දේශීය පුවත්

මෙතෙක් දීර්ඝ කාලයක් වව්නියාව නගර සභාවේ පාලන බලය හිමිව තිබුණේ දෙමළ ජාතික සන්ධානයටය.
වව්නියාව නගරසභාවේ පාලන බලය දෙමළ ජාතික සන්ධානයට (TNA) අහිමි වූ අතර මෑතදී පිහිටුවන ලද දෙමළ ජාතික විමුක්තිකාමී පක්ෂය (ENLF) විසින් එහි බලය අත්පත් කර ගනු ලැබ ඇත.

දෙමළ ජාතික විමුක්තිකාමී පක්ෂය (ENLF) මෑතදී පිහිටුවා ගන්නා ලද්දේ වී. ආනන්දසංගරී නායකත්වය දෙන ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ(TULF ) සහ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් විසින් නායකත්වය දෙනු ලබන EPRLF සංවිධානය සන්ධානගත වීමෙනි.

වව්නියාව නගර සභාවේ අභිනව නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ දී එක්සත් ජාතික පක්ෂය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,සහ EPDP පක්ෂයේ සහයෝගය දෙමළ ජාතික විමුක්තිකාමී පක්ෂයට (ENLF) ලැබුණි.

ඒ අනුව එම පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද රාසලිංගම් ගෞතම්ට ඡන්ද එකොළහක් ලැබීමෙන් ඔහු අභිනව නගරාධිපතිවරයා හැටියට පත්විය.

දෙමළ ජාතික සන්ධානය විසින් නගරාධිපති පදවිය සඳහා ඉදිරිපත් කරන ලද අපේක්ෂකයාට එම සන්ධානයෙන් තේරී පත්ව සිටින නගර සභිකයන් අටදෙනාගේ සහ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ නියෝජිතයාගේ සහයෝගය ලැබුණ අතර ඔහු ලද මුළු ඡන්ද සංඛ්‍යාව නවයකි.

දෙමළ ජාතික විමුක්තිකාමී පක්ෂයේ (ENLF) රාසලිංගම් ගෞතම් අභිනව නගරාධිපතිවරයා හැටියට පත්විය.
මේ අනුව තනි පක්ෂයක් ලෙස වැඩිම නගර සභික සංඛ්‍යාව හිමි දෙමළ ජාතික සන්ධානයට වව්නියාව නගර සභාවේ පාලන බලය මෙවර අහිමි විය.

මෙතෙක් දීර්ඝ කාලයක් වව්නියාව නගර සභාවේ පාලන බලය හිමිව තිබුණේ එම සන්ධානයටය.

නගර සභාවේ මෙම පළමු සභාවාරය පැවති අවස්ථාවට එම්.ඒ.සුමන්තිරන්, ශිවශක්ති ආනන්දන්, සහ කේ.කේ. මස්තාන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගී වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More