කාට දුන්නත් රවීට ඇමතිකම් දෙන්න බෑ.. නමවත් කියන්න එපා.. රවීට ඇමතිකමක් දෙන්නැයි එජාප යෝජනාවට ජනාධිපතිගේ දැඩි විරෝධය.. එජාපය අවුලේ…
මීලග කැබනට් සංශෝධනයේදී කිසිසේත්ම හිටපු ඇමති රවි කරුණානායක මහතාට ඇමති ධුරයක් ලබා දීමට තමන් සූදානම් නැති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සදහන් කර ඇත.
අලූත් අවුරුද්දට පෙර දිනයක මේ සම්බබ්ධයෙන් සාකච්චා කිරීමට පැමිණි එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රබලයන් තිදෙනෙකු සමග ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.
විශ්වාස භංගයේදී ආණ්ඩුව බේරා ගැනීම සදහා රවි කරුණානායක මහතා ඉතා විශාල වැඩ කොටසත් සිදු කල බවත් ඔහුට එල්ල වී ඇත්තේ බැදුම්කර චෝදනාවක් නොව වෙනත් චෝදනාවක් බවත් එජාප ප‍්‍රබලයන් තිදෙනා ජනාධිපතිවරයාට එහිදී පෙන්වා දී ඇත.
ඊට ප‍්‍රතිචාර ලෙස ජනාධීපතිවරයා සදහන් කර ඇත්තේ කාට ඇමති ධුරයක් දුන්නද රවි කරුණානායකට ඇමති ධුරයක් දෙන්නට තමන් සූදානම් නැති බවත් ඔහුගේ නම කියනවාටත් තමන් විරුද්ද බවත් කිසිම හේතුවක් මත ඔහුට ඇමති ධුරයක් නොදෙන බවත්ය.
ඒ අනුව එම සාකච්චාව අවසන් වී ඇති අතර ජනාදිපතිවරයාගේ බිත‍්‍රාන්‍ය සංචාරයෙන් පසු නැවතත් මේ පිලිබද සාකච්චාවක් සිදු කිරීමට එජාපය බලාපොරොත්තුවෙන් සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...