2021 වර්ෂය වෙනුවෙන් වූ අයවැය පාර්ලිමේන්තුවේ දී සම්මත වීමෙන් අනතුරුව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ‘‘වේගවත් මූල්‍ය සහාය’ ලබා ගැනීමේ වැඩසටහන සමග නැවත සාකච්ඡා ආරම්භ කිරීමට මුදල් අමාත්‍යාංශය සූදානම් වේ. නව ආණ්ඩුව යටතේ මෙතෙක් රජයේ මූල්‍ය ප්‍රතිපත්තිවලට අදාළ ලියවිල්ලක් ඉදිරිපත් කර නොමැති බැවින් 2021 අයවැය සම්මත කිරීමෙන් අනතුරුව ඒ මත පදනම්ව මූල්‍ය අරමුදල සමග නව වටයකින් සාකච්ඡා ආරම්භ කෙරෙන බව මහා භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවසීය.
2021 වර්ෂය සඳහන් වූ අයවැය නොවැම්බර් 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව විසර්ජන පනත් කෙටුම්පතේ 2021 වර්ෂය වෙනුවෙන් රුපියල් ට්‍රිලියන 2.69ක වියදමක් දැක්වෙයි.
2021 වර්ෂයේ අප්‍රේල් මාසයේ දී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ හදිසි (වේගවත්) මූල්‍ය ආධාර වැඩසටහන යටතේ අරමුදල් සම්පාදනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව විශේෂ ඉල්ලීමක් කර ඇත. දැනට ශ්‍රී ලංකාව සමග මූල්‍ය අරමුදල එකඟතාවකට පැමිණ සිටින ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක ණය පහසුකම යටතේ ඉතිරි කොටස (දැනට ඒ යටතේ ඩොලර් බිලියන 1.3ක් මෙරටට ලැබී ඇත) ලබා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කළ බව එම ආයතනයේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මසහිරෝ නොසාකි පසුගියදා ප්‍රකාශ කර තිබිණි. කෙසේ වෙතත් පසුගිය මහ මැතිවරණය හේතුවෙන් එම සාකච්ඡා අත්හිටුවීමට මූල්‍ය අරමුදල පියවර ගත්තේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...