පුරවැසි කොලම

ජනාධිපතිවරයාගේ විධායක බලතල සියල්ල නැවත ශක්තිමත් කිරීමෙන් හෙවත් ‌ජේ.ආර් යුගයට ආපසු යාමෙන් තොරව රටට ගමනක් නොමැති බවට ආණ්ඩුවේ යම් පාර් ශව තර් ක කරති. එම උවමනාව දැන් ඉටු වී ඇත. මෙම ලිපියේ මූලික අරමුණ ජනාධිපතිවරයාට 20 වන සංශෝධනයට පෙර තිබූ බලතල යොදා ගනිමින් වුවද ඉතා පහසුවෙන් රට වෙනස් කරන බොහෝ තීරණාත්මක ක්‍රියාමාර් ග ගත හැකි බව පෙන්වා දීමය. එසේ දැනට තිබෙන බලතල  යටතේ ක්‍රියාත්මක කළ හැකි එහෙත්  නොකරන දේ බලතල වැඩි වූ පමණින් ක්‍රියාත්මක වනු ඇති බවට සහතිකයක් ලබා දිය හැකිද? එසේ තිබෙන බලතල  යටතේ කළ යුතු තීරණාත්මක දේ නොකරන්නේ නම් අන් කුමක් සිදුකළත් රට ආර් ථික ප්‍රපාතයෙන් ගොඩගත නොහැකි බව පෙන්වාදීමට සිදුවේ. එය සර් ව බලධාරී ජනාධිපති ජේ. ආර් නොව  සක්‍රයා නැවත පහළ වුවත් අදාල වන බව සඳහන් කිරීමට සිදු වන්නේ කළ යුතු දේ ඒ තරමට තීරණාත්මක සහ මූලධාර් මික වන බැවිනි.

වෙනත් වචන වලින් කියන්නේනම් කොරෝනා වසංගතයට පෙර සිටම ප්‍රපාතයට ගමන් කරමින් තිබෙන රටේ ආර් ථිකය නැවත ගොඩ ගැනීම මුල්කරගෙන රටේ නිෂ්පාදන ආර් ථිකය උද්දීපනය කිරීම සඳහා අවශ්‍යවන මූලික පූර් ව කොන්දේසියක් සැපිරීමෙන් තොරව කිසිදිනෙක එම ආර් ථිකය ප්‍රපාතයෙන් ගොඩ ඒමට නොහැකි බවය. එසේ නම් කුමක්ද ඒතරම් වැදගත් පූර් ව කොන්දේසිය. එම තීරණාත්මක සහ මූලධාර් මික පූර් ව කොන්දේසිය වන්නේ දේශීය  නිෂ්පාදකයාට වෙළඳපළ අවස්ථා සහ වෙළඳපොළ ප්‍රවේශය වර්ධනය කිරීමය. ඒ සඳහා දෙවන පූර් ව කොන්දේසිය වන්නේ වෙළඳපොළ තුළ ඉතා සූක්ෂමව පවත්වාගෙන යන මිල විකෘතීන් නිවැරදි කිරීමය. එම මිල විකෘතීන් නිවැරදි කිරීමෙන් තොරව නිෂ්පාදකයින්ට තරඟකාරීව නැගී සිටීමට අවස්ථාව උදාකර දිය නොහැක. ඒ නිසා එම මිල වීකෘතීන් මොනවද යන්න හඳුනාගැනීම සහ ඒවා නිවැරදි කිරීමට අවශ්‍ය පියවර ගැනීම මූලික පූර් ව කොන්දේසියක් බවට පත්වේ. නමුත් ඒ සඳහා සමාජ කතිකාව තුල සහ රජයේ ප්‍රතිපත්ති තුල ප්‍රමුඛතාවයක් හිමි නොවන්නේ කුමක් නිසාද? ඊට හේතුව මිල විකෘතීන් නිර් මාණය කරන මහා සමාගම් විශේෂයෙන්ම ජාවාරම්කාර ආනයනකරුවන් විසින් තම අති විශාල මහජන සබඳතා අයවැය මඟින් රාජ්‍ය තන්ත්‍රයේ ඉහළ නිලධාරීන් පමණක් නොව ජනමාධ්‍ය පවා හැසිරවීමය.

එසේ සමස්ථ රාජ්‍යයක් සහ සමාජයක් නොමඟ යැවීමේදී විවිධ විද්වතුන් යැයි කියාගන්නා පිරිස් යොදා ගනිමින් ආර් ථිකයේ ඉල්ලුම පැත්තේ ගැටළු සිතා මතා නොසලකාහරිමින් සැපයුම් පැත්තේ ගැටළු පිළිබඳව පමණක් අතිශෝක්තියෙන් හුවා දැක්වේ. ඔවුනට අනුව කර් මාන්කකරුවන් බංකොලොත් වී කර් මාන්ත වැසී යන්නේ ඔවුන්ට බැංකු වලින් ණය නොදීම හෝ රජය විසින් පුහුණුව හෝ වෙනත් සම්පත් ලබා නොදීම නිසාය. එසේ සැපයුම් පැත්තේ සියලු මැදිහත්වීම් සිදුකොට තිබියදී කර් මාන්තකරුවන්ට හිස එසවීමට නොහැකි වී ඇත්තේ වෙළඳපොළ අහිමි වීම නිසා බව එම ඊනියා විද්වත් සංවාද වලදී ප්‍රකාශ වන්නේ නැත. ඒ නිසා වෙළඳපොළ තුළ පවතින මිල විකෘතීන් නිවැරදි කිරීම සඳහා රජයෙන් මැදිහත් වීමක් සිදුවන්නේ නැත. උදාහරණයක් ලෙස රටේ විශාලතම මිලදී ගන්නා ලෙස රජය විසින් දේශීය නිෂ්පාදන මිලදී ගැනීම සඳහා අනිවාර්ය ප්‍රමුඛතාවයක් ලබාදීම මඟින් දේශීය කර්මාන්තකරුවාට වෙළඳපොළ පුළුල් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේ නැත.රජයේ මිලදී ගැනීමේ උපදේශණ සංග්‍රහයට එම අවශ්‍යතාවය  මීට වසර 14 කට පෙර 2006 දී  සංකල්පයක් ලෙස ඇතුල්කොට ඇතත් අද වන තුරු මග පෙන්වීමේ ලේඛන වල එය අනිවාර් ය කිරීමට අවශ්‍යය පියවර ගෙන නැත.

කෙසේ වෙතත් වෙළඳපොළ තුළ පවතින සියළුම මිල විකෘතීන් නිවැරදි කිරීමට රජය මැදිහත් විය යුතු බවක් ඒ මඟින් අදහස් නොවේ. වෙළඳපොළ තුළ නිර්මාණය කෙරෙන මිල විකෘතීන් නිවැරදි කිරීම මඟින් දේශීය නිෂ්පාදකයාට වෙළඳපොළ පුළුල් කිරීම සඳහා රජය මැදිහත් විය යුත්තේ යම් නිර් ණායක ප්‍රමාණයක් පදනම් කර ගෙනය. එහිදී පැරටෝගේ නීතිය හෙවත් වැඩි ප්‍රතිඵලයක් හෙවත් වැඩි බලපෑමක් සහිත භාණ්ඩ සහ සේවා සඳහා වැඩි ප්‍රමුඛතාවයක් දිය යුතුය. ඊට අමතරව මැදිහත්විය යුතු වෙළඳපොළ හෙවත් නිවැරදි කළ යුතු මිල විකෘතින් හඳුනා ගැනීම සඳහා මූලික නිර් ණායක 05 ක් යොදා ගත හැක. පළමු වැන්න වෙළඳපොළ තුළ ප්‍රමාණාත්මක වැදගත් කමයි. දෙවැන්න වටිනාකම් එකතු කිරීමේ දාමයට එකතුවන පිරිස කොතෙක්ද යන්නයි. එනම් රැකියා අවස්ථා සහ ඒ මඟින් ඊට දායක වන්නන්ගේ අදායම් මට්ටමේ ඉහළ යාමේ ප්‍රමාණයයි. තුන්වැන්න රටේ ආහාර සුරක්ෂිතතාවය, දේශීය අමුද්‍රව්‍ය බහුලව භාවිත කිරීම, පරිසර හිතකාමී බව ආදී ජාතික අවශ්‍යතාවයන්ට අනුව කෙතරම් වැදගත්ද යන්නයි. හතරවැන්න විදේශ විනිමයඉතිරිකර ගැනීමේ වැදගත්කමයි. පස්වැන්න මහජන සෞඛ්‍ය, ආරක්ෂා කිරීම, යහපත් ජිවන ක්‍රමයක් සහ ගොවිතැන් ක්‍රම ප්‍රචලිත කිරීමේ හැකියාව ආදියයි.

ඒ අනුව උදාහරණයක් ලෙස සහ මිල විකෘතින් වෙනස් කිරීම සඳහා ආණ්ඩුවේ ධෛර යය පරික්ෂා කිරීම සඳහා ඉතා ප්‍රභල වීකෘතීන් සහිත වෙළඳපොළවල් ත්‍රිත් වයක් පළමු වටයේදී හඳුනාගත හැක. පළමු වැන්න තිරිඟු පිටි, සහල් සහ සහල් පිටි වෙළඳපොළයි. දෙවැන්න කිරිපිටි සහ කිරි නිෂ්පාදන ආශ්‍රිත වෙළඳපොළ වන අතර තුන්වැන්න කෑමට ගන්නා තෙල් වර් ග ආශ්‍රිත වෙළඳපොළ ලෙස හඳුනාගත හැකිය. අප රටේ පවුල් ලක්ෂ 30 ක මිනිසුන්ගේ ආර් ථිකයට සහ ජීවිත  වලට බලපෑම් ඇති කරන මෙම වෙළඳපොළවල් තුල මිල විකෘතීන් ඇති වන ආකාර 08 ක් හඳුනාගත හැක. පළමුවැන්න නිෂ්පාදනය කරන රටේදී නිෂ්පාදකයාට ලබාදෙන සහනාධාර මඟින් මිල අඩුකොට අප රටකට ප්‍රතාපනය කිරීමය. ඇමරිකාව ඇතුළු බටහිර රටවල් තම රටවල ගොවීන්ට සහ නිෂ්පාදකයින්ට  වාර් ෂිකව ලබා දෙන සහණාධාර වල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 300 ඉක්මවා යයි. අප වැනි රටවලට තිරිඟු පිටි අඩු මිලට ප්‍රතාපනය කිරීම සඳහා නිෂ්පාදකයට 20% පමණ සහනාධාරයක් ලබා දේ. දෙවැනි ආකාරය රටට ආනයනය කිරීමේදී වරායේදී බදුු සහන ලබාදීමය. උදාහරණයක් ලෙස පසුගිය රජය විසින් තිරිගු ඇට කි.ග්‍රැම් 1 කට රු. 20 ක් සහ ආනයනික කිරි පිටි කි.ග්‍රෑම් 1 කට රු. 223 ක බදු සහන ලබාදුනි. වර් තමාන රජය විසින් තිරිඟු පිටි කි.ග්‍රෑම් 1 කට රු. 28 ක ලබාදුන් අතර ආනයනික පොල්තෙල් ක්‍රි.ග්‍රෑම් 1 කට රු. 170 ක සහ ආනයනක ෆාම් තෙල් කි.ග්‍රෑම් 1 කට රු. 100 ක බදු සහනයක් ලබා දි ඇත. බදු සහන ලබා දීම යනු පනවා තිබූ බදු ඉවත් කිරීම මඟින් රජයට ලැබෙන ආදායම අහිමි කර ගැනීමය. ඒ මගින් වෙළඳපල තුල මිල විකෘතියක් ඇති වන්නේ බදු සහනය යොදා ගනිමින් මිල අඩු කිරීම නිසාය.

ඉහත සඳහන් කළ ආහාර ත්‍රිත්වයට අදාලව එසේ බදු අය නොකිරීම හෙවත් බදු සහන ලබාදීම මඟින් වාර් ෂිකව රජයට අහිමිවන සහ සමාගම්වල ලාභයට එකතුවන මුදල වාර් ෂික රු. මිලියන 80,000 ඉක්මවා යයි. එම ප්‍රමාණය සමස්ථ රටේ සමෘද්දි ලාභීන් වෙනුවෙන් වැයකරන මුදලට වඩා බෙහෙවින් වැඩි වේ. එපමණ විශාල මුදලක් උඩ සාක්කුවේ දමාගත් සමාගම් ප්‍රධානීන්ට බොහෝ පුද්ගලයින් මිලදී ගත හැකි බව රහසක් නොවේ. ඉහළ රාජ්‍ය නිලධාරීන් යොදා ගනිමින් වෙළඳපොළ විකෘතීන් දීර් ඝකාලීනව පවත්වාගෙන යාමේ රහස ඇත්තේද එතනය. එසේ වෙළඳපොළ මිල විකෘතීන් ඇති කරන තුන්වන ආකාරය වන්නේ බාල කිරීම හෝ සංයුතිය වෙනස් කිරීම මඟින් මිල අඩු කිරීමය. කිරිපිටි වලින් මිල අධික කිරි මේදය ඉවත් කොට ගෙන මිල අඩු ෆාම් තෙල් එකතු කිරීම මඟින් අඩු මිලට කිරිපිටි ප්‍රතාපනය කිරීම සහ පොල්තෙල් වලට ෆාම් තෙල් මිශ්‍ර කිරීම මඟින් මිල අඩු කිරීම ඒ සඳහා වන හොඳම උදාහරණ ලෙස සැලකිය හැක. මෙම නීතිවිරෝධී සහ සදාචාර විරෝධී ක්‍රියාව ප්‍රචලිත කිරීම සඳහා පාරිභෝගික අධිකාරිය විසින් 2016 දී ගැසට් නිවේදනයක් පවා නිකුත්කොට ඇත.ඒ් මගින් පොල් තෙල් වලට ෆාම් තෙල් මිශ්‍ර කිරීම නීත්‍යානුකූල කොට ඇත. පසුගිය දිනවල පාරිභෝගික අධිකාරිය විසින් පරීක්ෂාවට ලක් කළ පොල් තෙල් සාම්පල් 118 ක 70% දක්වා පිරිපහදු නොකළ ෆාම් තෙල් අඩංගු වූ බව වාර් තා විය.

හතරවැනි ක්‍රමවේදය වන්නේ වෙළඳ ගිවිසුම් හරහා විශේෂ බදුසහන සහ ප්‍රතිඅපනයනය  වැනි අවස්ථා ලබා ගැනීමය. ගම්මිරිස් ප්‍රතිඅපනයනය කිරීමේ ක්‍රියාවලිය හෙවත් ආනයනික බාල ගම්මිරිස් නැවත අපනයනය කිරීම නිසා  දේශීය ගම්මිරිස් වෙළඳපොළ මිළ ක්‍රි.ග්‍රෑම් 1 කට රු. 1500 සිට 500 දක්වා පහත වැටුණි. එය නිවැරදි නොකොට ගම්මිරිස් ගොවියාට ණය ලබාදීම හෝ පුහුණුව ලබාදීම මගින් මිල විකෘතිය නිවැරදි කළ හැකිද? කෙසේ වෙතත් ජනාධිපතුමා විසින් ආනයන අපනයන පාලන පනත යටතේ රෙගුලාසියක් නිකුත් කරමින් එම ප්‍රති අපනයන ජාවාරම තහනම් කරනු ලැබීය. වෙළඳපොළ මිල විකෘතීන් ඇති කිරීමේ පස්වැනි ක්‍රමවේදය වන්නේ නීත්‍යානුකූල බව පෙනෙන ලෙස බදු වංචා කිරීම මඟින් මිල අඩුකිරීමට අවශ්‍ය තත්වය නිර් මාණය කිරීමය, ආනයන “ ඉන්වොයිස් පත්”වල මිල අඩුවෙන් සඳහන් කිරීම සහ  ප්‍රමාණයන් අඩුවෙන් දැක්වීම ආදී ක්‍රමවේද වලට අමතරව රේගු නිලධාරින්ගේ අනුදැනුම ඇතිවද මෙම බදු වංචා සිදු වේ. හය වැනි ක්‍රමවේදය වන්නේ රේගුවේ අනුදැනුම නැතිව නිතිවිරෝධීව මුහුදු මාර් ග හරහා යාත්‍රා වලින් සහ ගමන් මළු මඟින් රට තුලට භාන්ඩ ගෙන ඒම මගින් බදු සහ වෙනත් ගාස්තු මඟ හැර අඩු මිලට භාණ්ඩ වෙළඳපොලට දැමීමය. කහ සහ පාවහන් ඒ ආකාරයට බහුලව රට තුලට ගෙන එන බව ප්‍රසිද්ධ කරුණකි. සපත්තු කුට්ටමකට රුපියල් 600ක් බද්දක් පනවා ඇති විටක ඒවා එම මිලටම වෙළඳපලෙන් මිලදී ගත හැක්කේ එම ක්‍රමවේදය හරහා කරනු ලබන මිල විකෘතිය නිසාය. එවිට දේශීය පාවහන්කරුවා එම මිල සමග තරඟ කරන්නේ කෙසේද? වෙළඳපල තුල මිල  විකෘතීන් ඇති කරන  හත් වැනි ක්‍රමවේදය වන්නේ වැට්බදු සහ ආදායම් බදු වංචා කිරීම මගින් අත ඉතිරිවන ලාභය යොදා ගනිමින් මිල අඩු කිරීමය.

පසුගිය යහපාලන රජය සමයේ දී ආනයනකරුවන් 88 දෙනෙකු විසින් අගරු චෙක්පත් ලබා දීම හරහා පමණක් වංචා කොට ඇති බදු ප්‍රමාණය මිලියන 3,000කි. ඉන් රු මිලියන2000ක් වැට් බදු වේ. එනම් මහජනයාගෙන් අයකොට රජයට නොගෙවා සිටින බදුය. එය ඉතා බරපතල වංචාවක් වුවත් අදාළ නිලධාරීන් අගරු චෙක් පත් ලබා දීමට එරෙහි කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැති අතර එම මුදල් අය කර ගැනීමටද කටයුතු කොට නැත. වර් තමාන රජයද අද වන තුරු අදාල නිලධාරීන්ට එරෙහිව පියවර ගෙන නැත. රේගුව සහ ආදායම් බදු අංශ වල නිලධාරීන් සහ ජාවාරම්කරුවන් අතර පවතින ප්‍රභල සම්බන්ධය බිඳීමෙන් තොරව ඉහත සඳහන් කළ මිල විකෘති කිරීමේ ක්‍රමවේද දෙක කිසිසේත්ම  පාලනය කළ නොහැක. වෙළඳපල මිල විකෘති කිරීමේ අට වැනි ක්‍රමවේදය වන්නේ දේශීය වෙළඳපල තුල තර් කානුකූල නොවන මිල පාලනයක් දැමීම මගින් දේශීය නිෂ්පාදකයාගේ හුස්ම හිර කොට විකල්ප නිෂ්පාදන ප්‍රචලිත කිරීමට ඉඩ සැලසීමය. සහල් සඳහා වෙළඳපල තුල පැවතිය නොහැකි මිලක් පනවා කර් මාන්තකරුවාගේ සහ වී ගොවියාගේ හුස්ම හිර කිරීම ඒ සඳහා වන  හොඳම උදාහරණයකි.

රටේ ජනතාවගෙන් 50% ආසන්න පවුල් ප්‍රමාණයක ආර් ථික ඉඩ ප්‍රස්ථා සහ ජිවන මට්ටම මත බලපෑම් ඇති කරන සහ රටේ සමස්ථ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවයට සහ මහජන සෞඛ්‍යයට තීරණාත්මක බලපෑමක් ඇති කරන ආහාර ත්‍රිත්වයට අදාළ වෙළඳපොළ තුළ මිල විකෘතිය ඇති කිරීම සඳහා ඉහත සඳහන් කළ ක්‍රමවේද සියල්ලම භාවිතා කෙරෙන බව පැහැදිළිව හඳුනාගත හැක. එම ක්‍රියාවලිය ආණ්ඩුවට බලපෑම් කළ හැකි ආර් ථික ඝාතක ඉහළ නිලධාරීන් පිරිසක් සහ ජාවාරම්කරුවන් අතලොස්සක් විසින් පවත්වාගෙන යනු ලබන්නේ බදු පැනවීම මඟින් මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයා අවුල්වන බවට තර් ක ගොඩ නගමිනි. ඔවුන් එක් පැත්තකින් ඒ ආකාරයට මිල ඉහළ යන බවට අනතුරු අඟවමින් ආනයනික භාණ්ඩ දිරිමත් කරන අතර අනෙක් පැත්තෙන් මිල අඩු කිරීමේ මුවාවෙන් දේශීය සහල් කර් මාන්තය විනාශ කිරීම සඳහා සහල් සඳහා තර් කානුකූල නොවන මිල සූත්‍ර හඳුන්වා දෙති. මේ සියල්ල දිර්ඝකාලයක් තිස්සේ පවත්වාගනු ලබන්නේ මහජනයාට රටේ ආනයන බදු ප්‍රතිපත්ති වලට අදාල  තොරතුරු වසන් කිරීම මඟිනි. එසේ නැතහොත් යම් ආනයනික ද්‍රව්‍ය වලට කෙටි කාලීන තහනමක් පැනවීම මගින් ඒවාට බදු පැනවීම වලක්වා ගැනීම මගිනි.

මේ ආකාරයට ලෝකය පුරා සිදුවන වෙළඳපල මිල විකෘති කිරීම මගින් දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය බිඳ වැට්ටවීමට එරෙහිව විවිධ ක්‍රමවේද සහ උපාංග යොදා ගැනේ. එහිදී දකුනු කොරියාව , ජපානය සහ ඉන්දියාව වැනි රටවල් ඉදිරියෙන්ම සිටිති. අද නිදහස් වෙළඳාම ගැන බණ කියන ඇමෙරිකාව මීට වසර 75 කට පෙර නිෂ්පාදන වෙළඳපල තුල මිල විකෘතීන් නිවැරදි කිරීම සඳහා ආනයන වලට බදු පැනවූ ආකාරය ඔවුන්ගේ බදු මට්ටම්  අධ්‍යයනය කිරීමෙන් වටහා ගත හැක. මහාචාර්ය හෝජුන් චැන්ග් මහතා තම ‘’ ඉනිමගට පයින් ගැසීම’’ නැමති කෘතිය මගින් එසේ ඇමෙරිකාව විසින් ආරක්ෂණවාදී  ප්‍රතිපත්ති අනුගමනය කරමින් තම රටේ නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කර ගැනීමෙන් පසුව අන් රටවලට ආරක්ෂණවාදී ප්‍රතිපත්ති අනුගමනය කරමින් අන්රටවලට ආරක්ෂණවාදී නොවී නිදහස් වෙළඳාම ප්‍රචලිත කිරීම සඳහා බදු අඩු කරන ලෙස උපදෙස් දෙන ආකාරය අපූරුවට පැහැදිලි කරයි. අප වැනි රටවල ආන්ඩුවලට උපදෙස් දෙන ඊනියා නව ලිබරල් විද්වතුන් මන්තරයක් සේ ජප කරන්නේ ඇමෙරිකාව එදා කළ දේ අප විසින් අද නොකළයුතු බවටය. කෙසේ වෙතත් කොරියාව වැනි රටවල් විදේශීය රටවල දී සහනාධාර ලබා දී තම රටට භාණ්ඩ ප්‍රතාපනය කිරීම වැලැක්වීම සඳහා එම සහනාධාරවල වටිනාකම ගණනය කොට එය නිශේධනය කිරීම සඳහා එම ප්‍රමාණයට හෝ ඊට ඉහළ ආනයන බදු ප්‍රමාණයක් පනවනු ලබයි.

ඊට අමතරව එමරටවල් තම රටවල ඉහළ නිලධාරීන් විසින් ජාවාරම්කාරයින්ගේ බලපෑම් මත ආනයනික භාණ්ඩ වලට  දේශීයව බදු සහන ලබා දීම වලක්වන අතර  අතර බදු වංචාව වැලැක්වීමටද ඉතා පුළුල් පරාසයක ක්‍රියාමාර් ග සහ නීති හදුන්වා දී ඇත. ඒ අනුව එවැනි ප්‍රතිපත්තියක් අප රටේ දී අනුගමනය කරනවානම් උදාහරණයක් ලෙස විදේශීය සහනාධාරවල බලපෑම නැති කිරීම සඳහා තිරිඟු පිටි වලට 20% ක විශේෂ බද්දක් පැනවිය යුතුය. එහිදී දේශීය විකල්ප නිෂ්පාදන වලට වඩා අවම වශයෙන් 10% කට වැඩි වෙළඳපල මිලක් පැනවෙන ලෙස ආනයනික නිෂ්පාදන වලට අමතර බදු පැනවිය යුතුය. ඊට අමතරව තිරිඟු පිටි උදාහරණය ගතහොත් දේශීයව බදු සහන ලබා නොදීමේ ස්ථාවරයට අනුව මේ වන විට තිරිඟු ඇට වලට ලබා දී ඇති කි.ග්‍රෑ 1 කට රුපියල් 20ක බදු සහනය සහ තිරිඟු පිටි වලට ලබා දී ඇති කි.ග්‍රෑ 1 කට රුපියල් 28ක බදු සහනය අහෝසි කළ යුතුය. එසේම ආනයනික කිරිපිටි වලට ලබා දී ඇති කි.ග්‍රෑ 1 කට රුපියල් 223 ක් වන බදු සහනයද අහෝසි කළ යුතුය. ඊට අමතරව ආනයනික පොල් තෙල් සඳහා ලබා දී ඇති කි.ග්‍රෑ 1 කට රුපියල් 170 ක බදු සහනය සහ ෆාම් තෙල් වලට ලබා දී ඇති ක්‍රි.ග්‍රෑ 1 කට රුපියල් 100 ක බදු සහනය අහෝසි කළ යුතුය.

ඊට අමතරව ඉන්දියාව අනගමනය කරන්නේනම් දේශීය නිෂ්පාදන ආරක්ෂා කිරීම සඳහා ආනයන ධෛර් යමත් කිරීම මුල් කරගෙන විවිධ බදු නොවන බාධකද පැනවිය හැක. එහිදී ආනයන බල පත්‍ර සහ කෝටා ක්‍රමයක් හදුන්වා දීම මගින් ප්‍රමාණාත්මක සීමා පැනවිය හැක. උදාහරණයක් ලෙස පොල් මිල ස්ථාවර කිරීම සඳහා කෙටි කාලීනව පොල් තෙල් ආනයනය කිරීමට ඉඩ ලබා දෙන්නේනම් එම ක්‍රමවේදය යොදා ගත හැකිය. ඊට අමතරව ඉහළ ප්‍රමිතීන් පැනවීම මගින් සහ බාල කරන ලද ආහාර ආනයනය නීතියෙන් තහනම් කිරීම මඟින් මිල අඩුකළ භාණ්ඩ ප්‍රතාපනය කිරීම වැළැක්විය හැක. උදාහරණයක් ලෙස ෆාම් තෙල් මිශ්‍ර කිරි පිටි සහ ෆාම් තෙල් මිශ්‍ර පොල් තෙල් ආනයනය අපනයන පාලන පනත යටතේ තහනම් කළ හැක. මේ වන විට එම පනත යටතේ ගම්මිරිස් ප්‍රතිඅපනයනය හෙවත් බාල ගම්මිරිස් රට තුලට ගෙන ඒම තහනම් කොට ඇත. එහෙත් ආනයන අධෛර්යමත් කිරීම සඳහා ක්‍රමවේදයක් ලෙස කෙටි කාලීන හෝ දීර්ඝ කාලීන පදනමින් ආනයන තහනම් කිරීමේ ක්‍රමය භාවිතා කිරීම සුදුසු නොවේ. ඊට හේතුව එම ක්‍රමවේදයට මුවා වී එනම් ආනයනයට සීමා පැනවූ බව කියමින් ඒවාට ස්ථීර ක්‍රමවේදයක් ලෙස බදු පැනවීම වලක්වා ගැනීමේ හැකියාව තිබීමය. බොහෝ විට  එසේ බදු පැනවීම වළක්වා ගැනීමෙන් පසුව ඉතා සූක්ෂම කුමන හෝ හේතු දක්වා ආනයන සීමා ඉවත් කිරීම සිදුවේ. එවිට බදු වැඩි කිරීමෙන් තොරව අඩු මිලට එම ද්‍රව්‍යය රට තුලට ආනයනය කිරීමට ඉඩ ලැබේ.

ඒ අනුව ලෝකයේ තත් වය කෙසේ වෙතත් අප රටට අදාලව වෙළඳපල මිල විකෘතීන් නිවරදි කිරීම සඳහා ඒ සියලු ක්‍රමවේද යොදා ගැනීමේ නීතිමය ඉඩ කඩ ඇත. ඒ සඳහා දැනට පවතින අනපනත් 8ක් පමණ යොදා ගත හැක. ඒ සඳහා වන පූර් ව කොන්දේසිය වන්නේ ආනයන බදු සහ බදු නොවන බාධක පිලිබඳව මහජනයා දැනුවත් කොට විනිවිද භාවයෙන් කටයුතු කිරීමය. එනම් රජය විසින් ආරක්ෂණවාදී ප්‍රතිපත්තිය හෙවත් දේශීය නිෂ්පාදන ආරක්ෂා කිරීම සඳහා ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව විවෘතව ප්‍රකිශ කිරීමය. එවිට ආර්ථික ඝාතක නිලධාරීන්ට සහ තම රහසිගත ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට ඉඩ ලැබෙන්නේ නැත. ඒ නිසා පළමුවෙන්ම රජයේ වගකිව යුතු නායකයෙකු විශේෂයෙන්ම ජනාධිපතිතුමා මැදිහත් වී මෙම ආහාර වෙළඳපොළ ත්‍රිත්වය මඟින් ආර් ථිකයට සිදුවන බලපෑම සහ මිල විකෘතිය වැළැක්වීම මඟින් දේශීය නිෂ්පාදනය වර් ධනය කිරීමෙන් තොරව දීර්ඝකාලීනව පාරිභෝගිකයාට සහන ලබා දිය නොහැකි බව මහජනයාට තේරුම් කරන්නේ නම් අදාළ ක්‍රියා මාර් ග සඳහා මහජන සහය ලබා ගැනීම දුෂ්කර නොවේ. එහිදී බදු වංචා පිළිබඳව සහ බදු පනවන ප්‍රමාණය පිළිබඳව මහජනයාට විනිවිදභාවයෙන් යුතුව තොරතුරු ලබා දිය යුතු අතර එම බදු ආදායම විශේෂිත අරමුදලකට යොමුකොට එම අරමුදල් දේශීය නිෂ්පාදනය නැවැත්වීමට සහ අඩු ආදායම් ලාභීන්ට සහන දීම සඳහා පමණක් භාවිතා කරන බවට සහතිකයක් දීමද ඉතා වැදගත් වේ. නමුත් පසු ගිය දිනවල සීනි, පරිප්පු , ලොකු ලූණු සහ සැමන් සදහා පාරිභෝගිකයා නාමයෙන්  බදු සහන ලබා දීමේදී ආනයනකරුවන් අයුතු ලෙස ලාභ ඉපයූ ආකාරය අධ්‍යයනය කිරීමේදී ප්‍රශ්නය බොහෝ සංකීර්ණ බව වටහා ගත හැක. සීනි සඳහා ඉතිහාසයේ ලබා දුන් වැඩිම බදු සහනය වන රු 55 ක සහනය ලබා දෙන විට යම් ආනයන කරුවෙකුට අයත් වරායේ ගුදම්වල සීනි මෙ.ටො 8000ක්  තිබුණු බව වාර් තා වූ අතර බදු සහනය ලබා දුන් සැනින් ඒ්වා නිදහස් කර ගැනීම නිසා ඒම ව්‍යාපාරිකයාට ලැබුණු අයුතු ලාභය රු.මි. 440කි. මෙවැනිදේ අහම්බෙන් හෝ අතපසුවීමෙන් සිදුවිය හැකිද?

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More