ගුණරුවන් නිසා නිරුවත් වූ ස්වාධීන තක්කඩි! යන මැයෙන් ලංකා ලීඩ් නිව්ස් අප විසින් පළ කරන ලද ලිපියට අදාළව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්‍ය ලලිතසිරි ගුණරුවන් මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාවක් පාඨකයෙකු විසින් අප වෙත එවා ඇත.
ඉහත මාතෘකාවට අදාළව අප විසින් පළ කළ ලිපියට පිළිතුරු ලෙස එම ලිපිය මෙසේ පළ කරනු ලැබේ.
මේ මෝඩ රාජ්‍ය නිලධාරියාට කවුරු හරි කියල දෙන්න බඩු අදින්න නෙවේ මේක හදන්න හැදුවේ, කොළඹ නගරයේ තදබදයට විසදුමක් ලෙස ජනතාව ප්‍රවාහනය කරන්න කියලා. මූ හිතන් ඉන්නෙ මේක බඩු අදින කෝච්චියක් කියලා.
පිළිතුර – අප කතා කළේ දැනටමත් බඩු අදින – ඉදිරියටත් බඩු ඇදිය යුතු – යම් දිනක වේගවත් දුම්රියක් විලස රත්නපුරයට හා ඉන් ඔබ්බට දීර්ඝ කිරීමේ ඉඩකඩ විනාශ නොකර ඉතිරි කර ගත යුතු – දැනටත් මරදානේ සිට නාරාහේන්පිට – නුගේගොඩ – මහරගම – හෝමාගම – පාදුක්ක ඔස්සේ දිවෙන කැලණිවැලි දුම්රිය ගැන විනා මිනිසුන් ප්‍රවාහනයට පමණක් වෙනුවෙන් හැදෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් ගැන නොවේ ! ඔබේ වැරදි වැටහීම ගැන මට කළ හැක්කේ අනුකම්පා කිරීම පමණි
දෛනිකව මිනිස්සු කොළඹ එන්නේ තමන්ගේ අවශ්‍යතා ඉටු කරගැනීමට. ඒ තරම් හදිස්සියක් කෝච්චියේ පටවලා යන බඩුවලට නොමැති බවවත් මේකාට නොතේරෙන්නේ මන්ද.
කෝච්චි අහසෙ යන්න හදන්නෙ බිමින් හදන්න බැරි නිසා නොව අනාගතයේදී අවශ්‍යතාව අනුව බිම් මාර්ග විශාල කිරීම හා නොයෙකුත් කාර්‍යන්හිදී කෝච්චි පාර නිසා බාධාවක් ඇති නොවීමට බවවත් තේරෙන්නෙ නැති හරකෙක්නෙ මේකා.
දුම්රිය කාලය විනාඩි 5ක් විතරයි ඉතුරු වෙන්නෙ කියලා මේ යකා කියනවා. ගොන් හරකෝ දුම්රිය කාලය නෙවේ මේ සේවාව නිසා කොළඹ නගරයේ අනෙකුත් පාරවල් වල තදබදය අඩුවෙද්දි මිනිස්සුන්ට ඔයිට වඩා විශාල කාලයක් ඉතුරු වෙනවා කියලා හිතන්න බැරි තරම් මෝඩ මීමෙක්ද ඔයා?
හැබැයි එක දෙයක් කියන්න ඕනෙ – පාර හෝ දුම්රිය මග ඉස්සීමට වැය කෙරෙන මුදල් මේ රටේ පයින්වත් යන්න – බයිසිකලයකවත් යන්න – හරිහමන් අඩිපාරක්වත් නැතිව කුඹුරු නියරවල් උඩින් කිලෝමීටර ගණන් පයින් පාසලට රෝහලට යන මිනිසුන් ඉන්න රටක ඒ අය ගේ සීනි හැන්දෙනුත් එකතු කරන රජයේ පොදු මුදලෙන් ගෙවන්න අරින්නෙ නැතිව ඒ පාරවල් මත සුපිරි වාහනවලින් යන දහසක් දිවැස් ඇතතන්ගේ පොකැට් එකෙන්ම අය කරගත්තා නම් නේ ද හරි ? මේ රටේ සහනාධාර හොද නැත්තේ – භාණ්ඩාගාරයට බරක් වී ඇත්තේ- දුප්පතුන්ට දෙන සමෘද්ධිය හෝ පාසල් නිල ඇදුම හෝ නිදහස් අධ්‍යාපනය හෝ නිදහස් සෙෘඛ්‍යය පමණද? දහසක් දිවැස් ඇත්තන්ගේ සුපිරි වාහන වලට නිකම් දෙන – සත පහක් වත් අය නොකරන – මහාමාර්ග වලට කරන වියදම් කාර් වල යන අය ගෙවන්නෙ නැතිව දවසකට රුපියල් 500 කට අඩු ආදායම් ලබන්නන් රටෙන් බාගයක් විතර සිටින රටක පොදු මුදල් වලින් ගෙවීමට සැලැස්වීම පවු නැද්ද ?
කොමිස් වලට ගිජුවුන විනාඩියක අගය නොදන්න මේ තකතීරු රාජ්‍ය නිලධාරී මෝඩයාට නොතේරුනාට ජපානය ව්‍යාපෘති කලේ එක තත්පරයක වාසියත් ජනතාවට අරන් දෙන්න මිස කොමිස් ගහගන්නෙ කොහොමද බලන්න නෙවේ.
මේකට යන වියදම වැඩියිලු. වියදම් කරන්නෙ ජපානය. චීනය වගේ ගසාකන්න නෙවේ. අහස උඩින් මේවා හදද්දී නියමිත ප්‍රමිතියට හදන්න ඕන. එහෙම නැති උනොත් ඒක කඩන් වැටෙන්නෙ මිනිස්සුන්ගෙ ඔලුව උඩට. ජපානයේ හැම තැනම තියෙන මේ කෝච්චි පාරවල් වල අනතුරු බින්දුවයි.
69 ලක්ෂයක් වූ බයියන්ට හරියන්නෙ ගල් අගුරු වලින් දුවන කෝච්චිම තමා. උන්ට මේ වගේ ඒවා තාම මැජික්. ඉතින් අපි මොනවා කරන්නද?
පිළිතුර – මේ ගැන මට යමක් කිව නොහැකියි – ටොයියකු ගේ ප්‍රකාශයක් බව පෙනෙනවා කීම හැර !
Ps- කැලණි වැලි උඩින් දාලා කතාව පටන් ගෙන ජපන් LRT එක නවත්වපු එක සාධාරණය කරන්න හේතු කියන දෙකයි පනහෙ වැඩ කරන්න එපා ආචාර්යවරයෙක් විදිහට.
පිළිතුර – නැවතත් කියන්නෙ, අපේ මාතෘකාවට කිසි සේත්ම සැහැල්ලු දුමිරිය ව්‍යාපෘතිය අදාළ වුණේ නැහැ. ඒති ඉතින් පුහුල් හොරුන් දැනෙන්නෙ කරෙන් කීවලු නෙ ! තම තම ව්‍යාපෘති අදහස් වලටත් මේ විවේචන ගැළපුණා නම් ඒවා යොදා ගත්තාට මගේ අමනාපයක් නැහැ. එක අතකට ඹය කියන සැහැල්ලු දුමිරිය ව්‍යාපෘතියට ප්‍රමුඛතාවය දී තියෙන්නේ රුපියල් මිලියන 5000 කින් පමණ (ඩොලර් වලින් නම් මිලියන 30 කින් විතර) ලෝකෙට ණය නොවී අපටම ඉදි කර ගත හැකිව තිබූ සහ ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබූ මහ පොළොව මතින් ම යාමට සැලසුම් කර තිබූ දෙමටගොඩ -බත්තරමුල්ල නව දුම්රිය යෝජනාව කුණු කූඩයට යවමින් නෙ. ඉතින් කාගෙ කාගෙත් වැඩ ගැන තවත් කවර කතා ද?
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...