ඇමරිකා එක්සත් ජනපදයේ එලඹෙන නොවැම්බර් 03දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටින ජෝ බයිඩන්ගේ සහාය වෙනුවෙන් එරට හිටපු ජනපතිවරයෙකු වන බරැක් ඔබාමාද මතිවරණ වේදිකාවට ගොඩවීමට කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ඒ අනුව පසුගිය බදාදා ෆිලඩෙල්ෆියාහි බේස්බෝල් පිටියකදී පැවැත්වුණු ඩ්‍රයිව්-ඉන් රැලියකට ඔබාමා මෙලෙස සහභාගි වී ඇත. ජනපතිවරණය සඳහා තවත් සති දෙකක් තිබියදී හිටපු ජනපතිවරයා ජෝ බයිඩන්ගේ මැතිවරණ ව්‍යාපාරය ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙලෙස එක්ව තිබේ.
නව කොරෝනා ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා ක්‍රියාත්මක සමාජ දුරස්ථභාවයේ සීමා ආරක්ෂා කරමින් ඩිමොක්‍රටික් ආධාරකරුවන්ට සිය මෝටර් රථවල සිටම මෙම රැලියට සහභාගි වීමේ අවස්ථාව ලබාදී තිබුණි. තමා සහභාගි වූ මෙම පළමු ජන රැලියේදීම වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය දැඩි ලෙස විවේචනය කිරීමට ඔබාමා පියවර ගෙන ඇතැයි පැවසෙයි. “මෙය රියැලිටි වැඩසටහනක් නෙමෙයි. මේ තමයි රියැලිටිය.”ජනපති ට්‍රම්ප් මීට පෙර ඉදිරිපත් කළ රූපවාහිනි රියැලිටි වැඩසටහන් පිළිබඳව මතක් කරමින් ඔබාමා එලෙස පවසා තිබේ.
“ඔහු අද මේ රාජකාරිය හරි විදියට භාර අරගෙන, එය නොකරන බව ඔප්පු කර තිබෙනවා. ඒ නිසා ඉන් ඇති වන ඵලවිපාක සමඟ ජීවත්වීමට ඇමෙරිකානුවන් හැටියට අපට සිදුවෙලා.” ඔබාමා මෙහිදී සඳහන් කර තිබේ.
“ජෝ බයිඩන් සහ කමලා හැරිස් එකට එක්ව ඉන්න කොට ඔබලාට දැන් දිනපතාම පාහේ අසන්නට ලැබෙන පිස්සු විකාර දේවල් ගැන හිතන්න ඕන වෙන්නෙ නැහැ. ඒ කියන්නේ ඒ තරමට මේ සුසංයෝගය වටිනවා. ඔබලාට සෑම දිනකදීම ඔවුන් පවසන දේ ගැන වාද කරමින් ඉන්න ඕන වෙන්නෙ නැති වේවි.” ඔබාමා වැඩිදුරටත් පවසා තිබේ.
මෙහිදී ඔබාමා වත්මන් ජනපතිවරයා විසින් එරට තුළ නව කොරෝනා වසංගතය හැසිර වූ ආකාරය දැඩි ලෙස විවේචනය කර තිබේ. විශේෂයෙන්ම ජනපතිවරයාද එහි ගොදුරක් වූ බව හිටපු ජනපති ඔබාමා මතක් කරදී ඇත. “ඩොනල්ඩ් ට්‍රම්ප්ට බැහැ අපි සැවොම ආරක්ෂා කරන්න. ඔහුට බැරි වුණා මේ වෛරසයෙන් තමන්වම ආරක්ෂා කරගන්න වුවමනා කරන මූලික පියවරවත් අනුගමනය කරන්න.”
ඔබාමා මෙලෙස ෆිලඩෙල්ෆියාහි පැවැත්වුණු ඩ්‍රයිව්-ඉන් රැලිය සඳහා සහභාගි වූයේ මෙම කාලය තුළ ජෝ බයිඩන් වෙත යම් නිදහසක් ලබාදීමේ අරමුණින් බවත් මාධ්‍ය පවසයි. ජෝ බයිඩන් මේ වනවිට ඩෙල්වෙයාර්හි පිහිටි සිය නිවසේ රැඳී සිටින බවත්, ඊයේ (බ්‍රහස්පතින්දා) දිනයේදී ජනපති ට්‍රම්ප් සමඟ පැවැත්වීමට නියමිතව තිබූ අවසන් විවාදය සඳහා ඔහු සුදානම් වෙමින් සිටි බවත් පැවසෙයි. එරට ටෙනිසීස් නුවර නෑෂ්විලීහිදී මෙම විවාදය පැවැත්වෙයි.
ඩිමොක්‍රැටික් ජනපති අපේක්ෂක ජෝ බයිඩන් හිටපු ජනපතිට ඔබාමාගේ පාලන සමයේ ඔහුගේ උපජනපතිවරයා ලෙස කටයුතු කළේය. එසේම ඔහු ඔබාමාගේ ළඟම මිතුරෙකුද වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...