රජය නිරෝධායන ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කිරීමත් සමඟ එම ප්‍රදේශවල පවතින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්ත ශාලාවන් හි නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වැඩිදුරටත් මෙසේ කියා සිටී.
ආයෝජන කලාපවලින් බැහැරව ඇති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි කර්මාන්තශාලා ද මේ අනුවම ක්‍රියාත්මක වීම අපේක්ෂා කෙරේ.
ඒ සඳහා අවශ්‍ය ඇඳිරිනීති බලපත්‍ර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වෙබ් අඩවියේ www.investsrilanka.com ඇති උපදෙස් අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිකුත් කිරීමට පියවර ගැනේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ හා මාර්ගෝපදේශයන් දැඩිව පිළිපදිමින් මෙම කර්මාන්තශාලා පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය දායකත්වය ලබා දේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...