ව්‍යවස්ථා අභියෝග හමුවේ, වාමවාදී, ජාතිකවාදී, යටත් විජිත විරෝධී සටන්කාමී පෙරමුණක් සඳහා ආයාචනයක්..
නිසි අත්දැකීම් නොලබා, පරිපූර්ණත්වයට පත් නොවී, බාහිර අනුග්‍රහයෙන් හා මගපෙන්වීමෙන් යැපෙන්නෝ පරිපූර්ණ මිනිස්සු නොවෙති. ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයෝ ද, දේශපාලන පක්ෂ ද, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ද වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය ද, ඊට පත් වෙන පක්ෂ නියෝජිතයෝ ද නිසි ලෙස නොවැඩුණු නොමේරු විකෘති අය වෙති. මීට හොඳ උදාහරණයක් ජනක විජයපතිරත්න විසින් රචිත “නූතන වෘත්තීය සමිති කලාව” නම් කෘතියේ මෙසේ සටහන් කොට තිබිණි.
“එක් ගුරුවරයෙක් සමනලයෙකු ලෙස බිහි කිරීමට ආසන්න දළඹුවෙකු කෝෂය සමග පන්තියට ගෙනවිත් ළමයින්ට සමනලයා බිහි වන තුරු ඒ දෙස බලා සිටින ලෙස පැවසුවේය. ටික වේලාවකින් සමනලයෙකු ඉන් එළියට ඒමට දඟලන බව දුටු ළමයි එම කෝෂය මඳක් විවර කොට සමනලයාට එලියට ඒමට පහසු ලෙස සකස් කළහ. සු`ඵ මොහොතකට පසු නිරීක්ෂණය වූයේ ඉන් බිහි වූයේ සමනලයෙකු ද නොවන දළඹුවකු ද නොවන අසම්පූර්ණ විකෘති සතෙකු බව ය. ”
මේ ටික උදාහරණ කොට දැක් වූයේ, ලංකාවේ පවතින වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදායයත් 1948 දී ලද ඩොමීනියන් තත්වයත් නිසි ලෙස නොවැඩුණු අසම්පූර්ණ එකක් බව පැහැදිලි කර ගැනීමට පහසු වනු පිණිස ය. ලංකාවට ඩොමීනියන් තත්වය දීමට සුදුසු දැයි පරීක්ෂා කොට වාර්තා කිරීමට 1946 දී මෙරටට පැමිණි සෝල්බරි සාමිගෙන් යුත් කමිටුවක් මහජන අදහස් දැන ගැනීම සඳහා උතුරට යන අතරතුර ඊට එක් ව සිටි ඩී.එස්. සේනානායක මහතා දඹුල්ල ආසනයේ පාර අසල තැඹිලි විකුණන කඩයක් ළඟ නතර කළේ ය. එතැන දී සෝල්බරි සාමි ඇතු`ඵ අමුත්තන්ට තැඹිලි ගෙඩියකින් දෙකකින් සංග්‍රහ කොට පවස නිවා ගැනීමට ද ඉඩකඩ සලසමින් අසල කුඹුරුයායේ අමුඩ කෙටිවලින් සැරසී නියර කොටමින් සිටි ගොවීන් පිරිසකට සේනානායක මහතා අත්පුඩි ගසා සංඥා කොට ලඟට කැඳවා ගත්තේ ය. සෝල්බරිසාමිට මුණගැස් වූ පසු ඔවුහු සිය දේශපාලන දැනුම විදහා දක්වමින් භාෂා පරිවර්තකයින්ගේ ද ආධාර නොලබා සෝල්බරිසාමි සමග චතුර ලෙස ඉංග්‍රීසි බස හසුරුවමින් ලංකාවේ දේශපාලනය හා ජන ජීවිතය පිළිබඳ ව කතා කළහ. ඔවුහු සෝල්බරිසාමිට ලංකාවේ දේශපාලනය හා ජනජීවිතය පිළිබඳ ව එසේ පෙන්වුයේ ව්‍යාජ චිත්‍රයකි. ඒ දඹුල්ලේ අහිංසක ගොවීන් පිරිසක් නොව ඊට පෙර දා ඩී. එස්ගේ අනුදැනුම ඇති ව කොළඹ සිට දඹුල්ලට යවා සිටි නාකි පෙරකදෝරුවන් පිරිසක් බව සෝල්බරි සාමි මැරෙන තුරු දැන සිටියේ නැත. සෝල්බරි සාමි ලංකාවට ඩොමීනියන් තත්ත්වය ලබා දීමට කටයුතු කළේ ඩී.එස් ගේ මෙවැනි රංගනයන් ද සැලකිල්ලට ගනිමිනි.
ලංකාවේ නිදහස සඳහා වූ ජාතික පෙළගැස්ම, අසල්වැසි ඉන්දියාවේ ජාතික පෙළගැස්මට වඩා හාත්පසින් ම වෙනස් විය. ඉන්දියාවේ ජාතික ව්‍යාපාරය මූලික වශයෙන් අධිරාජ්‍ය විරෝධී ලක්ෂණ පෙන්නුම් කළ පු`ඵල් බහුජන සහභාගීත්වයෙන් ගොඩනැගුණු එකක් විය. 1885 දී ඉංග්‍රීසි ජාතික ඔක්ටේවියම් හි්‍යුම්ගේ සභාපතිත්වයෙන් ආරම්භ කරන ලද ඉන්දීය ජාතික සංගමය වාර්ගික භේදයන්ගෙන් සෑහෙන දුරට තොර වූ ජාතික ව්‍යාපාරයක් විය. එය වාමාංශික කොමියුනිස්ට්වාදීන් ද, උග්‍ර ජාතීවාදීන් වූ ශිවසේනා වැනි සංවිධාන ද ජාතික අභිලාෂයන් උදෙසා එක් ව සටන් වැදුණු පු`ඵල් ජනතා ව්‍යාපාරයක් විය. එය සැබෑ ජාතික රාජ්‍යයක් නියෝජනය කළේ ය.
එහෙත් ලංකාවේ නිදහස සඳහා වූ ව්‍යාපාරය එවැනි අර්ථවත් එකක් නොවී ය. එය දේපල හිමි පන්තීන්ට හා වෘත්තීය සමාජ තට්ටුවලට පමණක් සීමා වූ රේන්දකරුවන්ගේ හා දේශීය වැවිලිකරුවන්ගෙන් සමන්විත අධිරාජ්‍යවාදීන්ගේ උපකාරක ව්‍යාපාරයකට සමානකම් දැක්වීය. එය ජනවර්ග මත බිඳී ගිය එකක් ද විය. වම හා දකුණ ලෙස බෙදුන එකක් ද විය.
මීට වසර 103 කට පෙර (1917 මැයි 17 වන දින) ලංකා ප්‍රතිසංස්කරණ සංගමය ලෙස කලඑලි දුටු ලංකාවේ ජාතික ව්‍යාපාරය 1919 දෙසැම්බර් 11 දින ලංකා ජාතික සංගමය ලෙස ජාතික අරමුණු සහිත ව දියත් කරන ලද්දේ ඉන්දීය ජාතික සංගමයේ නම ද අනුකරණය කරමිනි. යටත් විජිත ධනවාදයෙන් පෝෂණය ලත් ලංකාවේ ධනපති කණ්ඩායම පළමුවතාවට ගත් උත්සාහය 1921 අගෝස්තු 15 දා ලංකා දෙමළ මහජන සභාව පිහිටුවා ගැනීමත් සමග ව්‍යර්ථ විය. බෙදා වෙන් කර පාලනය කිරීමේ සුදු අධිරාජ්‍යවාදින්ගේ උපාය මාර්ගයේ යමින් වෙන් ව ගමන් කොට 1946 දෙසැම්බර් 6 වන දින ලංකා ජාතික සංගමයේත් සිංහල මහ සභාවේත් සමස්ත ලංකා මුස්ලිම් සංගමයේත් මූවර් සංගමයේත් නායකයින් එක් ව එක්සත් ජාතික පක්ෂය පිහිටුවා ගත්තේ එංගලන්ත අධිරාජ්‍යය විසුරුවා හැරීමට ක්ලෙමන්ට් ඇට්ලි සාමි බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අධිරාජ්‍යය දිය කර හැරීමේ පනත සම්මත වීමත් සමග ලංකාවේ පාලන බලය ඉල්ලා ගැනීමට ය.
1931 සිට ව්‍යවස්ථාදායක සභාව තුළ පුරුදු පුහුණු කළ දේශීය පාලක කණ්ඩායම්වලට බි්‍රතාන්‍ය ආකෘතියක් වූ ලංකා පාර්ලිමේන්තුව ලංකාවේ ඓතිහාසික වටපිටාව තේරුම් ගෙන යටත් විජිතකරණයෙන් විනාශ කළ ජාතික, සමාජ, ආර්ථික, සිතුම් පැතුම් හා ආකල්ප විකල්පයන්, භූගෝලීය හා පාරිසරික වටපිටාව ප්‍රතිෂ්ඨාපනය සඳහා අල්පතර හෝ අවබෝධයක් නොවී ය. ඒ 1947 මැතිවරණයේ දී මැතිවරණ කොට්ඨාස අනූහයෙන් (96) බහුතරයක් එක්සත් ජාතික පක්ෂයට ලබා ගැනීමට නොහැකි විය. එවිට ස්වාධීන හා වාමාංශික මන්ත්‍රීවරු විශාල සංඛ්‍යාවක් එක් කොට ගෙන වාමාංශික රජයක් බිහි කර ගැනීමට ඉඩකඩ තිබිණි. එහෙත් වාමාංශික නායකයින් ම ස්වාධීන මන්ත්‍රීවරුන් ඔලු දෙකේ බූරුවන් ලෙස හැඳින්වීමෙන් ඒ අවස්ථාව ද මඟ හැරණි. එක්සත් ජාතික පක්ෂයට ඇතුඵ නොවූ වමේ ව්‍යාපාරයේ ස්වභාවය ද එය ම බව පසක් වන්නේ ඒ අනුව ය.
ඩී.එස්. සේනානායක මහතාගෙන් පසු අගමැති තනතුර සිය පුත් ඩඞ්ලි සේනානායක මහතාට ලබා දීම සඳහා සෝල්බරි සාමි සමග ඇති කර ගත් ගිවිසුම දැන ගැනීමෙන් තමාට අනාගත රටේ නායකත්වය නොලැබෙන බව දැනගත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා වූ බණ්ඩාරනායක මහතා 1951 දී එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් විය. දේවානම්පියතිස්ස රජු දවස සිට 1815 දක්වා පැවති රජු, සංඝයා සහ ගිහි පක්ෂයන් විසින් රැක ගත් ලාංකේය බෞද්ධ සමාජය අතුරුදහන් ව භික්ෂුව හා ගිහියන් විසින් ඉතා වෙහෙසකර පරිශ්‍රමයෙන් රැක ගත් ලංකාවේ බෞද්ධ සමාජය පානදුරාවාදයෙන් පන්නරය ලැබූ ධර්මපාලතුමාගේ දේශපාලන දක්මෙන් වැඩී මේ ඓතිහාසික මොහොතේ කරලිගත වීමට ගත් උත්සාහය එකල කැපී පෙනේ. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ දේශපාලන දැක්මෙන් උපන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ගුණපාල මලලසේකරයන්ගේ මග පෙන්වීම තුළ 1953 කෑගල්ල මහ සමුළුවේ දී එළඹි යෝජනා මාලාව ක්‍රියාත්මක කිරීමට බණ්ඩාරනායක මහතා පොරොන්දුවීමත් සමග පණ ලැබූ සිංහල භාෂාව හා බුද්ධාගම මුල් කොටගත් ජාතිකවාදී බලවේග අලුත් දේශපාලන බලයක් හැටියට කරලිගත වීම සිදු විය.
1931 දීත් 1947 දීත් 1956 දීත් සිදු වූයේ, සමනලයෙකු වශයෙන් බිහිවීමට ආසන්න දළඹුවෙකු කෝෂය ද සමග පන්ති කාමරයට ගෙන ආ විට එය විවර කළ ළමයින් මෙන් ලංකාවේ යටත්විජිත ධනවාදයේ අහුකොනක සිටි සොක්කන් විසින් එය විනාශ කළ බව ය. ලංකාවේ ධනේශ්වරය, වෙනත් යටත්විජිතවල සිදු වූ අයුරින් ම විශේෂිත යටත්විජිත ස්වරූපයක් මගින් බිහිවූවකි. එය යටත් විජිතවාදීන්ගේ අනුග්‍රහය මත සම්භවය ද පැවැත්ම ද තීරණය වූ පරාධීන සමාජ තට්ටුවකි. එය 1802 දී ම අධිරාජ්‍ය කොළණියක් බවට පත් වූ ස්වාධීන උඩරට රාජ්‍යය බිල්ලට ගැනීමට උපාය මාර්ග සැකසූ ජෝන් ඩොයිලිගේ මග පෙන්වීම මත වැඩුණු පරාධීන තට්ටුවකි. වෙනත් විධියකින් පවසන්නේ නම් එය අධිරාජ්‍යවාදයේ චිරස්ථායී පැවැත්මට අදාළ ලෙස කලඑලි දුටු උපාංගයකි. එය කාර්මික ධනවාදය වැඩුණු එංගලන්තයේ, ප්‍රංශයේ, ජර්මනියේ හා එබඳු යුරෝපීය රටවල ධනේශ්වරයේ ස්වභාවය වූ පරිණත ස්වාධීන ශක්තිය සකසා ගත් ආකාරයේ එකක් නොවේ. එය තනිකර ම අධිරාජ්‍යවාදයේ සරණින් උපන් එකකි. විදේශීය කාර්මික නිෂ්පාදන ආයතනයන් සමග තරඟ කිරීමට සමත්, අධිරාජ්‍ය විරෝධී ජාතික වෙළඳපොළ රැක ගැනීමට උත්සාහ දරණ ලද ඉන්දීය ධනේශ්වර පංතියට වඩා පසුගාමී එකකි. ලංකාවේ ධනේශ්වරය අධිරාජ්‍යවාදීන් සමග ගැටුම් හා එදිරිවාදිකම් ප්‍රබල ලෙස වර්ධනය කරගත් එකක් ද නොවේ. තමා බලයට ගෙන ආ ජාතික හා ආගමික බලවේගවල අභිලාෂයන් සන්තර්පණය කිරීම හා අධිරාජ්‍ය සෙවන මත වැඩුණු ධනපති සමාජ කණ්ඩායම්වල අභිලාෂයන් සන්තර්පණය කිරීමේ අභියෝගය ඉදිරියේ රාජ්‍ය ඒකාධිකාරී ධනවාදයක් දෙසට ගමන් කළ බණ්ඩාරනායක, යටත්විජිත ධනවාදයේ ගොදුරක් බවට පත්ව අකාලයේ මරණය වැළඳ ගත් හ. පසුව වාම බලවේග හා බණ්ඩාරනායක මැතිනිය විසින් ගොඩනැගීමට උත්සාහ කළ සමාජ සංවර්ධන ක්‍රියාවලිය හුදු ලුම්පන් ධනේශ්වරය විසින් 1977 දී පලවා හරිනු ලැබී ය.
1977 න් පසු කරලිගත වූයේ මේ ලුම්පන් යටත්විජිත ධනවාදය යි. එය අප තවම කර තබාගෙන යන්නෙමු. (එනම් දියුණු ධනවාදි රටවලට සේවා සපයන නව වහල් මෙහෙයයි.) උන්ගේ වෙළඳපලේ ඩොලර් 75 ට 80 ට විකුණන ඇඳුමක් රෙදි පිළි, නූල්, බොත්තම් ද ඇතු`ඵ ව ඩොලර් 10 කට අපි අඩුවෙන් සපයන්නෙමු. දෙවැනි කොරෝනා රැල්ල මේ වහල් මෙහෙය (ඇඟලුම්) ආශ්‍රයෙන් ව්‍යාප්ත ව ඇත. අසාර්ථක හා දුර්වල රාජ්‍යයක් ලෙස ලංකාව පැවතීම මගින් ලෝක භූ දේශපාලන උපාය මාර්ග තුළට ශ්‍රී ලංකාව ඇතුල් කිරීමේ දැනුවත් මෙහෙයුමක් අප අත්දකිනවා විය හැකිය. මේ යථාර්ථය තුළ අපේ ගමන් මග කෙබඳු විය යුතු ද? අපි අපේ මාතෘකාවට පිවිසෙමු.
“ජාතියක් ලෙස රැකෙන්නට නම් අසත්‍යය යටපත් කර සත්‍ය මතු කර ගත යුතු ය. ”
විසිවන ව්‍යවස්ථා සංශෝධනය හෝ නව ව්‍යවස්ථාවක් දෙසට සමාජ සාකච්ඡාව යොමු වී ඇති මේ මොහොතේ රට ගැන හිතන අනාගත පරපුර ගැන සිතන සියලු ජාතිමාමක දේශප්‍රේමී ජනයා රටේ ඉදිරිමග කෙසේ විය යුතු ද යන්න සාකච්ඡාවට ගැනිම වැදගත් වෙයි. 1815 දී ආරම්භ වූ ක්‍රියාකාරකම්වල දෘෂ්ටිපථය වෙනස් වී ඇති ද? නැතිනම් අප තවමත් දිව යන්නේ 1833 සැප්තැම්බර් 01 දා රාජකීය ආඥාවකින් ක්‍රියාවට නැගුන ආර්ථික, දේශපාලන, අධ්‍යාපන හා සංස්කෘතික මගේ ම ද? වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදායේ ව්‍යවස්ථා සංශෝධන 1972 දි ත් 1927 දීත් ඊට පසු අවස්ථා 19 ක දී ත් සිදු කළත් ඉන් සෙතක් අත් වීද? 2015 දී ආසන 50 ක් වත් නොතිබුණ එක්සත් ජාතික පක්ෂය 19 තුනෙන් දෙකකින් සම්මත කළේ කාගේ උදව්වෙන් ද? විස්සෙන් සියලු ආර්ථික, සමාජ, දේශපාලන ප්‍රශ්න විසඳේ ද? 1947 අගෝස්තු සිට 1949 ජනවාරි දක්වා පැවති ඉන්දීය ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙන් කොට නව ඉන්දීය ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ, ඉන්දියාව ලෝක බලවතෙක් දක්වා පැමිණි ගමනේ දී නව ඉන්දියානුවෙකු ගොඩනගා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලද පිටුබලය කුමක් ද? අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුත්තේ, ශ්‍රී ලාංකිකයෙකු නිර්මාණය කිරීමට ඉතිහාසයේ පිටුබලය ලැබීමට නොවේ ද? 1956 දී ජාතිමාමක ජනයාට නව බලාපොරොත්තුවක් ඇති කළ වර්තමාන පරපුරේ (පනස් හයේ දරුවන්) අය ඒ ගැන සලකා බැලිය යුතු නොවේ ද? තවදුරටත් වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදායේ ව්‍යවස්ථා ආකෘතීන් අනුගමනය කිරීමෙන් කවර ඵලයක් ද?
“යුග පිරිහෙන විට සියලු ආකල්ප පුද්ගලබද්ධ වේ. එහෙත් අනිත් අතට නව යුගයක් සඳහා තත්ත්වය මෝරන විට සියලු ආකල්ප විෂයබද්ධ වේ.” – ගර්තේ
සෘජු යටත්විජිත යුගය පිරිහෙන විට නැගී ආ ව්‍යාපාරය පුද්ගලබද්ධ විය. එය ජාතියේ පියවරු, බත් දුන් පියවරු, ධර්මිෂ්ඨ පිං පියවරු සහ බෝසත් බණ්ඩාරනායකලා නිර්මාණය කළ පිරිහුණු යුගයක් විය. මේ සියල්ල පුද්ගලබද්ධ විය. දැන් එම මගේ අවසානය සනිටුහන් කොට තිබේ. තවදුරටත් සමාජයට කැපී පෙනෙන්නට පුද්ගලබද්ධ ආකල්ප තනන්නට නොහැක. එක්සත් ජාතික පක්ෂය කැඩී බිඳී විසිරී ගොස් ඇත. පනස් හයේ දරුවන් පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස දෙකඩ ව ඇත. පනස් හහේ දරුවන්ට වගේ වගක් ඇති නැති ගාන ය. හැමවිට විෂයබද්ධ ව මතු ව එන වාමාංශය දිගුකලක සිට දකුණට බඩගාමින් තිබේ. තමා කැමති වුවත් නැතත් වෙළෙඳපොළේ මා`ඵ ලෑල්ලේ මා`ඵ ගන්නවා හැර මහජනතාවට තමාට උවමනා මා`ඵවෙකු සොයා මුහුදු ගිය නොහැක. ජාතිය දිගු කලක සිට පෙළෙන යටත්විජිතවාදී දේශපාලන න්‍යායපත්‍රයෙන් රට ගොඩගැනීමට නම්, ජාතියට අවැසි මා`ඵවා සොයා එම මා`ඵවා ගැවසෙන ගැඹුරු මුහුදට යෑමට සුදුසු යාත්‍රාවන් තනා එම මා`ඵවා අල්ලා ගැනීමට අවශ්‍ය දැල් ආම්පන්න බිලි කොකු රැගෙන මුහුදට යා යුතු ය. සැබෑ යටත්විජිත විරෝධී වාමවාදී ජාතිකවාදී, සටන්කාමී එක්සත් පෙරමුණක් සඳහා සාකච්ඡාවක් ප්‍රබුද්ධ ජනයා එක් ව පෙළ ගැසී ගොඩනැගිය යුතු ය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෝ නව ව්‍යවස්ථාවක් ගැන හෝ සාකච්ඡාවක් වෙනුවට ප්‍රබුද්ධ ජනයාගේ විමසුමට භාජනය විය යුත්තේ ලාංකේය ජනමනස හා ඔවුන්ගේ ක්‍රියා පිටුපස ඇති චින්තනයත් ඔවුන්ගේ පරිකල්පන ශක්තියත් එහි පරිමාව හා ගුණය ඉහළට ගෙන එන්නේ කෙසේ ද යන්නත් පිළිබඳ ව බව පෙනී යා යුතු ය. 1948 න් පසු දේශපාලන පෙළගැස්ම මේ කරුණු වටහා ගැනීම සඳහා උපකාරී වෙයි.
ලංකාවේ යටත්විජිත පාලනය නිර්මාණය කළ ඉංග්‍රීසීන් ධනපති කණ්ඩායම්වලට රට භාර දෙන විට ජනවර්ග පදනමින් යුත් ප්‍රධාන ධනපති දේශපාලන පක්ෂ දෙකක් විය. එක්සත් ජාතික පක්ෂය හා සෝල්බරි කොමිසම හමුවේ 50 ට 50 ට ඉල්ලූ දෙමළ සංගමය මෙම පක්ෂ දෙකයි. මෙම පක්ෂ දෙක ම ඉතා කෙටි කලකින් දෙකඩ විය. දෙමළ සංගමය 1949 දී ඩි.එස්. සේනානායක මහතාගේ ආණ්ඩුව ගෙන ආ පුරවැසි පනත මුල්කොට ගෙන දෙකඩ වී එස්.ජේ. බී. චෙල්වනායගම්ගේ නායකත්වයෙන් තමිල් අරසුකච්චි හෙවත් දෙමළ රාජ්‍ය පක්ෂය බිහි විය. එය දකුණේ ජනතාව හැඳින් වූයේ ෆෙඩරල් පක්ෂය හැටියට ය. ඊට වසර දෙකකට පසුව 1951 සැප්තැම්බර් 02 දා කොළඹ නගර ශාලාවට රැස් වූ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් බිඳී ආ පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගත්හ. මේ සඳහා සෝල්බරි හා ඩී.එස්.ගේ රහස් ගිවිසුම බලපෑවේ ය. උතුරේ ජාතිකත්වය පදනම් කරගත් දේශපාලන පක්ෂ දෙකක් ද දකුණේ ජාතිකත්වය පදනම් කරගත් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් ද, ඊට පසු වර්ධනය වන්නට විය. තම පන්ති ප්‍රතිමල්ලවයා පරදවා වැඩි ඡන්ද ලබා ගැනීමට උපාය මාර්ගික, දීර්ඝකාලීන අවාසි නොතකා උපක්‍රමික (බලය ලබා ගැනීමට) පටු වාසි තකා අධිරාජ්‍යවාදී හාම්පුතුන් අනුකරණය කරමින් බෙදා වෙන් කර පාලනය කිරීමටත් ජාතිකත්වයන්ට වෙනස් අයුරින් සැලකීමටත් ජාතික සතුරුභාවයේ ගිනි ඇවිලීමටත් මොවුන් සියලු දෙනා කටයුතු කළහ.
යටත්විජිත අර්ථක්‍රමයත් එම දේශපාලන තන්ත්‍රයත් උන්ගේ අධ්‍යාපනයත්, අපේ කර ගනිමින් රට ණය උගුලක හිර කර තබන්නටත් නැගී එන ලෝක බලවතාට රටට අත තැබීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව නිර්මාණයේ දී ඇමෙරිකානු උපදෙස් ලැබීමෙත් කොළඹක්‍රමය නිර්මාණය කිරීමත් පී.එල්. 480 ඇමෙරිකන් තිරිඟුපිටි සඳහා රුපියල්වලින් ගෙවීමට එකඟ වීමෙන් එම මුදල් ලංකාවේ ආයෝජනය (සැක කටයුතු ක්‍රියා සඳහා) කිරීමටත් ඉඩ ප්‍රස්ථා ලබා දුන් හ.
1956 සිට 2019 දක්වා අධිරාජ්‍ය විරෝධී එක්සත් පෙරමුණු කීයක් අප නිර්මාණය කොට ඇත් ද? වසර 72 කට පසුවත් අධිරාජ්‍යවාදී සතුරා තවමත් ගෙය තුළත් ගෙමිදුලේත් රැඳී සිටියි. එන සෑම අනෝරා වරුසාවකට ම කුඩ ඉහිලීම හැර වැස්සෙන් බේරීමට ස්ථිර නිවහනක් සෑදීම අපේ මාතෘකාවක් වී නැත.
“වැස්සට කුඩ ඉහලීම වෙනුවට වලාකු උඩින් පියාඹීමේ කලාව සොයා දැන එය ඉගෙන ගනිමු.”
අපේ රටේ ජාතික දේශපාලනයක් නැත. ආරම්භයේ සිට ම ඇත්තේ පක්ෂ දේශපාලනය යි. පොදු ජනතාව, පාලක කණ්ඩායම්, වෘත්තික කොටස්, දේශපාලන පක්ෂ එම පිරිහිණු දේශපාලනයේ ම කොටස්කරුවෝ වෙති. කිසිදු දේශපාලන පක්ෂයකට හෝ ව්‍යාපාරයකට දේශපාලන න්‍යායපත්‍රයක් නැත. වාමවාදී දේශපාලනවලට ද දේශපාලන මණ්ඩලයක් හෝ න්‍යායපත්‍රයක් ඇතැයි පැවසුව ද ඇත්තේ පක්ෂන්‍යාය පත්‍ර පමණි. පොදුවේ ලංකාවේ දේශපාලනයෙහි ඇති දූෂිත හා ගතානුගතික බවත් මන්දබුද්ධික භාවයත් වාම දේශපාලනයෙහි ද ඇත. හැම එකා ම මැතිවරණ අභියස කුඩ ඉහලති. පොදු ජනයා ද ඒ හැම අවස්ථාවක ම තමාගේ සුපුරුදු කුඩයක් යටට හෝ අ`ඵත් කුඩයක් යටට යති. එහෙත් හැම වැස්සකට ම පසු තමා තෙමුන බව දැන ගනිති. ජාතියත් රටටත් ටික ටික විනාශ මුඛයට ගමන් කරයි. වැස්සෙන් බේරීමට කුඩ ඉහලීම වෙනුවට හා කුඩ යටට යනවා වෙනුවට වළාකු`ඵවලට ඉහළින් පියඹා යාමට උපාය මාර්ගයක් සොයා ගත යුතු ය. වසර දෙසීයකට වැඩි කාලයක් සමාජ ගත වී ඇති ඉංග්‍රීසීන් හා ඔවුන්ගේ පසුපරම්පරාව මත වපුරා ඇති මිත්‍යා මතිමතාන්තර සුව කිරීම, පිළිකා දහයක් වැළඳුන රෝගියෙකු සුව කිරීමට වඩා අපහසු කරුණකි. යුරෝපීය ප්‍රතිමානයන් අපේ බුද්ධිසම්ප්‍රදාය වී 1833 සිට ඔවුන් ඇති දැඩි කළ අධ්‍යාපන ආයතන මගින් අපේ ඇටමිදුළු තුළට කාවද්දන ගිරාපෝතක සම්ප්‍රදායක් නිර්මාණය කොට ඇත.
අපේ භේදබින්න වීම් ද ඒවායේ අක්මුල් ද අපේ විශ්වාසයන් හා අනන්‍යතාවන් ද අපේ විශ්වවිද්‍යාල පද්ධතිය සමග ගැට ගැසී ඇත. ආර්ථික, දේශපාලන, සමාජ සංස්කෘතික මූලමණ්ඩලයත් උත්තර නිර්මිතයත් සඳහා යටත්විජිත හාම්පුතුන් තවමත් සිය මග පෙන්වීම සිදුකරනු ලබයි.
අ`ඵත් ව්‍යවස්ථාවක් කුමකට ද? අ`ඵත් රටක් නිර්මාණය සඳහා නම් අ`ඵත් ව්‍යවස්ථාවක් අවශ්‍ය වෙයි. මේ සූදානම හැත්තෑ දෙකේ හැත්තෑ අටේ සිදු කළාක් මෙන් තවත් ව්‍යවස්ථාක් සකස් කිරීමට ය. අ`ඵත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම පිණිස මහජන අදහස් ලබා ගැනීමට විශේෂඥ කමිටුවක් දැනටමත් පත්කොට තිබේ. වැස්සෙන් බේරීමට තවමත් කුඩය ඉහිලීම පමණකි, සිදුවන්නේ. දූෂිත ආත්මාර්ථකාමී ගතානුගතික මන්දබුද්ධික දේශපාලන ගමනට තවත් රැවටීමක් පමණක් හැටියට මෙය හඳුන්වා දිය හැක. රටේ හා ජනතාවගේ අභිලාෂයන් වෙනුවට පක්ෂ අභිලාෂයන් ඉටුකිරීම පමණක් මෙයින් සිදු වෙයි. අපට අවශ්‍ය වන්නේ අතීතයෙන් ඉගෙන ගෙන අනාගතයට යන අ`ඵත් ව්‍යවස්ථාවකි. අපේ අතීතය විසල් ශිෂ්ටාචාරයක පහස ලැබූ එකකි. අතීත සභ්‍යත්වයෙන් පෝෂණය ලත් සමාජ හර පද්ධති තවමත් පවතියි. අපේ බහුතරයක් මිනිසුන් හසුරුවනු ලබන්නේ ඒ සභ්‍යත්ව විඥානයෙනි. සභ්‍යත්ව විඥානය යනු දීර්ඝ කාලයක් ගලා ආ පොදු ඇවතුම් පැවතුම් සම්ප්‍රදාය යි. නීතියේ මූලාශ්‍රය නැතිනම් අර්ථාන්විත නීතියේ උල්පත කාන්ට් නමැති දාර්ශනිකයා පැහැදිලි කළ ආකාරයට නම් එය මිනිසාගේ හද මනස තුළ නෛසර්ගික ව උපදින කුසලාකුසල විඥානය යි. ලංකාවේ දී එය සිංහල බෞද්ධ විඥානය යි. රටක ඇති නීති හා අධිකරණය ඉක්මවා යන ධර්මාධිකරණය මේ සභ්‍යත්ව විඥානයයි. අද කෝවිඞ් වසංගතය ලෝකයට ම විදාරණය කර පෙන්වන්නේ චීනය, තායිලන්තය, බුරුමය, කාම්බෝජය, ලාඕසය, වියට්නාමය, හොංකොං, තායිවානය, ජපානය, කොරියාව, භූතානය, ශ්‍රී ලංකාව වැනි රටවල් එය යම් පමණකට පාලනය කර තිබෙන්නේ බෞද්ධ සභ්‍යත්වයේ බලපෑම ඒ පසුපස සැඟව ක්‍රියාත්මක වන නිසා ය. නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට පෙර ඊට අවශ්‍ය කතිකාව හෙවත් වලාකු`ඵවලට උඩින් පියඹා යෑමේ කලාව සාකච්ඡා කළ යුතු වන්නේ මේ පසුබිම තුළ ය.
ලංකාවේ දැනට ක්‍රියාවට නැගෙන සියලු ජාතික බලවේගයන් ද සියලු වාමවාදී බලවේගයන් ද එක් ව සාකච්ඡා කළ යුත්තේ රට ගොඩනැගීම සඳහා අප සියවස් ගණනාවක් රැක ගෙන ඉන්නා පුරුෂාර්ථ පද්ධතිය, ආකල්ප, චාරිත්‍ර ඇතුලත් චින්තන ප්‍රවාහය තුළ නව දේශපාලන ධාරාවක් නිර්මාණය කොට ගැනීමටයි. නව යටත්විජිත ආර්ථික හා දේශපාලන ප්‍රවාහයෙන් රට ජාතිය බේරා ගැනීමට නව සාකච්ඡාවක් නිර්මාණය කර ගැනීමයි. ඒ සඳහා පොදු සාකච්ඡාවක් සඳහා අපි ඔබට ආරාධනා කරන්නෙමු.
අනගාරික ධර්මාපාලතුමන් එදා මේ රට තුළ වපුල ජාතික බීජ නැතිනම් සභ්‍යත්වයේ බිජුවට මුල් ඇල්ලීමේ ප්‍රතිඵලයක් වශයෙන් එක්දහස් නවසිය හතළිස් පනස් ගණන්වල යළි ජාතික පුනර්ජීවන ව්‍යාපාරයක් බිහි වීමත් වෙස්ට්මිනිස්ටර් මොඩලය අනුව යමින් ගොඩනැගූ පාර්ලිමේන්තුව එම වැදගත් අවස්ථාව මග හැරීමත් බමුණු කුලය බිඳ වැටුණා යැයි උදම් ඇනූ බණ්ඩාරනායක මහතාගේ ආගමනයක් 1971 දී සහ 1989 දී දෙවරක් ම සිදු වූ සාමූහික සිය දිවි නසාගැනීම් ද ඇතුළු ව ගෙවුන සියවසක දේශපාලන ගමන්මග විමර්ශනය කිරීම මේ මොහොතේ වැදගත් වෙයි. බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය ද මේ නිරර්ථක ගමනේ මේ ඛේදවාචකය පැහැදිලි කිරීමට හොඳ ම සක්ෂීන් ය.
නව ලාංකික ශිෂ්ටාචාරයක් ගොඩගැනීමට නම් බටහිර අතපෙවීම්වලින් හා ඉන්දියාව ඇතුළු නව ලෝක බලවතුන්ගෙන් බේරී ආර්ථික හා දේශපාලන ගමන් මග ස්වායත්ත එකක් බවට පත් කර ගැනීමට නම් නව දේශපාලන ප්‍රතිසංස්කරණ අවශ්‍ය ය. ඒ සඳහා අපේ ඉතිහාසයෙන් ලැබෙන පිටුබලය අතිමහත් ය. පරිණත හා සංකීර්ණ ශිෂ්ටාචාරයක් වූ අනුරාධපුර, පොළොන්නරුව නඩත්තු කළ, එම දේශපාලන සමාජ සංස්කෘතික ප්‍රවාහය සොයා යා යුතු කාලය පැමිණ ඇත. මනු නීතී සංග්‍රහයත්, කෞටිල්‍යය අර්ථශාස්ත්‍රයත් බෞද්ධ සභ්‍යත්වයට මනාකොට සංකලනය කළ පොළොන්නරුව දේශපාලන සම්ප්‍රදාය අදට ගැළපෙන ලෙස ප්‍රතිෂ්ඨාපනය කළ යුතු වෙයි.
සිංහලේ අවසාන රජු ශ්‍රී වික්‍රම රාජසිංහයන් මේ සඳහා හොඳ පර්යේෂණයක් කර ඇතත් ඩොයිලිගේ උපාය මාර්ග හමුවේ එය ඉංග්‍රීසීන් විසින් සුනුවිසුණු කරනු ලැබ, බටහිර දේශපාලන අධ්‍යාපන හා සංස්කෘතික පෙළ ගැස්ම මුලු ලංකාවට ම ආදේශ කෙරිණි. සියවස් හතර හමාරක් තරම් බටහිර විදේශීය ආක්‍රමණවලට ගොදුරු වී අවසානයේ ඍජු පරාධීන ජාතියක් බවට පත් වූ අප, ආර්ථික ආක්‍රමණයට මෙන් ම සංස්කෘතික ආක්‍රමණයට ද ගොදුරු විය. සදහට ම වහලුන් බවට අප ව පෙරළීමට නම් සංස්කෘතික ආක්‍රමණයක අවශ්‍යතාව ඉංග්‍රීසීන් තේරුම්ගෙන සිටියහ. ඒ සඳහා ඔවුන් අනුගමනය කළේ අධ්‍යාපනයයි. අපි තවමත් උජාරුවෙන් නඩත්තු කරන උන්ගේ විශ්වවිද්‍යාලයීය පද්ධතිය එය මනාව තවමත් ඉටු කරමින් සිටියි.
අවසාන වශයෙන් එදා පොළොන්නරුව රාජවේෂ්‍යාභූජංග මණ්ඩපය (වත්මන් පාර්ලිමේන්තුව) පිළිබඳ ව එක් වැකියකින් සුළු විස්තරයක් කොට මෙම ලිපිය අවසන් කරන්නෙමි. රටේ විශාල පරාසයක නිශ්විත වගකීම් දරණ රාජ්‍ය නිලධාරීහු එදා පොළොන්නරුව රාජසභාව නියෝජනය කළහ. මහරජු, ඈපා, මාපා, රාජ කුමාරවරු, රජ බිසව සමග වර්තමානයට ගැළපෙන ලෙස පවසන්නේ නම් ජනාධිපති ලේකම් (මහලේනා), පළාත් ආණ්ඩුකාරවරු- පළාත් මහඇමතිවරු හෝ මහජන නියෝජිතයින් (මහරැටිනා), හමුදාපති – මාණ්ඩලික ප්‍රධානීන් (අනුනා), අග්‍රවිනිශ්චකාරතුමා (සභාපතිනා), මහබැංකුවේ අධිපති (සිටුනා), නීතිපති (සිරිත් ලේනා) විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් (දුලේනා), විශ්වවිද්‍යාලයේ ප්‍රතිපාදන කොමිෂමේ සභාපති (මහවියත්නා), සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් (මහවෙදනා), ප්‍රධාන තාරකා විද්‍යාඥයා (මහනැකතිනා), බෞද්ධ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් (දහම්පසක්නා) යන නිලධාරීහු ද රාජසභාවේ වාඩි වූහ. ජනාධිපතිගේ හා රාජ්‍ය සභාවේ (පාර්ලිමේන්තුවේ) නිගමනය නීතිය වන්නේ එම මොහොතේ ම ය. වැස්සට කුඩ ඉසිලීම වෙනුවට වළාකුළුවලට උඩින් පියාඹන්න හැකි ක්‍රමය මෙය යි.
“සිදුවීම් සිදුවන්නේ කොක් හඬලා සිනාසීමට හෝ හඬා වැලපීමට නොවේ. එයින් යමක් ඉගෙන ගැනීමට ය.” – ස්ටිනෝසා-
සේනාරත්න ද සිල්වා
(සභාපති – පරපුරක උරුමය)
nayomakusum@yahoo.com
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...