කොරෝනා වසංගතය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටියද ලොව බලවත් රාජ්‍යය ලෙස සැලකෙන අමෙරිකා එක්සත් ජනදපයේ මීළඟ නායකයා තෝරා ගැනීම සඳහා වන ජනාධිපතිවරණය අද (03) පැවැත්වීමට නියමිතයි. සිවුවසරක ධූර කාලයක් වෙනුවෙන් ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමට නියමිතව තිබෙන අතර ඒ අනුව මෙවර ඇමෙරිකාවේ පැවැත්වෙන 59 වැනි ජනාධිපතිවරණය ලෙස ඉතිහාසයට එක්වෙයි. මෙම ජනාධිපතිවරණ ක්‍රියාවලියේ ප්‍රාන්ත 50ක ඡන්ද දායකයන්ගේ කැමැත්ත පරිදි අද පැවැත්වෙන ඡන්ද විමසීමේ දී ඇමෙරිකානුවන් විසින් සිය ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට නියමිතය තිබේ.
රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන වත්මන් ජනාධිපත් ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන ඔබාමා රජයේ හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් අතර තරඟය ඊයේ (02) වනවිට වඩාත් තීව්‍ර වී තිබෙන බව වාර්තා වෙයි. ඊයේ (02) දිනයේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමෙරිකාවේ ප්‍රාන්ත 7ක රැලි 10ක් ද ජෝ බයිඩින් විසින් පෙන්සිල්වේනියාවේ බ්ලැන්කට් හි අවසන් රැලියක ද සහභාගි විය.
ඇමෙරිකානු ජනාධිපතිවරණය අද පැවැත්වුණ ද මේ වනවිටත් ඇමෙරිකානුවන් මිලියන 92කට වඩා වැඩි සංඛ්‍යාවක් තැපෑලෙන් හා වේලාසනින් ඡන්දය ප්‍රකාශකර ඇති අතර එය 2016 සමස්ත ඡන්ද ප්‍රතිශතයෙන් තුනෙන් දෙකක් නියෝජනය කරන බවද වාර්තා වෙයි. සාපේක්ෂව සැසඳීමේ දී මුලින් ඡන්දය ප්‍රකාශ කිරීම හා පුද්ගල ඡන්ද භාවිතය 2016 වසරේ දී සියයට 41 ක් පමණ විය.
මේ අතර දැනට ප්‍රකාශිත ඡන්දවලින් වඩාත් උණුසුම් තරඟයක් පවතින ප්‍රාන්තවල හිලරි ක්ලින්ටන් 2016 වසරේ දී ලබාගත් ඡන්ද ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයක් ජෝ බයිඩන් ලබාගෙන තිබෙන බවට වාර්තා වන අතර මේ තත්ත්වය තුළ මෙවර මැතිවරණය වඩාත් තරගකාරී වනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...