බ්‍රිතාන්‍ය සමාගමක් වන AstraZeneca සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් නිපදවන ලද කොරෝනා වයිරස් එන්නතේ අත්හදා බැලීම්වලට සහභාගී වූ බ්‍රසීල පුරවැසියෙකු මරණය පත්වූ පුවතක් බ්‍රසීල ජාතික සෞඛ්‍ය නිරීක්ෂණ ඒජන්සිය “Anvisa” විසින් වාර්තා කර තිබේ.
අදාල සමාගම මාධ්‍යට පවසා තිබුණේ එන්නත ලබා ගත් තැනැත්තාගේ මරණය සම්බන්ධයෙන් තවමත් නිල ස්ථාවරයක තමන් නොමැති බවත්, මෙම තොරතුරු පිළිබඳව අදහස් නොදක්වන බවත්ය.
“ජාත්‍යන්තර එන්නත් අත්හදා බැලීම් සඳහා ආරක්‍ෂිත ඇගයීම් කමිටුව” මෙම සිද්ධිය පිළිබඳ විමර්ශනයක් සිදු කරන බව Anvisa ඒජන්සිය පවසා ඇත.
ඇතිවී ඇති තත්වය පිළිබඳව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණි. එහිදී විශ්ව විද්‍යාල නිලධාරියෙකු පවසා තිබුණේ එන්නත ආරක්ෂිත බවත්, අත්හදා බැලීම් දිගටම කරගෙන යනු ඇති බවත් ය.
“බ්‍රසීලයේ මෙම ගැටලුව පිළිබඳව හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසු සායනික අත්හදා බැලීම්වල ආරක්ෂාව පිළිබඳව කිසිදු ගැටළුවක් නොවීය. ස්වාධීන පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව, එන්නතෙහි වැඩිදුර පරීක්ෂණ සිදුකෙරුණු ඇත.” යනුවෙන් ඔවුන් වැඩිදුරටත් අදහස් දක්වා තිබුණි
මූලාශ්‍ර news.mail.ru
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...