විදේශ පුවත්

කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා අසාධ්‍ය තත්වයේ පසුවන රෝගීන් හට තම ඥාතීන් ගෙන් හා හිතවතුන්ගෙන් ඈත්වී දීර්ඝ කාලයක් හුදකලා වීමට සිදුවේ. ඔවුන්ට තම ඥාතීන් සමග සම්බන්ධ සම්බන්ධ වීමට ක්‍රමයක් නොමැත.
මෙයට විසඳුමක් ලෙස එක්සත් රාජධානියේ, එක්සත් ජනපදයේ හා ඉන්දියාවේ අසාධ්‍ය රෝගීන් සිටීම වාට්ටුවල ටැබ්ලට් පරිගණක සවි කර ඇත. හෙදියන් රෝගීන්ට සන්නිවේදනය කිරීම සඳහා, නිරතුරුව උපකාර කරයි.

මේ අයුරින්ම ඉතාලියේ දී ද, වෛද්‍යවරුන් විසින් අසාධ්‍ය රෝගීන් හට සමුගැනීමේ දුරකථන සංවාදය කිරීම සඳහා, තම ජංගම දුරකථන ලබා දී ඇත. රූපවාහිනි නාලිකාවේ නිෂ්පාදකවරයෙකු වන Andrew Webb, හෙදියන් නිරතුරුව, කාරුණිකව රෝගීන් හට සන්නිවේදනය සඳහා උදව් කරන බව පවසයි. හෙදියන් මෙසේ තම මවට උදව් කිරීම නිසා, මරණයට පෙර, ඇයට සමු දීමට ඥාතීන් ට හැකි වූ බව ඔහු පවසයි.මගේ පියා 30km ඈතින් සිටින මගේ මවට දුරකථනයෙන් සමු දුන්නා.

ඇගේ මරණයට පැය කිහිපයකට පෙර ඇයට ඇමතීමට මට හැකි වුණා. තම හිතවතුන්ගේ නම් කියමින් ඇය හඬා වැටුණා. ඇයව සන්සුන් කර නින්ද යන තෙක් කතා කිරීමට මට හැකි වුණා. ඇය නැවත අවදි වූයේ නැහැ.” යනුවෙන් ඔහු පැවසුවේය.මීට අමතරව එංගලන්තයේ රෝගීන්ට තැපැල්පත් සඳහා පණිවුඩ ලබාදීමට අවස්ථාව උදා කර දී ඇත. රෝහල් කාර්ය මණ්ඩලය එම පණිවුඩ තැපැල් පත් වල ලියා රෝගීන් හට ලබා දෙයි.තත්ත්වය එසේ වුවද බොහෝ රටවල මෙවැනි දේ ක්‍රියාත්මක නොවේ. අසාධ්‍ය රෝගීන් තම ඥාතීන් සමග කිසිදු සන්නිවේදනයක් නොමැතිව තනිව ජීවිතයට සමු දෙයි.

මෙය වැලැක්වීමට රෝහලකට ටැබ්ලට් පරිගණක 2-3 ක් ප්‍රමාණවත් වනු ඇත. සියලු අසාද්‍ය රෝගීන් හට තම ආදරණීයයන් ගෙන් සමු ගැනීමට අවස්ථාවක් උදාවනු ඇතැයි අපේ ප්‍රාර්ථනා කරමු.

මූලාශ්‍ර http://news.maul.ru”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More