නුවරඑළිය දිස්ත්‍රික්කයේ සීතාඑළිය රක්ෂිතයට මායිම්ව ඇති කටුමාන වනාන්තරයෙන් කොටසක් නිවාස ව්‍යාපෘතියකට ලබා දීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය පෙන්වා දෙයි. සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය පෙන්වාදෙන පරිදි කටුමාන වනාන්තරයේ හෙක්ටයාර 2.3656ක් නිවාස ව්‍යාපෘතිය සඳහා නිදහස් කිරීමට නියමිතව ඇත. එම ඉඩම් වලින් කොටසක් ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවට අයත් වේ.
මධ්‍යම කඳුකරයේ මුහුදු මට්ටමේ සිට අඩි 5000ට වඩා උසින් පිහිටි මෙම කැලෑ ඉඩම් ප්‍රදේශය අධි සංවේදී පාරිසරික කලාපයක් වන අතර පිඹුරුපත් අංක 2760 ට අනුව 478 ඒ, සීතාඑළිය ග්‍රාමසේවා වසමේ පිහිටි මෙම කටුමාන කැලේ ඉඩම උතුරට හා බටහිරට බේකස් ගොවිපලටත් දකුණට හා බටහිරට නෙස්බී වත්තටත් මායිම්ව පිහිටා ඇත. භූගෝලීය පිහිටීම අනුව නාය යෑමේ අවදානමක් පවතින බැවින් හා පාරිසරික පද්ධතියක් ලෙස හා සංරක්ෂණය කළ යුතු ප්‍රදේශයක් ලෙස එය නිවාස ව්‍යාපෘතියකට හෝ වෙනත් ඉදිකිරීම් කටයුත්තකට ලබා දීම නීතිමය වශයෙන් පාංශු සම්පත් පනත උල්ලංඝනය කිරීමකි.
මෙම පාරිසරික විනාශය පිළිබඳ සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවන් අදහස් දක්වමින් පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කරන්නේ විවිධ වගාවන් සහ හෝටල්, නිවාස ඉදිකිරිම සදහා ද සිතා එළය රක්ෂිතය අවට වරින් වර කැළැ ඉඩම් එළි කිරීමට කටයුතු කර ඇති අතර විවිධ අවස්ථා වලදී ඒවා නොයෙක් පුද්ගලයන්ට බදු දීමට ද කටයුතු කර ඇති බවයි. සංචාරක ආකර්ශනයක් ඇති නුවර එළිය ප්‍රදේශයේ මෙවැනි බොහොමයක් ඉඩම් වල අයිතිය වැවිලි සමාගම් හෝ ධනපතීන් සතු වන අතර ඒවා ලබා ගෙන ඇත්තේ ද නීති විරෝධී අයථා ක්‍රම වලින් බවයි කාරියවසම් මහතා පෙන්වා දෙන්නේ.
මධ්‍යම කඳුකරයේ දක්නට ලැබෙන කීන, දඹ, වල්සපු, වැල් උණ වැනි ශාක මෙම ප්‍රදේශය පුරා දක්නට ලැබෙන අතර කඳු හබු කුරුල්ලා, අදුරු නිල් මැසිමාරා, පිට කහ කොණ්ඩයා, ලංකා සිතාසීයා, දෑකැති දෙමළිචිචා වැනි ආවේණික පක්ෂි විශේෂ ගණනාවක් ද මෙම ප්‍රදේශය පුරා දක්නට ලැබෙන බව ඔහු පවසයි.
ක්‍රමානුකූලව එම වනාන්තර ප්‍රදේශ එළි පෙහෙළි කිරීම නිසා මේ වන විට ග්ලේන් දිය ඇල්ල සම්පුර්ණයෙන්ම සිදී ගොස් තිබේ. ලවර්ස්ලීප් ඇල්ලද සිඳීයාමේ තර්ජනයට මුහුණ දී සිටින බව රවින්ද්‍ර කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.
අනන්‍ය ජෛව විවිධත්වයකින් යුතු ජල පෝෂක ප්‍රදේශ වන මෙවැනි පාරිසරික කලාපයන් විනාශ කිරීම හේතුවෙන් දැනටමත් දේශගුණ විපර්යාසයන්ට ලක්ව සිටින රටක් ලෙස මෙවැනි පාරිසරික විනාශයන් තවදුරටත් අනුමත කිරීම ඉතා ලජ්ජිත තත්ත්වයකි. පාරිසරික අණ පනත් , සම්මුති සියල්ල පිළිබඳ ඉතා ඉහළින් කතා කළ ද එය තවදුරටත් මිනිසුන් මුලාකිරීමක් පමණක් බව මෙවන් කාරණා මඟින් ප්‍රත්‍යක්ෂ වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...