දේශීය පුවත්

මාස 2ක් තිස්සේ වැටුප් නොමැතිව විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්යමණ්ඩල දැඩි දුෂ්කරතාවයකට පත්වතිබෙන බවත් සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර මෙම ගැටළුව කඩිනමින් විසදීමට ආන්ඩුව ක්‍රියා නොකළොත් අනධ්‍යන කාර්යමණ්ඩලවලින් යැපෙන පවුල් 15000 කට පමණ මෙම අවුරුද්ද ඉතා අසුභ අවුරුද්දක් වන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ඒ වගේම මෙම විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල අඛණ්ඩ වර්ජනය හේතුවෙන් සියලුම සරසවි මාස 2ක් තිස්සේ වසාදමා තිබෙන බවත් මෙමගින් සරසවි සිසුන්ගේ අධ්‍යයන කටයුතු මුළුමනින්ම ඇණහිට තිබෙන බවත් මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

මීට පෙර සයිටම් අර්බුදය හේතුවෙන් මාස 08 ක පමණ කාලයක් වෛද්‍ය පීඨවල කිසිදු අධ්‍යයන ක්‍රියාවලියක් සිදු නොවු බවත් මෙම යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මුළු සරසවි පද්ධතියම අවුල් ජාලාවක් වී තිබෙන බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

යම් රාජ්‍ය ආයතනයක් පෞද්ගලීකරණය කිරීමට පෙර වත්මන් යහපාලන ආණ්ඩුව රාජ්‍ය ආයතන අලාභ ලබන බව පෙන්වීමට උපායශිලි ක්‍රියාමාර්ග ගන්නා බවද මන්ත්‍රිවරයා සදහන් කරයි.

ඒ ආකාරයෙන් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ප්‍රශ්න ඇතිකර ඒවා විසදීමට කටයුතු නොකරමින් මෙම ආණ්ඩුව සිදුකරන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල මේ රටේ තව තවත් ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කරමින් රාජ්‍ය විශ්වවිද්‍යාල පෞද්ගලීකරණය කිරීමට අවශ්‍ය පාර කැපීම බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

එම නිසා විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලවල ගැටලුව කඩිනමින් විසදා සරසවි සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොකිරීමට වගකිවයුතු සම්මුතිවාදී ජාතික ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More