සුප්‍රසිද්ධ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවලට ජීවය දුන් ෂෝන් කොනෙරි නම් රංගන ශිල්පියා සිය දිවි රංගනය 2020 ඔක්තෝම්බර් 31 දිනදී නිමා කළේය.
මිය යන විට 90 වැනි වියේ පසුවු ස්කොට්ලන්ත ජාතික ෂෝන් කොනරි හොලිවුඩ් නළුවෙකු මෙන්ම බහු සම්මානලාභියෙකි. ත්‍රාසයෙන් පිරි බොන්ඩ් කතා මාලාවේ “ඩොක්ටර් නෝ”,”ෆ්‍රොම් රශියා විත් ලව්”,”ගෝල්ඩ් ෆින්ගර්”,”තන්ඩර්බෝල්”,”යූ ඔන්ලි ලිව් ට්වයිස්”,”ඩයමන්ඩ්ස් ආ ෆො එවර්”,”නෙවර් සේ නෙවර් අගේන්” වැනි අතිශය ජනප්‍රිය වූ බොන්ඩ් චිත්‍රපට හතක ෂෝන් රඟපා ඇත. ෂෝන් කොනරි ප්‍රථම වරට “ඩොක්ටර් නෝ” චිත්‍රපටයෙන් ජේම්ස් බොන්ඩ් වූ අතර ඊට පෙර වේදිකා සහ රූපවාහිනී වැඩසටහන්වල චරිත නිරූපණයන් කොට ඇත. තම රංගන ජීවිතය තුළ ෂෝන් රඟපෑ චිත්‍රපට ගණන 67කි.
දින කිහිපයක් අසනීප තත්වයෙන් පසුවූ ෂෝන් කොනරි බහමාස් රාජ්‍යයේ පිහිටි ඔහුගේ නිවසේදී නිදි යහනේදීම දිවි හැර ගොස් තිබුණි. වසර විස්සක් පුරා විහිදුනු ඔහුගේ රංගන දිවිය තුලදී 1988දී “අන්ටචබල්ස්” නම් චිත්‍රපටයේ අයිරිශ් ජාතික පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස චරිත නිරූපණය කල රංගනය වෙනුවෙන් ඔහුට ඔස්කාර් සම්මානය හිමි කර ගැනීමටද ෂෝන් කොනරි සමත් විය. එතැනින් නොනැවති ඔහු ” ගෝල්ඩන් ග්ලෝබ්ස්”,”ඇකඩමි අවෝඩ්ස්” වැනි සම්මානයන් දිනා ගැනීමටද සමත් විය. මීට අමතරව ජනතා සම්මාන වන ‘ද ග්‍රේටස්ට් ලිවිං ස්කොට්’, ‘ස්කොට්ලන්ඩ්ස් ග්‍රේටස්ට් ලිවිං ට්‍රෙෂර්’, ‘සෙක්සියස්ට් මෑන් ඔෆ් ද සෙන්චරි’ වැනි සම්මානද හිමි කර ගැනීමටද ඔහු සමත් විය.
බොන්ඩ් චිත්‍රපට මාලාවේ සිටි හොඳම නළුවා මෙන්ම කඩවසම් නළුවා ලෙස ලොව පුරා විසිරී සිටින ප්‍රේක්ශකයන්ගේ ආකර්ෂණය දිනාගත් වීරයෙකු වීමට තරම් ෂෝන් කොනරි වාසනාවන්ත නළුවෙකු විය. 2006 වසරේ දී රඟපෑමෙන් විශ්‍රාම ගැනීමට ෂෝන් කොනරි පියවර ගත් අතර පසුගිය අගෝස්තු මස ඔහු තම 90 වෙනි උපන්දිනය සැමරීමටද කටයුතු කර ඇත. මහා බ්‍රිතාන්‍යයේ මහ රැජින විසින් ෂෝන් කොනරිව නයිට් නාමයකින් පිදුම් ලැබවීමට කටයුතු කළේය. ස්කොට් ජාතිකයෙකු වූ ෂෝන් කොනරි රඟන ශිල්පියෙකුට අමතරව ස්කොට්ලන්තයේ නිදහස වෙනුවෙන් ප්‍රභල හඬක් නැඟූවෙකි. මිය යන විට නළුවෙකු සහ නිෂ්පාදකයෙකු ලෙස ඔහු උපයා ඇති වත්කම ඩොලර් මිලියන 350කි.
ෂෝන් කොනරි සාමාන්‍ය කම්කරු පවුලක උපත ලැබූවකු වූ අතර ඔහු තම හැකියාවෙන්, අධිෂ්ඨානයෙන් සහ වෙහෙස මහන්සියෙන් ජාත්‍යන්තර තලයට පැමිණි තරුවක් බවට පත් විය. ෂෝන් කොනරි තම ජීවිතය තුළදී කිරි වෙළෙන්දෙකු, ලොරි රියැදුරෙකු මෙන්ම හොලිවුඩයේ ප්‍රසිද්ධ නළුවන්ගේ කම්කරුවෙකු,මිනී පෙට්ටි මැද ඔප දමන්නෙකු, කාය වර්ධකයෙකු ලෙසින්ද කටයුතු කර සම්භාවනීයත්වයට පත් විශිෂ්ඨ රංගධරයෙකි. එක්තරා අවධියක ලෝ වටා චිත්‍රපට ලෝලීන්ගේ ආදරය දිනූ විශිෂ්ඨ රඟන ශිල්පියා වෙනුවෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය කනගටු වන අතර ඔහුට නිවන් සුව ප්‍රර්ථනා කරමු !
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...