ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සඳහා චීනය, රුසියාව, පාකිස්තානය, නේපාලය සහ කියුබාව යන රටවල් පත්වී ඇත. රාජ්‍ය නොවන සංවිධාන විසින් චීනය, රුසියාව, කියුබාව යන රටවල් මානව හිමිකම් කවුන්සිලයට පත් නොකරන ලෙස එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල්වලින් ඉල්ලා තිබිණි.
මානව හිමිකම් කවුන්සිලයේ අසුනකට තරග වැදුණු සවුදි අරාබියාව පරාජයට පත් විය. චීනයට ඡන්ද 139 ක් ද පාකිස්තානයට 169 ක්ද, නේපාලයට 156 ක් ද, උස්බෙකිස්තානයට 164 ක් ද ලැබී තිබූ අතර සවුදි අරාබියාවට ලැබුණේ ඡන්ද 90- කි.
සාමාජිකයන් 47 කගෙන් යුත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉහත කී රටවල් පත් වූයේ රහස් ඡන්දයෙනි.
මෙම ඡන්ද විමසීමේදී මලාවි, ප්‍රංශය සහ බි්රතාන්ය, යුක්රේන් සහ මෙක්සිකෝ යන රටවල් ද ජය ලැබීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...