රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩී.පි.කුමාරගේ මහතාගේ රාජකාරී කටයුතු තාවකාලිකව අත්හිටුවීමට බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා තීරණය කොට ඇත.
10 දින පැවැති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළ අමාත්‍ය වරයා කියා සිටියේ කතරගම බස්නායක නිලමේ වරයා සම්බන්ධයෙන් තමන් වෙත හා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයා වෙත ලැබී ඇති පෙත්සම් කිහිපයක් විභාග කිරීම සඳහා ඔහු ගේ තනතුර තාවකාලිකව අත්හිටවූ බවය.
ඒ සම්බන්ධයෙන් නීතිපති වරයා වෙතින් ලබා ගන්නා උපදෙස් මත එම පරීක්ෂණ පැවැත්වෙන බවත් එම පරීක්ෂණ වලින් ඔහුගේ නිවැරදි බව තහවුරු වුවහොත් නැවත රාජකාරියේ පිහිටුවන බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම එම චෝදනා වලට ඔහු වැරදි කරු වුවහොත් නීත්‍යානුකූලව කටයුතු කරන බවද ඇමතිවරයා කීය.
මේ අතර කුමාරගේ මහතාගෙන් තාවකාලිකව පුරප්පාඩු වූ බස්නායක නිලමේ ධුරයේ වැඩ බැලීම සඳහා දිල්රුවන් රාජපක්ෂ මහතා පත් කොට ඇති අතර ඔහු බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් වරයාද වෙයි.
මෙම තනතුරින් ඉවත් කිරීම සම්බන්ධයෙන් අද පස්වරුවේ ලක්බිම ඔන්ලයින් බස්නායක නිලමේ වරයාගෙන් කළ වීමසීමකදී ඔහු ප්‍රකාශ කළේ තමන්ට මෙතෙක් එබඳු දැනුම් දීමක් කර නොමැති බවය.
ඒ කෙසේ හෝ කතරගම දේවාලයේ කපු පාර්ශවයේ දෙදෙනෙකු ඇතුළු කණ්ඩායමක් විසින් තම බස්නායක නිලමේ ධුරයේ රාජකාරී කටයුතු කිරීමට නිසි ලෙස ඉඩ නොදෙන බව මීට පෙර ප්‍රකාශ කළ නිලමේ වරයා දේවාලයේ ආදායම් පරිපාලනය විනිවිද භාවයෙන් යුතුව ක්‍රමවත්ව සිදු කිරීමට සැරසීම මුල් කොට දේවාලයට සම්බන්ධ ඇතැම් පාර්ශවයන් තමන් හට දැඩි විරුද්ධකම් පෑ බව පෙර සිටම කියා සිටියේය.
එහෙත් නිලමේ වරයාට එරෙහිව මෙතෙක් ගොනුවී ඇති පෙත්සම් වල මුදල් අවභාවිතයක් පිළිබඳ සඳහන් වී ඇති අතර ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බස්නායක නිලමේ වරයා කියා සිටියේ තමන් මෙතෙක් තම නිලයේ කටයුතු සීයයට සීයක්ම හෘද සාක්ෂියට අනුකූලව සිදු කොට ඇති අතර ඉදිරියේ එළැඹෙන සියළු අභියෝගයන් හට එඩිතරව මුහුණ දීමේ ආත්ම ශක්තිය තමන් සතු බවය. එමෙන්ම එවිට මෙම සියළු අක්‍රමිතාවයන්ට සැබෑ වගඋත්තර කරුවන් කවුරුන්ද යන්න වග ඉදිරියේදී අනාවරණය වනු ඇතැයි ඔහු පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...