කුරුණෑගල වැවිලි සමාගම් ඉතිහාසයේ මේ දක්වා ලැබු ඉහළම බදු පෙර ලාභය ලෙස රු මිලියන 248ක් 2017 වර්ෂය ස`දහා වාර්තා කරන ලදී. මෙය පෙර වසරට සාපේක්ෂව 72% ක වැඩිවීමකි. සේවක සේවකයින් 1066 දෙනෙක් ස`දහා දිරි දිමනා ලබාදීම වෙනුවෙන් මෙවර රු මිලියන 27.6 ක මුදලක් වෙන් කරන ලදි.
මෙහිදි අදහස් දැක් වු අමාත්‍යතුමා,
සේවකයින් රැකබලා ගැනීම ඒ ආයතනයේ සාර්ථකත්වයට අවශ්‍ය මුලික ලක්ෂණයක්. කුරුණැගල සහ හලාවත සමාගම් දෙක රජයට බරක් නැති ආයතන දෙකක්. දීමනා හා අර්ථසාදක අරමුදල් ගෙවන්න ඒ වගේම මේ ආයතනයේ වැඩ වලට රජයේ මුදල් ඉල්ලන්නේ නැහැ. මේක අපට විශාල සහනයක්. අපි කිසිම දවසක කුරුණෑගල සහ හලාවත යන වතු සමාගම් දෙක ඇතුළු ලාභ ලබන කිසිදු වැවිලි සමාගමක් පෞද්ගලික අංශයට ලබාදෙන්නේ නැහැ. රජය එම ආයතන ආරක්ෂා කරනවා. රැුක බලා ගන්නවා. මේ ආයතන තවදුරටත් දියුණු කරන්න රජය අවශ්‍ය සහයෝගය දෙනවා. නමුත් පාඩු ලබන වතු විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒ වතු සේවකයන්ට බරක් වෙලා. අපි ඒ වතු සමාගම්වලට ගියාම සේවකයෝ කියනවා අපට වෙලාවට පඩි ලැබෙන අර්ථසාදක මුදල් ලැබෙන අපේ දීමනා ලැබෙන ලෙසට මේක කරන්න පු`එවන් කාටහරි දෙන්න. අපි ඒ වතු පමණක් තෝරා බේරා ගෙන මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ඇතිව කැබිනට් මණ්ඩලයේ අවසරය ඇතිව සුදුසු ආයෝජකයන් තෝරලා ඒ අයට වතු ලබාදෙන්න කටයුතු කරනවා.
අමාත්‍යතුමන් මෙම අදහස් ප‍්‍රකාශ කලේ් කුරුණෑගල වැවිලි සමාගමේ කාර්ය මණ්ඩලයට 2017 වර්ෂය සදහා සේවක දිරි දීමනා ලබාදීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම්, කුරුණෑගල වැවිලි සමාගමේ සභාපතිතුමා ඇතු`එ අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරින් සහභාගි වී සිටියහ.
මාධ්‍ය එ්කකය
රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...