විදේශ පුවත්

ඊයේ (03 වැනිදා) පැවැති ඇමරිකා ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය පිළිබඳව විවිධ අනාවැකි පළවෙමින් තිබේ. ඒ අතුරින් බී.බී.සී. පුවත් සේවයේ සංස්කාරකවරයකු වන ජෝන් සොෆෙල් විසින් පළකර ඇති ‘2020 ජනාධිපතිවරණය පිළිබඳ ප්‍රධාන සිරස්තල තුන’ වෙත අන්තර්ජාතික තලයේ වැඩි අවධානයක් යොමුව තිබේ.

ජනාධිපතිවරණ ප්‍රතිඵලයේදී සිදුවිය හැකි ප්‍රධාන කරුණු තුන අතුරින් පළමු වැන්න ලෙස ඔහු දක්වා ඇත්තේ ඡන්ද විමසීම නිවැරදිව සිදුවී අඟහරුවාදා රාත්‍රියේදී ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමයි. ඔහු ඒ පිළිබඳව මෙසේ පවසා ඇත. ‘‘මෙම මැතිවරණ සමයේ ඡන්දදායකයකු වීම සෞදි අරාබි රූපවාහිනියක කාලගුණ අනාවැකි කියවන්නකු වීමේ උද්‍යෝගය ඇතිකරවනු ලබයි. ඔහුට අනුව ‘‘අද උණුසුම්ය. හෙටත් අව්ව සහ උණුසුම ඇත’’ ඒ ආකාරයෙන්ම පසුගිය පූර්ව මැතිවරණ ක්‍රියාවලියේදී බයිඩ්න්ට ජාතික වශයෙන් විශාල සහයෝගයක් හිමිව ඇත. ඔහුට ෆ්ලොරීඩා, ඇරිසෝනා සහ උතුරු කැරොලිනාවේ මෙන්ම විස්කොසින්, මිචිගන් සහ පෙන්සිල්වේනියාවේද එකලෙස සහය හිමිව තිබේ. ඉතින් අඟහරුවාදා ප්‍රතිඵලය මෙය වුවහොත් මම පුදුමයට පත් නොවෙමි’’

ජෝන්ගේ දෙවන අදහස වන්නේ රිපබ්ලිකන් අපේක්ෂක වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නොසිතූ ජයක් හිමිවීමය. ‘‘එය 2016 වැනිය. කෙසේ වෙතත් එහිදී ඡන්ද විමසීමේදී දෝෂ පැවැතිය හැකිය. එහිදී ඔහුගේ ජයග්‍රහණයේ යතුර පෙන්සිල්වේනියාව සහ ෆ්ලොරීඩාව වනු ඇත. ෆ්ලොරීඩාවේ ලතින් සම්භවයක් සහිත පුද්ගලයන් සමග මෙන්ම පෙන්සිලේවේනියාවේ සුදු කම්කරු පන්තිය සමග 2016ට වඩා හොඳින් ට්‍රම්ප් ගනුදෙනු කර ඇති බව පෙනේ. තැපැල් ඡන්දයේදී බයිඩ්න්ට පැහැදිලි වාසියක් ඇතත් යම් හෙයකින් ට්‍රම්ප් ජයග්‍රහණය කළහොත් මා පුදුමයට පත් නොකරන්නේ, ජෝ බයිඩ්න් කිසිසේත්ම ප්‍රබෝධමත් ප්‍රචාරකයකු නොවීමයි’’ යැයි දෙවැනි අදහස පැහැදිලි කරමින් ජෝන් පවසයි.

ජෝන්ගේ තෙවැනි අදහස වන්නේ දෙවැන්නේදී මෙන් ඡන්ද විමසීම නිවැරදි නොවී බයිඩ්න් ජයග්‍රහණය කිරීම පමණක් නොව විශාල වැඩි ඡන්ද ප්‍රතිශතයක් අත්පත් කර ගැනීමයි. ‘‘එය 1980දී ජිමී කාටර්ට එරෙහිව රොනල්ඩ් රේගන් ලැබූ ජයග්‍රහණයට සමාන වනු ඇත. නැතහොත් 1988දී මයිකල් ඩුකාකිස්ට එරෙහිව ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ලැබූ ජයග්‍රහණයට සමාන වනු ඇත.’’ යැයි ජෝන් සඳහන් කරයි.

මීට අමතරව ජනාධිපතිවරණයෙන් ජය ගැනීම සඳහා එක් අපේක්ෂකයකු ජයගත යුතු ‘මැතිවරණ විද්‍යාල 270වේ මැජික් අංකය’ පිළිබඳව ඔහු සිව්වන අදහසක්ද පළකර ඇත. ඔහු ඒ යටතේ පවසන්නේ යම් හෙයකින් ට්‍රම්ප් සහ බයිඩ්න් දෙදෙනාට 269 බැගින් ලබා ගැනීමේ අතිශය විරල අවස්ථාවක් පැවතිය හැකි බවයි. එවැනි අවස්ථාවක් උදාවීම කොවිඩ් -19 වසංගතය ඔස්සේ විය නොහැක්කක් ලෙසද ඔහු පෙන්වාදී ඇත.

මේ අතර පුවත්පත මුද්‍රණයට යන විට ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ කර ගෙවී තිබුණේ හෝරා කිහිපයකි. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වුවත් ඡන්දදායකයන්ගේ සැලකිය යුතු උනන්දුවක් තිබුණු බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More