ප‍්‍රධාන පුවත්

නොර්වේ රාජ්‍යය ඉතිහාසයේ දෙවැනි වතාවට සමහර ප්‍රදේශවල විදුලිය බිල ශුන්‍යය අගයෙන් පහළට ගොස් ඇති බව එරට මාධ්‍යය වාර්තා පවසයි. නෝර්වේ රාජ්‍යයේ දකුණු ප්‍රදේශයේ වාසය කරන නෝර්වේ වැසියන්ට මේ අනුව විදුලි බල නිෂ්පාදන සමාගම් විසින් භාවිත කරන විදුලිය ප්‍රමානයට අනුව ගෙවීම් සිදුකරන බවද මාධ්‍යය වාර්තා පවසයි. මේ අනුව ඔස්ලෝ සහ ක්‍රිස්ටිටියන්සෑන්ඩ් (Oslo and Kristiansand ) යන නගර ආශ්‍රිතව වෙසෙන ජනයාට පසුගිය සඳුදා අළුයම් කාලයේ මුල් පැය හතරක කාලයේ දී භාවිතා කළ විදුලිය ඒකක ගනන වෙනුවෙන් විදුලි බල සමාගම් විසින් මුදල් ගෙවීමට නියමිතව ඇත්තේය.

මෙය නෝර්වේජියානු ඉතිහාසය තුළ පාරිභෝගිකයන්ට තමන් භාවිතා කරන විදුලිය වෙනුවෙන් විදුලි බලය නිෂ්පාදිත සමාගම් විසින් මුදල් ගෙවූ දෙවන අවස්ථාව වන්නේය. මීට පෙර පසුගිය ජූලි මාසයේදීද නෝර්වේජියානු විදුලිය පාර්භෝගිකයෝ තමන් භාවිත කළ විදුලිය වෙනුවෙන් දිනකට එක් පැයකට පමණක් විදුලි බල නිෂ්පාදන සමාගම් විසින් ආපසු මුදල් ගෙවීමට කටයුතු කළෝය.

මෙවර නෝර්වීජියානුවන් මෙම දීමනාව ලැබීමට වාසනාවන්ත වූයේ කඳුකරයට අධික ලෙස හිම පතනය වීම,විදුලිබල අපනයනය සීමා වීම සහ නෝර්වේ රාජ්‍යයේ විදුලි පරිභෝජනය අධික ලෙස පහත වැටෙන ග්‍රීෂ්ම නිවාඩුව ලැබීම යන කාරනා හේතුවෙන් යැයි පැවසේ.

පසුගිය සඳුදා නෝර්වීජියානු ඉතිහාසයේ දෙවැනිවතාවට සිදුවූ විදුලිය මිළ “ශුන්‍ය” අගයෙන් පහළට වැටීම සිදුවූයේ අධික වර්ෂාව සහ දැඩි සුළං තත්වයක් නෝර්වේ රාජ්‍යයට ලැබීම නිසා බව පැවසේ. එලෙසම අසල්වැසි ස්වීඩන් රාජ්‍යයෙන් අධික ලෙස න්‍යෂ්ඨික විදුලි බලය ලබා ගැනීමද හේතුවක් වූ බව විශ්ලේෂකයෝ පවසති.තවද වෙනත් ග්‍රීස්ම සෘතු වලදීට වඩා වැඩි උෂ්නත්වයක් නෝර්වේ රාජ්‍යයට ලැබීම නිසාද විදුලි බලයට ඇති පාරිභෝගික ඉල්ලුම අඩු වීමද මෙම තත්වය ඇතිවීමට හේතු වී තිබේ.

නෝර්වේ රාජ්‍යයේ සංඛ්‍යා දත්ත වලට අනුව එරට විදුලි බල අවශ්‍යයතාවයෙන් 91.2% ජල විදුලි බලාගාර ආශ්‍රිතව නිපදවනු ලබන අතර 7.1% ක් නිපදවන්නේ සුළං බලයෙනි. තාප විදුලි බලාගාර වලින් 1.6%ක් පමණක් විදුලිය නිපදවේ.

එහෙත් නෝර්වේ රාජ්‍යය යනු බටහිර යුරෝපයේ විශාලතම ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු නිධි අයිති රාජ්‍යය වන්නේය.

ජීවන්ත ජයතිස්ස,
jeewanthaj@gmail.com
මූලාශ්‍ර http://Norwegians got paid to use electricity as prices fall below zero



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More