විදේශ පුවත්

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඉන්දියාවේ සංචාරකින් අනතුරුවයි.

ඉන්දියාවේ ඔහු සාචංරය කළේ, ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් මහතා සමගයි.

දෙරට අතර ආරක්ෂක හා විදේශ අමාත්‍යවරුන්ගේ සාකච්ඡාව හෙවත් ටූ ප්ලස් ටූ හමුව අද පෙරවරුවේ පැවැත්විණ.

භූ අවකාශීය සහයෝගීතාව සඳහා මූලික හුවමාරු හා සහයෝගිතා ගිවිසුම හෙවත් බෙකා ගිවිසුමට මෙහිදී අත්සන් කර තිබේ.

ඇමරිකාව සහ ඉන්දියාව අතර බෙකා ගිවිසුම කියන්නේ කුමක්ද?

භූ අවකාශීය සහයෝගීතාව සඳහා මූලික හුවමාරු හා සහයෝගිතා ගිවිසුම ලෙස එය හඳුන්වයි.

බෙකා යනු එහි කෙටි නාමයයි.

එහිදී සිදුවන්නේ නාවික හා ගුවන් සිතියම්, ප්‍රස්තාර ඇතුළු භූගෝලීය අධිසංවේදී තොරතුරු විශේෂයෙන් හමුදාමය දත්ත හුවමාරු කර ගැනීමයි.

ඇමරිකානු යුද චන්ද්‍රිකා මගින් රැස්කරන දත්තවලට ප්‍රවේශ වීමට මෙහිදී ඉන්දියාවට අවස්ථාව ලැබෙයි.

ඒ වගේම ඉන්දියාවේ දත්ත ලබා ගන්න ඇමරිකාවටත් අවස්ථාව ලැබෙයි.

මේ මගින් සැලසෙන ප්‍රධාන වාසිය වෙන්නේ ත්‍රස්ත ඉලක්ක වෙත දිගුදුර ප්‍රහාර එල්ල කිරීමේදී ඉතාම නිවැරදිව ඉලක්ක ලබා ගැනීමට ඉන්දියාවට හැකිවීමයි.

ඉන්දීය සාගර කලාපයේ වගෙම් ගොඩබිම දේශසීමාවලත් නිශ්චිත භූගෝලීය දත්ත සජීවීව ලබාගන්න මේ මගින් අවස්ථාව සැලසෙයි.

ඇමරිකාව , ඉන්දියාව සමග හමුදාමය පහසුකම් සැපයීම සහ අදිසංවේදී තොරතුරු හුවමාරුව සම්බන්ධයෙන් ඇති කරගෙන තිබෙන එකඟතාවල තුන්වන අදියර ලෙස මෙම එකඟතාව ඇති කරගන්නා බව විදෙස් වාර්තාවල සඳහන් ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More