20 වන සංශෝධනය සම්මත කිරීම සඳහා ආණ්ඩුව මෙයට මාස කිහිපයකට පෙර කටයුතු ආරම්භ කරන විට මහත් අර්බුද මතුවිය. එම සංශෝධනය සම්මත කළ ද ජනමත විචාරණයක් නැතිව ක‍්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් උද්ගත විය. එය උසාවි තීන්දුවකි. අන්තිමේදී ආණ්ඩුව කළේ 20 වැනි සංශෝධනය තුළ ඇති ජනමත විචාරණයකට අවශ්‍ය කොටස් ඉවත් කර පාර්ලිමේන්තු බහුතරයකින් පමණක් බලගැන්විය හැකි වන පරිදි සංශෝධනය ඩ‍්‍රයික්ලීන් කිරීමය. ඕනෑම කහට පැල්ලමක් ඩ‍්‍රයික්ලීන් කිරීමෙන් යැවීමට ලොන්ඩරිකාරයාට බැරිය. එහෙත් සැලකිය යුතු පැල්ලම් රැුසක් ඉවත් කිරීමට ඩ‍්‍රයික්ලීන් ක‍්‍රියාවලියට පුළුවන. සකස් කිරීමෙන් පසු සංවාදයට ලක් කෙරුණු මුල් අවස්ථාවේදී 20 වන සංශෝධනය කොතරම් අර්බුදයකට ලක්වීද යත් එය කෙටුම්පත් කළ අයකු පවා සොයා ගැනීමට බැරි විය. අවසානයේදී ජනාධිපති ඉදිරිපත්වී සංශෝධන කෙටුම්පතේ වගකීම භාරගත් අතර ප‍්‍රශ්නය සමතයකට පත්විය.
ඊළඟ ප‍්‍රශ්නය වූයේ පොහොට්ටුව, මලක් ලෙස පුබුදු කරලීමට මූලික වූ විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, තිස්ස විතාරණ, විජයදාස රාජපක්ෂ යනාදීන් 20 වන සංශෝධනයට වෙඩි තබන්නට පටන් ගැනීමය. වැඩි දෙනා කල්පනා කළේ සංශෝධනය සම්මත කරගැනීම සඳහා ඡන්දය පාවිච්චි කරන අවස්ථාවේදී පෙර කී පස්දෙනා එයට විරුද්ධ වනු ඇති බවය. එහෙත් අන්තිමේදී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඡන්දයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී පෙර කී පස්දෙනා පමණක් නොව සජිත්ගේ පස්දෙනෙක් ද 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය දුන්හ. මෙසේ ඡන්දය දුන් සජිත්ගේ පස්දෙනාගෙන් වැදගත්ම අය වූයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩයනා ගමගේය. ඩයනා ගමගේ යනු සජිත්ගේ ටෙලිෆෝන් පක්ෂයේ ඡන්ද ලකුණේ නීත්‍යනුකූල අයිතිකාරියයි. ඇය සජිත්ගේ ප‍්‍රමුඛතම රණ ශූරයකු වන ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකාගේ ප‍්‍රමුඛතම සගයා වූ සේනක ද සිල්වා ගේ බිරිඳය. ඩයනා ගමගේ, සජිත්ගේ පක්ෂයෙන් එළියට බැස ගෝඨාභයගේ පැත්තට ගියොත් සහ එසේ යනවිට ඇයට හිමි සජිත්ගේ ඡන්ද ලකුණ වූ ටෙලිෆෝනයද රැුගෙන යනවා ඇත. එවිට සජිත්ගේ සමගි ජන බලවේගයේ අනාගතයට කුමක් විය හැකිද යන සරණාගත හැඟීම මේ මොහොතේදී අප තුළ ද හටගෙන තිබේ. මීට දින කිහිපයකට පෙර කැබිනට් ඇමැතිවරුන් සමග පවත්වන ලද රැුස්වීමකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙසේ කීවේය.
”ඡන්ද හැටනව ලක්ෂයකින් මා බලයට පත්වුණේ වැඩ කිරීම පිණිසය. දැන් අප වැඩ පටන්ගත යුතු අතර සියලූ දෙනාම එහි කොටස්කරුවන් විය යුතුය.” 20 වන සංශෝධනය මගින් ජනාධිපතිගේ විධායක බලයෙහි අඩුවක් වූ බවක් නොපෙනේ. ඒ නිසා ආර්. පේ‍්‍රමදාස වැඩ කළ ආකාරයටත්, 2005 සිට 2010 දක්වා කාලය තුළ මහින්ද රාජපක්ෂ වැඩකළ ආකාරයටත් වැඩ කිරීමට ගෝඨාභය රාජපක්ෂට පුළුවන් විය යුතුය. මෙහිදී මහින්ද 2010 තෙක් වැඩ කළ ආකාරය යනුවෙන් අප විශේෂයෙන් සඳහන් කරන්නේ ඇයි? 2009 යුද ජයග‍්‍රහණයෙන් පසු මහින්ද රාජපක්ෂ ඊළඟ ජනාධිපතිවරණය ජයගත්තේ ඡන්ද මිලියන වලිනි. මේ සුවිශාල ජයග‍්‍රහණයෙන් පසු මහින්දට රාජ්‍ය පාලනය මගහැරී ගියේය. ඒ නිසා විවිධ හොරුද, තක්කඩි ද, වංචනිකයෝද කුරහන් සාටකයට මුවාවී විවිධ අවභාවිතයන්හි යෙදී මහින්දත් කා රටත් කා ඊළඟ ජනාධිපතිවරණයත් කා දැමූහ. මේ බව ඉව වැටුණු ඡන්ද දායකයෝ 2013 වන විටම ඊළඟ ඡන්දයෙන් රාජපක්ෂවරුන් පරාජය කිරීමේ තීන්දුව ගත්හ. ඉන්පසු පැමිණි යහපාලන ආණ්ඩුව රට වර්චස් පිඬක් බවට පත් කළේ අර්ජුන මහේන්ද්‍රන්ට මහබැංකුවේ අධිපතිකම දීම, විල්පත්තුව සුද්ද කිරීමට ජාතිවාදීන්ට ඉඩ හැරීම, රිෂාඞ් බදුර්දීන් ලා නරක වැඩ කරන විට අහක බලා ගැනීමත් වැනි ගොන් වැඩ ඔස්සේය. කෙසේ වුවද මේවා දැන් පරණ කතන්දරය. මෙවැනි දේ පුනරුච්චාරණය නොකර රටට වැඩක් කිරීමේ අවස්ථාව මේවනවිට ගෝඨාභය රාජපක්ෂට තිබේ. ඔහු විසින් කරනු ලැබිය යුත්තේ කිසිදු ඇඹරීමකින් තොරව වැඩ පටන් ගැනීමය. එතෙක් මේ රට මහත් උනන්දුවකින් ඔහු දෙස බලා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...