පුරවැසි කොලම

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අංගුවට ගෙන පසුව අධිකරණයකට හෝ ඉදිරිපත් නොකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රිෂාඩ් බදුර්දීන්ගේ සහෝදරයා නිදහස් කළේ කාගේ උවමනාවකට ද, ඒ යට ඇති ඩීල් දේශපාලනය කුමක් ද යන්න බොහෝ දෙනෙකුට දැන් නොතේරෙන දෙයක් නොවේ. 20 වන සංශෝධනයේ ඇතැම් වගන්තිවලට ආණ්ඩු පාර්ශවයේම පිරිසකගේ විරෝධය මතුවීම සමග කවදත් පුරුදු ලාභ කප්පම් දේශපාලනයට අතවනා පෙන්වූයේ කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හරි ද්විත්ත පුරවැසිකම තියාගෙනම බැසිල් ඇතුළට ගන්න හැකිවන ලෙස මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහයෙන් හෝ 20 සම්මත කරන බවයි. ඊට එරෙහිවෙන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්‌ට රතු සංඥා දල්වන්න දුන් පළමු දේශපාලන කප්පම තමයි රියාජ් බදුර්දීන්ව නිදහස් කිරීම.

මේ ඩීල් දේශපාලනය නිසා දේශපාලන වන්දියක් ගෙවීමට සිදු වූයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතාටයි. ඔහු කන්කසන්තුරේ පොලිස් කොට්ඨාශයට මාරු කර යැවුණේ මේ පිටුපස සිටින ආණ්ඩුවේ ප්‍රබල දේශපාලන හස්තවල බලපෑම මත රියාජ් බදුර්දීන්ට එරෙහිව කිසිදු සාක්ෂ්‍යයක් නැති බව ප්‍රකාශ කරවීමෙන්ද අනතුරුවයි. කවර ආණ්ඩුවක් යටතේ වුවද පොලිස් හා හමුදා මාධ්‍ය ප්‍රකාශකයන් ස්වාධීන නැති අතර ඔවුන්ට ප්‍රකාශ කිරීමට සිදුවන්නේ ආණ්ඩුවට අවශ්‍ය ප්‍රකාශනයි. හෘද සාක්ෂ්‍යයට විරුද්ධව වුවද කරන්නට සිදුවන්නේ ආණ්ඩුවේ උවමනා එපාකම් මත ප්‍රකාශනයි. බදුර්දීන් සතුටු කිරීමට ජාලිය සේනාරත්න ලවා එසේ ප්‍රකශයක් කරවීමෙන් පමණක්ම ප්‍රමාණවත් වී නැත. “විනය හේතු මත” කියමින් ඔහු කන්කසන්තුරේට මාරුකර යවන්නේ එබැවිනි. ඔහු කඩ කරන ලද විනය මේ වීඩියෝ එකින් නැරඹිය හැකියි.

රිෂාඞ්ගේ මල්ලි රියාජ් බදුර්දීන් අත්අඩංගුවට ගන්න තිබු හේතු මෙන්න

රිෂාඞ්ගේ මල්ලි රියාජ් බදුර්දීන් අත්අඩංගුවට ගන්න තිබු හේතු මෙන්න

Gepostet von Nimal chandana am Mittwoch, 14. Oktober 2020

|රත්නනදෙණියේ මේධානන්ද හිමි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More