කැරම් බෝඩ් ආනයනයේදී මහින්දානන්ද අළුත්ගමගේ මහතා කිසිදු වංචාවක් සිදුකර නොමැති බවත් තමා හිටපු ක්‍රිඩා අමාත්‍යවරයා වශයෙන් එය හොදින්ම දන්නා බවත් හිටපු ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය (FCID)යනු නීති විරෝධී ආයතනයක් බව තමන් එදාසිටම ප්‍රකාශ කළ බවත් එක්සත් ජාතික පක්ෂයේ වුවමනාවට දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම සදහා ස්ථාපිත කර තිබෙන නීති විරෝධි FCIDඑක වහාම විසුරුවා හැරීමට ක්‍රියාකළ යුතු බවත් දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමගිය වෙනුවෙන් විශාල කැපකිරීමක් සිදුකළ මහින්දානන්ද අළුත්ගමගේ මන්ත්‍රිවරයා අලුත් අවුරුදෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ වුවමනාවට බවත් එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය වී තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙසේ හෝ දෙකඩ කිරීමට බවත් දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයි පෙන්වා දෙයි.
FCID එකට පැමිණිලි ඉදිරිපත් කරන්නේ ආණ්ඩුවේම ප්‍රධානියෙකුගේ කාර්යාලයෙන් බවත් දේශපාලන ප්‍රතිවිරුද්ධවාදීන් ඉලක්ක කරගෙන සිදුකරන මෙම දේශපාලන දඩයමෙහි තිබෙන යහපාලනය කුමක්ද කියා තමන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවද දයාසිරි ජයසේකර මන්ත්‍රිවයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශකිරීමේ සුක්ෂම වැඩසටහනක් එක්සත් ජාතික පක්ෂය විසින් දියත් කර තිබෙන බවත් මෙම අත්අඩංගුවට ගැනීම එහි එක් පියවරක් බවත් ප්‍රකාශ කරන දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම දේශපාලන පළිගැනීම තරයේ හෙළාදකින බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...