාත් ඵලදායි වේ.
අප රටේ ප්‍රධාන ආහාරය වන බත් වන අතර ඒ සදහා අවශ්‍ය දෛනික සහල් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් ලක්ෂ තිහක් වැනි ප්‍රමාණයකි. රට තුල ප්‍රමාණවත් වී තොග ඇත්තේය. නමුදු සහල් නිෂ්පාදන ධාරිතාවය ප්‍රමාණවත් නැති නිසාම වෙළදපොල තුල සහල් හිගයක් ඇතිවීම ස්වාභාවික සංසිද්ධියක් මිස අදෘශ්‍යමාන ක්‍රියාවිතයක් නොවන බව වගකිව යුතු ඉහල නිලධාරීන් වටහාගත යුතුව ඇත. කලයුත්තේ සහල් ආනයනය වෙනුවට සහල් නිෂ්පාදන ක්‍රියාවලිය මෙරට තුල පුලුල් කිරිමේ මෙහෙයුමකි. මෙය රාජ්‍ය හා පුද්ගලික මැදිහත්වීමෙන් කල හැකි අතර අවශ්‍ය වන්නේ සෘජු වැඩපිලිවෙළක් පමණි.
මේ ආකාරයට සෑම වසරකම පාහේ අස්වැන්න නෙලන කාල සීමාවේ මිල අඩුවැඩි වීම මත විවිධාකාරයේ ගැටලු ඇතිවේ. බී ලූණු , අල එළවලු හා ධාන්‍ය අස්වනු නෙලන කාලය ආසන්න වනවිට බොහෝ විට ආනයන ක්‍රියාවලිය ක්‍රියාත්මක වේ. එසේ වන්නේ විශේෂයෙන්ම දේශීයව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයක් ඇතිවීම නිසාවෙන් අධිකව මිල ඉහල යාමක් ඇතිවීම නිසාවෙනි. මෙය ප්‍රායෝගික යථාර්ථයකි. මෙය වැලැක්වීම සදහාය කෙටිකාලිනව දිගුකාලිනව නිෂ්පාදන ධාරිතවය ඉහල දැමීමේ වැඩපිලිවෙළක් අත්‍යාවශ්‍ය වේ. එවැනි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් මෙසේය. බීලූනු ., අර්තාපල් , මිරිස්, මේ අතුරින් ප්‍රධාන තැනක් ගනි.
මේ සියල්ල වගාකරන භූමි ප්‍රමාණය මෙන්ම නිෂ්පාදන ධාරිතාවයද වාර්ෂික පරිභෝජන ප්‍රමාණයට වඩා අඩු අගයක් ගන්නේය. විවිධ හේතු මත ගොවීන් වගාකටයුතු වලින් ඈත්වී වෙනත් කෙටිකාලීන ලාභදායි වාණිජ වගාවන් කෙරෙහි යොමුවී තිබීම බරපතල ඛේදවාචකයකි. මීට වසර 20 කට පෙර බී ලූණු වගා බිම් ප්‍රමාණය හා සැසදූ කල 75% කින් අඩුවෙලාය. රටපුරාම අක්කර 20000 කට ආසන්නව වගාකරන ලද වගා වපසරිය 2019 දී අක්කර 4250කි. එය 2020 දී අක්කර 8000 දක්වා වැඩිවීම සතුටුදායක වුවද එය රටට අවශ්‍ය ප්‍රමාණයට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන්නේය. සාමාන්‍යයෙන් අවුරුද්දක බී ලූණු පරිභෝජනය මෙට්ට්‍රික් ටොන් 250000කි. එහෙත් රට තුල නිෂ්පාදනය මෙට්ට්‍රික් ටොන් 25000- 50000 ත් අතර ප්‍රමාණයක් වේ. මේ නිසාම ආනයන ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කල යුතුවේ. එහි කිසිදු තර්කයක් නොමැත. අර්තාපල් වලද මිරිස් ඇතුලු අනෙකුත් ධාන්‍ය වලද තත්ත්වය එසේමය.
මේ සදහා ස්ථිරසාර විසදුමක් රජය පැත්තෙන් ක්‍රියාවට නැගිය යුත්තේය ඒ සදහා දේශියව ගොවියා ආරක්ෂා කරගනිමින් ඒ ඒ බවභෝග වගාකිරිමේ වැඩි නැඹුරුවකට ගොවියාද ගොවිබිම්ද යොමු කල යුතු වන්නේය. ඒ සදහා ප්‍රායෝගික වැඩපිලිවෙළක් සකසා ක්‍රියාත්මක කිරිමට රජය මේ මොහොතේ යුහුසුලුව කටයුතු කල යුත්තේය. ආනයනික බදු ඉවත් කල පමණින් මේ කාලයේ වෙළදපොලේ බඩු මිල අඩුවීමක් නොවන්නේය. එයට හේතුව COVID නිසාවෙන් ආනයන අපනයන වෙළදාම සිදුවන්නේ අල්ප වශයෙනි.
මේ කොරෝනා අපිට වෙස්වලාගත් ආශිර්වාදයක් කරගනිමින් රටතුල කෘෂිකර්ම මෙන්ම ප්‍රාථමික භාණ්ඩ නිෂ්පාදනය කෙරෙහි වැඩි අවධානයක් යොමුකොට එය ක්‍රියාවට නංවන්නේ නම් එය මතු දවසේ පාරිභෝගිකයා මෙන්ම දේශීය ගොවියා ඇතුලු නිෂ්පාදකයාද ආරක්ෂා වන්නේය..
– අනුරාධ තෙන්නකෝන් –
සභාපති
ජාතික ගොවිජන එකමුතුව
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...