මාර්තු මාසයේ මුල්ම කොරෝනා රෝගියා වාර්තා වීමෙන් මෙන් පසුව බන්ඩාරනයකපුර, නාවුක හමුදා, මෙන්ම කන්දකාඩු පොකුරු හරහා වාර්තා වූවා මෙන් දෙගුණයකට ආසන්න රෝගීන් සංක්‍යවක්ද හා මරණ පහක් ද බ්‍රැන්ඩික්ස් පොකුර හරහා සිදු වූ පසුබිමක, ජනතාව තුළ යම් මානසික ව්‍යාකූල තාවයක් ඇති වීම ස්වභාවිකය.
එහෙයින් මෙම ලිපියේ අරමුණ වන්නේ එම සංසිද්ධිය තේරුම් ගෙන මෙවන් වසංගත ආපදා තත්ත්වය තුළ විවිධ සමාජ ස්ථරයන්ගේ මනස ක්‍රියා කරන ආකාරයත් පැහැදිලි කිරීමයි. ඒ අනුව ජනතාව තුළ ඇතිවන හැඟීම් සමුදායත්, එයට අනුරූප වූ හැසිරීම් (චර්යා) රටාවත් තේරුම් කර දීමයි. අද දවසේ ප්‍රධානතම කාර්යභාරය වන්නේ මෙම කරුණු තුන මෙම වසංගතය කළමනාකරණය කිරීමේදී මූලිකම වන කරුණු තුන වන බවට ඔබට තහවුරු කර දීමයි.
විවිධ විවිධ සමාජ ස්ථරයන් යනුවෙන් මම අදහස් කළේ දේශපාලඥයන්, සුව සේවකයන්, ත්‍රිවිද හමුදා නිලධාරී මෙන් ම පොදු ජනතාවත්ය. මීට අමතරව සමාජයේ උපස්ථරයන්ද ඇත. එනම් කතා කරන භාෂාව, අදහන ආගම මෙන්ම වෙනස් සංස්කෘතික කණ්ඩායම්ය. මින් එහාට ගත්කල සාමාන්‍ය ජනතාවගේද උප සමාජ ස්ථරයන් ඇත. තරුණයන්, මැදිවයස් කාණ්ඩය සහ වැඩිහිටියන්ය. එම උප ස්ථරයන්ට ආවේණික වූ සිතිවිලි,උපකල්පන, විශ්වාසයන්, ආකල්ප හැඟීම් සහ චර්යාවන්/හැසිරීම් ඇත.
උදාහරණයක් වශයෙන් ගත් කළ වැඩිහිටි සමාජ ස්ථරය මේ දිනවලත් ඉදිරි දින කිහිපය තුළත් වැඩියෙන් කල්පනා වනු ඇත්තේ ඉදිරියේ එළබෙන කඨින උත්සව පිළිබඳවය.
මෙම තත්වය තුළ ඔවුනට වඩාම වැදගත් වන්නේ මෙම ආගමික පසුබිමයි. තමන්ට හුරු පුරුදු වූ කඨින පින්කම් වලට දායක විය හැකි ආකාරයයි. නමුත් එම සිතිවිලි මුල්කොට ගෙන සිදුවන චර්යාවන් මත වයස්ගත ජන කොටස් එකට එකතුවීම තුල ඇතිවිය හැකි සුවිශේෂ අවදානම ගැන ප්‍රමුකත්වයක් ඔවුන් තුල ඉස්මතු නොවීමට ඉඩ ඇත. එයට හේතුව කටින පිංකම පිළිබද ජීවිතය පුරා ගොඩ නැගුනු සිතිවිලි,උපකල්පන, විශ්වාසයන්, ආකල්ප හැඟීම් සහ චර්යාවන්/හැසිරීම් වලින් මිදීමට ඔවුනට ඇති අපහසුතාවයයි. වසර ගණනාවක් පුරා ඔවුන් හුරු පුරුදු වූ ජිවන රටාවෙන් මිදීමට ඇති අපහසු තත්වයයි. වෙන දා මෙන්ම මෙම කඨින පින්කම් කළ යුතු බවත්, එසේ නො කළහොත් ඔවුනට යම් ආකාරයක වරදක් කළ අයකු ගේ මානසික හැඟීමක් ඇතිවිය හැකි බවත් අප තේරුම්ගත යුතුය.
ඒ නිසා මෙම සමාජ ස්ථරය බොහෝ දුරට කටයුතු කරනු ඇත්තේ කෙසේ හෝ මෙම කඨින පින්කම් වෙනදා මෙන්ම කිරීමටය. රජය හෝ සෞක්‍ය අංශයන් මෙම ජනතාව ඒකරාශී වීම අවම කිරීමට මැදිහත් විය යුතුවන්නේ එම මනෝ භාවය තෙරුම් ගෙනය. මන්ද එම පියවර රෝගය ව්‍යප්තවිම වැලක්වීමට එය අත්‍යවශ්‍ය නිසාය.
මේ ආකාරයෙන් බලන කල දේශපාලඥයන් ගේ සිතුවිලි පාදක වන්නේ දේශපාලන කරුණු කාරණා පෙරදැරි කරගෙනය. ඒ අනුව ඇති වන හැඟීම් සමුදාය මත පදනම්ව ඔවුන්ගේ චර්යාවන් එනම් හැසිරීම් රටා තීන්දු තීරණ වන්නේ ය. තමන් විශ්වාස කරන ප්‍රමුකත්වය දිය යුතු එම යුතුකම් වගකීම් සහ තමන්ට ජනතා විසින් පවරා දෙනු ලැබූ රාජකාරි කටයුතු ඉටු කිරීමේ චර්යාවන් වලට ඔවුන් මුල් තැන දීමට පෙලබෙනු ඇත.
මේ ආකාරයෙන්ම සෞඛ්‍ය සේවයේ කටයුතු කරන උදවිය ගේ බහුතරයකගේ සිතිවිලි මූලිකව පවතින්නේ මෙම අර්බුදය හමුවේ තමන්ගේ කාර්යභාරය වඩා කිරීම පිළිබඳවය.මෙතැනදී සෞඛ්‍ය සේවකයන් මෙන්ම විවිධ හමුදාවේ සේවකයන් ද ඉදිරි පෙල ක්‍රියාකාරිකයන් වශයෙන් කටයුතු කරන බැවිනි ඔවුන් තුළ ජනිත වන සිතිවිලි වෙනස්ය. මේ හේතුව නිසා ඔවුන් තුළ ඇතිවන හැඟීම් ද වෙනස්ය. ඔවුන්ගේ චර්යාවන් රටා ද වෙනස් ය.
මෙම වසංගත අපදාව පිළිබඳ වූ වැඩිම දැනුවත් කමකින් පසුවන සෞඛ්‍ය සේවකයන් එම හේතුව නිසාම ඔවුන්ගේ හැසිරීම් රටාවන් මෙම වසංගත ගැන තමන් ආරක්ෂා වීම මෙන්ම අන් අය ආරක්ෂා කිරීමට වඩාත් සාධනිය හැසිරීම් රටාවනට කැපවීමෙන් මැදිහත් වනු ඇත.
කොරෝන මර්ධන කටයුතු වලට සාර්ථකව මුහුණ දීමට නම් ඉහත සදහන් කල කරුණු කාරණා හොඳින් තේරුම් ගත යුත්තේ, මෙම සමාජ ස්ථරයන් සහ උපස්ථරයක් තුළ පවතින මෙම වෙනස්කම් නිසා විවිධ අභියෝග මතුවන නිසාය. උදාහරනයක් ලෙස දේශපාලකයන් ගන්නා තීන්දු තීරණ සමහර විටක දී රටේ පොදු ජනතාවගේ ඒකමතික එකඟතාවයට හේතු නොවන්නේ මේ හේතුව නිසාය. මෙම අර්බුදය හමුවේ, එය කලමනාකරණය පිළිබඳව පොදුවේ රජයක් වශයෙන් ගනු ලබන උපායමාර්ග හා ප්‍රායෝගික තීන්දු පිළිබද වෙනත් දේශපාලන පක්ෂ තුල එකඟතාවයක් නො පවතින්නේ ද මේ නිසාය.
මේ ආකාරයෙන්ම ගත්කල සෞඛ්‍ය සේවය, විශේෂයෙන් රෝග වැළැක්වීමේ සේවාවන් තුළ නිරත වන ප්‍රජා සෞඛ්‍යය සේවක ස්ථරය නිරෝධන කටයුතු පිළිබඳ සිතන්නේ සහ කටයුතු කරන්නේ ඔවුන් ප්‍රගුණ කලා වෘත්තීය දැනුම මත පදනම් වූ සිතුවිලි විශ්වාසයන් ඇදහිලි උපකල්පන සහ දැනුම පාදක කොට ගෙනය. නමුත් මෙම නිරෝධාන කටයුත්ත පිළිබඳ ජනතාවගේ පැත්තෙන් ජනිත වන සිතුවිලි අනිවාර්යයෙන්ම සියයට සියයක්ම සෞඛ්‍ය ප්‍රජා සේවකයාගේ සිතුවිලි හා සමපාත නොවීමට ඉඩ.
මේ නිසා තොරතුරු සන්නිවේදනය මෙම කොරෝන ආපදා කළමනාකරණයේ නොදෙවෙනි වැදගත් කමකින් යුතු කොටසකි. විවිද සමාජ ස්ථරයන්ට ග්‍රහණය කරගත හැකි වඩාත් සුදුසු වචන භාවිතයෙන් එම සන්නිවෙදනය කල යුතුය. එම කටයුත්ත මාධ්‍ය සන්දර්ශන සේ සලකා බැහැර නොකළ යුතුය. එසේම එම කටයුත්තට මැදිහත් කල යුත්තේ විෂය දැනුම පමණක් සහිත වූ උදවිය පමණක් නොව මාධ්‍ය හා ජන මනස හැසිරීම ද හොදින් තේරුම් ගත අයයි. එම නිපුණතාවයන් ප්‍රවර්දනය කල අයයි. සරල උදාහරණයක් (කිසිසේත්ම චෝදනාවක් නොවේ) නම් ‘ මෙතෙක් සෞක්‍ය අංශ දැනුවත් නොකළ හෝ සෞක්‍ය අංශවලට වාර්තා නොකළ අය අප්‍රමාදව වාර්තාකරණ ලෙස කාරුණිකව ඉල්ලමු’ යන පණිවිඩයත් ‘ මෙතක් භාර නොවූ සැක සහිත රෝග ලක්ෂණ ඇති අය වහාම භාර විය යුතුය’ යන පණිවිඩයත් නිර්මාණය කරන්නේ හාත්පස මනෝභාවයන් දෙකකි.
මෙම තත්ත්වයන් තුළ නිරෝධානය පිළිබඳ පොදු ජනතාවගේ අදහස් සිතුවිලි මෙය දඬුවමක් සේ භාරගැනීමට කරුණු කාරණා මතු විය හැක.
මේ ආකාරයටම සෞඛ්‍ය සේවකයන් ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කරනු ලබන ත්‍රිවිද හමුදාව නිරෝදානය පිළිබඳව හිතන්නේ හා කටයුතු කරන්නේ වෙනත් මානයකින් විය හැක. මේ නිසා ඔවුනොවුන් අතර ඇතිවන තොරතුරු සන්නිවේදනයත් අතිශය වැදගත්ය.මේ නිසා සෑම දෙනා හොඳින් තේරුම් ගත යුතුව ඇත්තේ සරල ය යි මතුපිටින් පෙනෙන මෙම ආපදා කලමනාකරණයේ විවිධ කටයුතු හා විවිධ ක්‍රියාමාර්ග අප සිතනවාට වඩා සංකීර්ණ බවයි. එවන් පසුබිමක සංකීර්ණ වූ අර්බුදයකට සරල විසඳුම් නොමැති බව අප සියලු දෙනා හොදින් තේරුම් ගතැහැ යුතුය.
මෙම කොරෝනා ආපදාවේ සුවිශේෂම කාරණය වන්නේ මෙය ගෝලීය වසංගතයක් වීමයි. විද්‍යාත්මක දනුම මෙන්ම ආර්ථික බලයයටද වැඩි අයිතියක් උරුම කරගත් දියුණු යැයි සැලකෙන ඇමෙරිකාවේ එංගලන්තය ප්‍රන්සය ඔස්ට්‍රේලියාව වැනි බටහිර රටවල් පවා මෙම අර්බුදයට මුහුණ දීමට අපොහොසත්ව ඇති පසුබිම තුළ ශ්‍රී ලංකාව තුළ පමණක් කොරෝනා වසංගතය පාලනය කිරීම සීයට සීයක් සාර්ථක නොකෙරනාවය යන නිශේධනිය හා චෝදනාත්මක මනෝභාවය මෙම වසංගතය පාලනය කිරීමට උපකාරී නොවේ.
මෙයින් අදහස් කරන්නේ කිසිසේත්ම ඊයේ දිනයේ ඇමරිකාවේ ජනාධිපතිවරයා පැවසූ පරිදි කොරෝන පාලනය සහමුලින්ම අතහැර දැමිය යුතුය යන සදාචාර විරෝධී පණිවිඩය නොවේ. එම පණිවිඩයක් සදාචාර විරෝධී යැයි මා පවසන්නේ, කොරෝනා පාලනය අතර ද මූ විට මහා පරිමාණයෙන් එම රෝගය සමාජගත වී විශාල ජීවිත ප්‍රමාණයක් සුවිශේෂව ගත කල වැඩිහිටි පරම්පරාවේ ජීවිත අහිමිවීම වැඩි අවදානමක් ඇති වේ. ඇමරිකාවට වැඩිහිටි පරම්පරාව සමාජ බරක් විය හැක. එම තත්ත්වය තුළ වසංගතයකින් හෝ එම සමාජ ස්ථරය සමාජයෙන් ඉවත් වීම ඔවුනට ප්‍රශ්නයක් නොවිය හැක. ධනේශ්වර සමාජ ආර්ථික සංකල්ප අනුව තවදුරටත් පලදායි නොවේ යැයි සැලකෙන වැඩිහිටි පරම්පරාව සමාජයෙන් ඉවත් වූවාට ඔවුනට ප්‍රශ්නයක් නැත.
නමුත් අපට සමාජයේ සෑම සතරයක්ම සම්පතකි. ළදරු, ළමා, තරුණ, මැදි සහ වයස්ගත සමාජ ස්ථරය සියලු දෙනා ආරක්ෂා කිරීම අප යුතුකමක් සේ සලකන ජාතියකි. එනිසා කොරොනා පාලනය අත්හැර දැමීම කිසිසේත්ම ලංකේය න්‍යාය පත්‍ර යේ කොතැනක හෝ කිසි ලෙසකින් ඇතුළත් නොවන කරුනකි.
නමුත් මෙම කොරෝනා වසංගත අර්බුදය සහ මුලින් පාලනය කිරීමේ වගකීම දේශපාලන අධිකාරියට පමණක් හෝ සෞඛ්‍ය ශේස්ත්‍රය ට හෝ ආරක්ෂක හමුදාවන්ට භාරදී නිහඬ ප්‍රේක්ෂකයන් ලෙස කටයුතු කිරීමට පොදු පොදු ජනතාවට කිසිදු අයිතියක් නැත. කොරෝනා වසංගතය පාලනය කිරීමේ ප්‍රතිලාභ ලැබීම පමණක් වෙනුවට පොදු සමාජයේ සියලු දෙනා තමන්ගේ භූමිකාව ඉහළින්ම තමන්ගේ දෑත් වලට ගැනීමේ හෝරාව උදා වී ඇත.
එයට හේතුව මෙම වසංගතය පාලනය කිරීමේ පාර්ශවකරුවන් බවට අනිවාර්යයෙන්ම මේ රටේ සෑම දෙනාම පත් විය යුතු නිසාවෙන්ය. එම යුතුකම හා වගකීම තමන්ගේ දෙවුර මත පටවා ගැනීමට සූදානම් නැති මනස මේ මොහොතේ කාටවත් තිබිය නොහැක.
මෙම කාර්යභාරය සාපේක්ෂ වශයෙන් ගත් කල කොරෝනා වසංගතය පාලනය කිරීමේ ඉදිරිපෙල ක්‍රියාකාරිකයෙකු මත පැටවී ඇති බරපතළ වගකීම තම තමන් පෞද්ගලිකවම පවරාගෙන කල හැකි, වඩා සාපේක්ෂව පහසු කටයුත්තක් බව වටහා ගැනීම ඔබේ කාර්ය කිරීමට පිටුවහලක් වෙනු ඇත.
නීරෝදාන ගැසට් පත්‍රයට හෝ නිරෝධාන ඇඳිරි නීතිය ට බයට නොව ඒ සමාජ නීතිරීති හොඳින් තේරුම්ගෙන සමාජ වගකීම තේරුම් ගෙන ඒවාට අනුකූලතාවය දැක්වීම යුතුකමක් සේ සලකා කටයුතු කිරීමට අප සියලුදෙනා බැඳී ඇත.
මෙහිදී කළ යුතු වන්නේ ඉතා සරල කටයුතු කීපයකි. සෞඛ්‍යය උපදෙසට අනුව නිතර නිතර තමන්ගේ දෑත් පිරිසිදු කිරීම, තමන්ගේ නිවෙස් වලින් පිටතට යන විට දී හෝ තව කෙනෙකු මුණ ගැසෙන විට දී, සමහරවිට තමන්ගේ නිවෙස් වැඩිහිටියන් සිටීනම් නිවස තුළදී පවා, මුඛවාඩම් පැළඳීම මෙන්ම මීටරයක් දෙකක් දුරින් පුද්ගල දුරස්ථ භාවය පවත්වාගෙන යාමයි. මේ එක කාරණයක් පමණක් කිරීම කිසිසේත් ප්‍රමාණවත් නොවේ. කාරණා තුනම එකිනෙකට බැඳුණු අත්‍යාවශ්‍ය ්ක්‍රියාකාරකම් තුනකි.
ජනතාවගේ මෙම වගකීම් වඩා ගැඹුරෙන් තේරුම් ගැනීමත්, තමන් ගෙන් ඔබ්බට සිතා අධිෂ්ඨානශීලි ලෙස සමාජයේ පොදු යහපත ආරක්ෂා කිරීම වෙනුවෙන් යම් ආකාරයක පුද්ගලයා කැපකිරීමක් කිරීමට අප කාහටත් සිදුව ඇත.
ලාංකීය ජාතියේ අති බහුතරයක් ජනතාව මෙම ගුණාංග සහිත වූ ප්‍රජාවකි. ඒ නිසා එම කාර්යය සඳහා ජනතාව අවදි කිරීම කිසිසේත්ම අපහසු දෙයක් යැයි මා නොසිතමි. එම දිරිගැන්වීම, එම අවධි කිරීම, එම පෙළගැස්ම, එනම් ජනතාව කොරෝනා වසංගතය ට එරෙහි සටනේ පාර්ශව කරුවන් බවට පත් කොට බලගැන්වීමේ වගකීම සමාජයේ ‘මත පෙළගැස්විය හැකි මතධාරීන්ගේ’ දැවැන්තම වගකීම බව අවධාරණය කළ යුතුය.
පටු පක්ෂ දේශපාලන ආගම් ජාති කුල මල භේද මෙන්ම වුර්තීය වෙනස්කම් මත පදනම් වූ මමත්වය පෙරදැරි කොටගත් ටු ප්‍රවේශයකින් සහමුලින් ඈත්වීම මේ රටට ආදරය කරන සෑම කෙනෙකුගේම අව්‍යාජ යුතුකමක් බව ද අවධාරණය කිරීමට කැමැත්තෙමි.
කොරෝන වෛරසය හා මතුවූ මෙම වසංගතය සමස්ත ලෝකයටම අලුත් දෙයකි. ඔබ අප සැම දෙනා දන්නා පරිදි බටහිර විද්‍යාත්මක දැනුම පර්යේෂණ හරහා වැඩිවෙන්නේ නිම වන්නේ බටහිර රටවලය. ලෝකයේ භූමි භාගයෙන් 90% කම පර්යේෂණ කරන්නේ, 10% ක පමණ දියුණු යැයි සැලකෙන බටහිර රටවල් වල වළිනි. 90% ලෝක ජනගහනය යැපෙන්නේ ඒ පර්යේෂණ දනුම මතය. නමුත් කොරොනා වසංගතය හමුවේ බටහිර රටවල් ද මේ නූතන විද්‍යාත්මක දැනුම ලෝකයට බෙදා හැරීමට අපොහොසත් විය ඇති තත්වයක් තුළ, අපට ද වීද්‍යාත්මක දැනුමෙ ඌනතාවයට මුහුණදීමට සිදුව ඇත. මුඛ ආවරණ භාවිතය පිළිබඳ මූලික අවධියේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කීවේ එය අනවශ්‍ය කාරණයක් බවයි. නමුත් පසුව කෙරුණු පර්යේෂණ අනුව අද එය අවශ්‍ය කාරණයක් බවට පත්ව ඇත. ඒ ආකාරයටම එන්නතක් නිපදවීමටද තවමත් බටහිර රටවල් තවමත් සමත් වී නැත.
මේම තත්ත්වයන් තුළ අපට කටයුතු කිරීමට සිදුව ඇත්තේ රෝග වැළැක්වීම පිළිබද අවුරුදු සිය ගණනක් තිස්සේ භාවිතා වූ රෝගයක් වැළැක්වීම, එයට ප්‍රතිකාර කිරීමට වඩා අතිශයින් වැදගත් වන සංකල්පය මත පදනම්ව ය.
නිරෝධානය හිතට බරක් වන අලුත් සංකල්පයක් නොව එදා අපේ මුතුන් මිත්තන් පවා සරම්ප පැපොල වැනි රෝග වැළඳී විට අනුගමනය කළ ක්‍රියා මාර්ගයක් බව අප නැවත මතක් කර ගත යුතුව ඇත. එය අපාදයට ලක්වෙන, තවත් කෙනෙකු වෙනස් කොට සැළකිය යුතු, උසුළු විසුළු වලට මෙන්ම නින්දා තර්ජන ගර්ජන වලට ලක් විය යුතුය සංසිද්ධියක් නොවේ.
අලුත් කොරෝන රැල්ල හමුවේ නිරෝධනයට ලක් යුතු සියලු දෙනා රාජ්‍ය ආයතන තුල නිරෝධානය කිරිම පිළිබඳ අභියෝගයක් මතු ඇතිවා පමණක් නොව එසේ සම දෙනාම රජයේ නිරෝධන මධ්‍යස්ථාන තුල නිරෝදානය කිරීමද අත්‍යවශ්‍ය කාරණයක් නොවේ.
මේම පදනම තුළ හැකි සෑම දෙනෙක්ම තම තමන්ගේ නිවෙස් තුළ නිරෝධාන කිරීමට රජය ගත් තීරණය නිවැරදි දෙයකි. අප සතු සීමිත සම්පත් පැත්තෙන් ගත්කල පමණක් නොව තමන් හුරු පුරුදු වූ තමන්ගේ නිවාසය තරම් හොඳ වෙනත් තැනක් කෙනෙකුට නොමැත. එහෙත් සමහර අවස්ථාවන්හිදී නිවසේ තිබෙන පහසුකම්, එහි ජීවත්වන සංක්‍යව ආදිය සලකා බැලීමේදී සමහර අය පමණක් රජයේ නිරෝධාන ආයතන සඳහා අකමැත්තෙන් හෝ යොමු කිරීමට ඉඩ ඇත. එවන් තත්ත්වයන් තේරුම් ගෙන එම රාජකාරි වලට මැදිහත් වන සියලු නිලධාරීන් වෙත සහයෝගය දීම සෑම දෙනාගේම යුතුකමක් හා වගකීමකි.
එම අවස්ථාවේදී තවත් අවධාරණය කලයුතු කාරණයක් ඇත. එනම් සමාජ ජාලා ක්‍රියාකාරිකයන්ගේ වගකීම පිළිබදවය. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව infodemic යන වචනයෙන් හඳුන්වන ‘සන්නිවේදන වසංගතයක් ද’ එනම් දුර්මත සමාජ ගත වීම ලෝකය පුරා පවතින බව පැහැදිලිය. මින් සමහර දුර්මත අනවබෝධයෙන් කරනු ලබන දෙයක් වන අතර මහර දුර්මත හිතාමතා ජනතාව නොමඟ යවා ව්‍යාකූලත්වයක් ඇති කොට සමහර විට රටවල් තුළ අස්ථාවර භාවයක් ඇති කිරීමට තරම් සැලසුම් සහගත බව පවසන්නේ මා නොව ලෝක සෞඛ්‍ය සංවිධානයයි.
මෙම නිසා සෑම විටම මෙවන් තොරතුරු පිළිබඳව කල්පනාකාරි මනසකින් කටයුතු කිරීමත්, සමාජ මාධ්‍ය ජාල තොරතුරු පිළිබඳව අනවශ්‍ය ප්‍රමාණයට වඩා විශ්වාසය තැබීමත් මෙන්ම කලබල වීමත් සිදු නොවිය යුතුය. බය ගැනීම වෙනුවට බලගැන්වීම වසංගත රෝග තත්වය පාලනය කිරීමට වැදගත් වන ප්‍රධාන සාධකයකි. එම නිසා සමාජ ජාලා ක්‍රියාකාරීත්වය පිළිබඳ විශ්වාසය තිබේ ක්‍රියාශීලී තරුණ පරම්පරාව එවන් දුර්මත වලට එරෙහිව කටයුතු කිරීම අත්‍යවශ්‍ය.
අවසාන වශයෙන් අවධාරණය කළ යුතුව ඇත්තේ අප කැමැති වුවත් නැතත් එන්නතක් සොයා ගන්නැ තුරුත්, එම එන්නත ලෝක ජනගහනයෙන් 70% කට වත් ලබා දෙන තුරු කොරෝනා වසංගතය සමග ජීවත් වීම හැර අපට වීකල්ප ක්‍රියාමාර්ගයක් නොමැති බවයි.
එහෙත් ඒ වන තුරු ලෝකයම හෝ රටක් හෝ ගමක් දින නියමයක් නොමැතිව වසා දැමිය නොහැක. එහෙත් යම් යම් තත්වයන් තුළ සීමාසහිත කාලයකට එම වසා දැමීම සිදු කිරීමට ද බලධාරීන් පැකිළිය යුතුද නැත. ඉතා හොඳින් කිරා මැන බලා එම තීන්දු තීරණ නොබියව ගත යුතු.
හොඳම තත්ත්වය නම් ගෝලීය කොරෝනා වසංගතය නොතිබුණා නම් ය. නමුත් එය දැන් හිතලුවක් පමණකි. මෙම ගෝලිය කොරෝනා අර්බුදය හමුවේ අප ගනු ලබන සියලුම ක්‍රියාමාර්ග තුළ වාසි පමණක් හෝ අවාසි පමණක් නොමැත. එම සෑම තීරණයක් තුළම වාසි හා අවාසි අන්තර්ගතව ඇති අතර අපට කළ හැකි වන්නේ අඩුම අවාසි ප්‍රමාණයක් ගෙන දෙන වැඩිම වාසි ප්‍රමාණයක් ගෙන දෙන තීන්දු තීරණ හා ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීම පමණකි. එය පහසු කටයුත්තක් නොවේ. මෙතැනදී වැදගත් වන්නේ පුද්ගල වාසි අවාසි නොව බහුතරයක් ජනතාවගේ වාසි හා අවාසි වෙනුවෙන් ගනු ලබන ක්‍රියා මාර්ගයන්ය. .
මෙම තත්ත්වය තුළ රජයෙන් පන වන නිල වසා දැමීම වලින් ඔබ්බට ගොස් තම තමන්ගේ ජීවිත තුළ ස්වයං වාරණයන් දැනුවත් කමින් යුතුව පනවා ගැනීමට අප කටයුතු කල යුතුය.අප හෙල්මටයක් පලදන්නේ පොලිස් නිලධාරියාට හෝ නීතියට බයනිසා නොව තමන්ගේ හිසේ ආරක්ෂාව සඳහාය යන මූලික සිද්ධාන්තය කොරොනා මුඛ ආවරන පැළදිය පොදු ය මන්ද යන වග මොනවට පැහැදිලි කරයි.
මෙම අසීරු අවස්ථාවේ සියලු දෙනා වගකීම් සහිත පුරවැසියන් වශයෙන් සිතා බලා තම තමන්ගේ යුතුකම් තමන් අතට ගෙන මෙම අර්බුදයෙන් ගොඩ ඒමට දායක වන ලෙස මේ රටට අතිශයෙන් ආදරය කරන පුරවැසියෙක් වශයෙන් මා ඉල්ලා සිටිමි. පසුගිය වසර 40 තුල ආපසු හැරී බැලීමේදී ලාංකීය ජාතිය වශයෙන් අපි මුහුණ දුන් අභියෝග එමටය. ඒ සියල්ල ජයගත් ඔබට අපට මෙම අභියෝගතද ජය ගැනීමට හැකි බව විශ්වාසයෙන් කටයුතු කරමු. මව්බිම සමග ජීවිතය ද දිනමු.
එංගලන්තයේ කිල් විශ්වවිද්‍යාලයේ මනෝචිකිත්සාව පිළිබද මහාචාර්ය, ලංකාවේ පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂක, ජාතික මුලික අධ්‍යයන ආයතනයේ සභාපති මහාචාර්ය අතුල සුමතිපාල
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...