සොබාදහම සහ මනුෂ්‍යයා අතර පවතින අන්‍යෝන්‍ය සබැදියාව අර්ථවත් කරමින්, හිරු ප්‍රමුඛ සොබාදහමට කෘතවේදිත්වය පුද කරන, ජාතික සමඟිය සහෝදරත්වය ඔප් නංවන සූර්ය මංගල්‍යය නව සිතුම් පැතුම්, අධිෂ්ඨානයන් සමඟ ජීවිතය අලූත් කර ගන්නට ලැබෙන කදිම අවස්ථාවකි.
වාර්ගික, ආගමික, පක්ෂ පාට භේද පසෙක ලා අප රටේ සැමදෙනා එක්ව සමරනු ලබන ප්‍රමුඛතම ජාතික උත්සවය සිංහල, දමිළ අළුත් අවුරුද්දයි. ජාතිය, ආගම, තරාතිරම කුමක් වුවද සංස්කෘතික විවිධත්වය පිළිගනිමින්, අගයමින්, සියල්ලන් සමඟ සතුටින්, සාමයෙන් දිවි ගෙවීමට මෙම අළුත් අවුරුද්ද නව ඇරඹුමක් කරගනිමු.
චිරාත් කාලයක සිට දේශීය ජන ජීවිතය හා ඒකාත්මිකව පැවත එන අළුත් අවුරුදු සිරිත් විරිත් සඳහා අර්ථවත්ව සහභාගි වෙමින් එම සංස්කෘතික උරුමය අපගේ අනාගත පරපුරට තිළිණ කිරීම සඳහාද මෙය අවස්ථාවක් කරගනිමු.
සමෘද්ධිමත් දේශයක් ගොඩනැංවීම උදෙසා, සාමය, සංහිදියාව, සහජීවනය වෙනුවෙන් කැප වී කටයුතු කරන, ප්‍රීතිමත්, සුබ අළුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනය කරමි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...